IMG-LOGO

මස් හොද්දේ නියපොත්තෙන් ජංජාලයක්

(හසලක වාර්තාකරු)
මිනිස් අතක ඇඟිල්ලක නියපොත්තක් මස් හොද්දක තිබී හමුවීම නිසා එයට උරණ වී කඩේ දී යකා නැටූ ගැමියකුට එය තමන්ගේ අතේ ඇඟිල්ලකින් ගැලවුණු නියපොත්තක් බව දැන ගැනීමට ලැබීමෙන් පසු කඩේ මුදලාලිට වැඳ සමාව ගැනීමට සිදුවූ පුවතක් හසලකට නුදුරු ගම්මානයකින් වාර්තා විය.


එදිනෙදා කුලියෙන් ජීවිකාව ගෙන යන හතළිස් අට හැවිරිදි වියේ පසුවන මොහු මෙදින පෙරවරුවේ නගරයේ තේ කඩයකට ගොඩ වූයේ ආහාරයට කිසිවක් ලබා ගැනීමටය. එහිදී ඔහුගේ ඉල්ලීම මත කඩේ මුදලාලි පරිප්පු හා මස් මිශ්‍ර හොද්දක් සමඟ පාන් ඔහුට ලබා දුන්නේය.


ගතවූයේ විනාඩි කීපයකි. කටට ගත් පාන් කෑල්ලක් සමඟ යමක් තදින් හැපෙන බව දැනී එය කටෙන් ඉවතට රැගෙන බැලූ විටදී දැක ගත හැකි වූයේ මිනිස් අතක ඇඟිල්ලක නියපොත්තක කෑල්ලක් බවය. ඒ සමඟම කටේ තිබුණු පාන් කෑල්ල ඉවතට දමා නියපොතු කෑල්ල අතට ගෙන මුදලාලි ඇතුළු එම අවස්ථාවේ කඩේ සිටි පිරිසට එය පෙන්වා මුදලාලිට බැණ වැදීමට පටන් ගත් අතර මෙය ලේසියෙන් අත නොහරින බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට මෙය පෙන්වා තමන්ට සිදුවූ අපහසුතාවට විශාල වන්දි මුදලක් ගන්නා බවටද මුදලාලිට ඔහු තර්ජනය කළේය.


සිද්ධියත් ඔහුගේ එම ගෝරනාඩුවත් අසා සිටි පිරිසගෙන් අයෙක් පැවැසුවේ ‘මාමා බලපන්කෝ උඹේ ඇඟිල්ලකවත් තිබ්බ නියපොත්තක් ගැලවිලා හොද්දට වැටිලාද කියලා’ යැයි පැවැසීය. ඒ සමඟම ඔහු තම අත දිගහැර බැලුවේ තම අතේ ඇඟිලිවල තිබූ නියපොතු පිළිබඳවය. එවිට ඔහුට ඉහ මොළ රත්විය.


‘හැබෑ නේන්නම් මේ මගේ මහපොට ඇඟිල්ලේ මම දිගට වවා තිබූ නියපොත්තනේ ගැලවිලා මස් හොද්දට වැටිලා තියෙන්නේ.’ යැයි ඔහුට ඉබේටම කියැවුණි.


‘අනේ මුදලාලි මල්ලි මට සමාවෙයන්. මගේ අතින් උඹට මහ ලොකු වැරැද්දක් වුණේ? මට සමාවෙයන්.’ යැයි කියමින් මුදලාලි ළඟට ගොස් පින්සෙන්ඩුවීම නිසා සිද්ධිය සමථයට පත් වුවත් එතැන් පටන් ඔහු දකින ගමේ කොල්ලෝ ‘ආ මාමා නියපොතු එක්ක ටවුමෙන් පාන් කෑවා කියන්නේ.’ යැයි ඔච්චමට කියන විට ඔහුට යකා නගින්නේය.



අදහස් (0)

මස් හොද්දේ නියපොත්තෙන් ජංජාලයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 22 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1558 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1684 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site