තිහගොඩ උපසේන ලියනගම
පෞද්ගලික බැංකුවක ආරක්‍ෂක නිලධාරියකු විලාසිතාකාරියකට දුන් අපූරු උපදේශයක් පිළිබඳව පුවතක් අසන්නට ලැබුණේ දකුණු පළාතෙනි.
කළු උපැස් යුවළක් පැළඳ තද රතු පාටින් දෙතොල් ආලේපන කරගත් මෙම විලාසිතාකාරිය සුඛෝපභෝගී මෝටර් රථයකින් පැමිණ රියැදුරු සමඟ බැංකුව තුළට යාමට ආවේ මුඛාවරණ නොමැතිවය.
මෙය දුටු ආරක්‍ෂක නිලධාරියා එහි පැමිණ ඇයට පෙන්වූයේ සෞඛ්‍යාරක්‍ෂිත දැන්වීමය. ‘‘වට්’’ කී ඇය මුඛාවරණ නැතිව ඇතුළුවීම තහනම් දැන්වීම දුටුවාය.
‘‘මාස්ක් දැම්මම කට වැහෙනවානෙ. මේක මගේ විලාසිතාව’’ කීවේ තම දෙතොල පෙන්වමිනි. ඒව හරියන්නෙ නෑ කාටත් නීතිය එකයි කී ඔහු ‘‘මට නීතිය ක්‍රියාත්මක කරන්න ඕනෑ’’ කීවේ තරමක තරහකිනි.
එහෙත් ඇය විවාදයකට සැරසුණාය. ‘‘හරි, එහෙනං නෝනා සුදු පාට මාස්ක් එකක් දාගෙන උඩින් රතුපාටින් තොල් පාට කරගන්න’’ කීවේ විවාදය අවසන් කරමිනි.
ඇය අන්දමන්ද වූ විට රියැදුරු වහා වාහනය වෙතට දිවගොස් මුඛාවරණයක් ගෙනැවිත් දුන්විට කළු උපැස්යුවළ යටින් ඇය ආරක්‍්ෂක දෙස බැලුවේ දැඩි විමසිලිමත් බවකින් මෙන්ම ලජ්ජාව මුසු කෝපයකිනි.
2025 නොවැම්බර් මස 04
78
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2020
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1562
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මාස්ක් නැති නෝනාට බැංකු ආරක්ෂක අපූරු උපදෙසක් දීලා