(හාරිස්පත්තුවේ මොහොමඩ් ආසික්)
තම වයෝවෘද්ධ මව මියගොස් දින දහයක් ගත වෙද්දී ඇය සතුව තිබූ රුපියල් ලක්ෂ හතරක් පමණ වටිනා රන් මාලය බෙදා ගැනීම සඳහා ඇයගේ දරුවන් නව දෙනා පොලිසි යාමේ පුවතක් කන්ද උඩරට පොලිස් ස්ථානයකින් වාර්තා වෙයි.
වාර්තා වන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේයි.
ඇය වයස අවුරුදු 80 ක් පමණ වන දරුවන් නව දෙනෙකුගේ මාතාවකි. දරුවන් නව දෙනෙකු මෙලොවට දායාද කර ඇති ඇය ඔවුන් උස් මහත් කර උසස් අධ්‍යාපනයක් ද ලබා දී සමාජයේ උසස් තනතුරු දරන දරුවන් බවට ද පත් කළාය.
ටික කලක් රෝගාතුරව සිටි ඇය පසුගිය දා අභාවප්‍රාප්ත වූවාය.
මවගේ වියෝවෙන් දින 10 ක් ගත වෙද්දී ඇය සිය ගෙලෙහි පැලැඳ සිටි රුපියල් ලක්ෂ හතරක් පමණ වටිනා රන් මාලය බෙදා ගැනීම සම්බන්ධයෙන් දරුවන් අතර ආරාවුලක් හට ගෙන තිබේ.
මෙම ආරාවුල විසඳා ගැනීම සඳහා දරුවන් නව දෙනා ප්‍රදේශයේ පොලීසිය වෙත ගොස් ඇති අතර පොලිස් නිලධාරින් සමාජයේ උසස් තැන්වල සිටින දරුවන් නව දෙනාට උපදෙස් ලබා දී පිටත් කර ඇත්තේ මෙවන් ක්‍රියාවලින් තමන් මෙලොවට බිහි කර උසස් අධ්‍යාපනයක්ද දී සමාජයේ උසස් තැනක තබා මෙලොවින් සමුගත් තම මෑණියන්ට අවමානයක් නොකරන ලෙස අවවාදයක් ද දෙමිනි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
මව මියගියාම දරුවෝ මාලෙ බෙදාගන්න පොලිසි ගිහින්