(අම්බලන්ගොඩ ධර්මදාස සිරිවර්ධන)
ඇය රූමත් නාඹර වියේ තරුණියකි. බැලූ බැල්මට වයස අවුරුදු 16 ක් තරම් වූ ඇය ගම්බද ප්‍රදේශයකින් පැමිණ පංති යන දැරිවියක් යැයි අනුමාන කළ හැකිය.

පොත් බෑගයද කරේ එල්ලාගත් ඇය තරුණයකු සමග දෑත් පටලවාගන රත්ගම මුහුදු තීරයේ ඒ මේ අතට ටික වේලාවක් තාලයකට ගමන්කළේ තොදොල් වෙමිණි.
මෙම තරුණ ගැටවරයාගේ කරෙහිද බෑගයක් එල්ලෙමින් තිබිණි. ඔහුගේ කොණ්ඩය දිගට වවා පාට කර තිබූ අතර කනේ කරාබුවක් ද දිලිසෙමින් තිබිණි. තැනින් තැන ඉරුණු නවීන විලාසිතා කලිසමකින් සැරසී සිටි ඔහු බැලූ බැල්මට රස්තියාදුවට බර වූ අයෙකු බව පැහැදිලිය.
කෙසේ වුවද දෙදෙනාම වැටකේ පඳුරක පිහිටෙන් පැයක පමණ කාලයක් පෙම් සුව විඳිමින් සිට නැවත ගල් තලාව මතට පැමිණියේ දිවා ආහාරය ගැනීම පිණිසය. ටික වේලාවකින් තරුණියගේ බෑගයෙන් එළියට ගත් පාර්සලයක් ඈතට විසිවූයේ විදුලි වේගයෙනි. අනතුරුව තරුණයාගේ බෑගයේ තිබූ ප්‍රයිඞ් රයිස් පැකට්ටුවේ රස බැලුවේ එකිනෙකාට බත් කටවල් කවා ගනිමින් අමෘතයක රස විඳින්නාක් මෙනි.
මෙහි අරුමය එය නොවේ. මෙම තරුණියගේ පෙම්වතා විසින් විදුලි වේගයෙන් ඈතට විසිකර දැමුවේ තරුණියගේ අසරණ මෑණියන් විසින් උදේ දහඩිය පෙරාගෙන අමාරුවෙන් උයා කෙසෙල් කොළයක ඔතා දුන් බත් පතය. එය යන එන අයට පෑගෙමින් තිබුණද බල්ලන් විසින් රසකරමින් කන අයුරු අවට සිටියවුන්ට දැකගත හැකිවිය.
සිද්ධිය දැනගත් විහාරස්ථානයේ හිමිපාණන් පැවසුවේ තම මෑණියන් ද ඒ ආකාරයෙන්ම විසිකර දැමීම මෙවැනි අයට සුළු කාරණාවක් බවයි.
විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේ රංදොඹේ ප්‍රදේශයේදී මේ සිද්ධිය අළලා දරුවන්ට දැනෙන සේ ධර්ම දේශනාවක් ද කළ බව පසුව දැනගන්නට ලැබුණි.
2025 දෙසැම්බර් මස 04
740
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මව දුක්විඳ දුවට දුන් බත්පත වෙරළපුරා
ලක්ශාන්‍ර් Saturday, 03 November 2018 06:09 AM
ගෙදරින් පිට ඇවිල්ලා කඩෙන් කෑම කන අපි ගෙදරකින් ගේන කෑම එකක් කන්න ආසාවෙන් බලන් ඉන්නවා.. මෙයාලා ඒක විසිකරලා දාලා කඩේ බත් එක කනවා.