IMG-LOGO

මවුපියන් එක්ක ගෝරි දැම්මාට පොලිසියේදී පොතක් වැටිලා

(හක්මන විශේෂ දෙනගම යසන්ත ආරියසේන)
මවුපියන්ට තර්ජනය කර මුදල් ඉල්ලාගෙන ගොස් දිනපතා බීමතින් පැමිණ මවුපියන්ට සහ සහෝදරියට බැණ වදිමින් කලහකාරී ලෙස හැසිරුණු තරුණයකුට, එදිනෙදා කරන ක්‍රියා පොතක සටහන් කිරීමට සිදු වූ පුවතක් හක්මන පොලිසියෙන් වාර්තා වේ.


තරුණයාගේ නිවෙසේ වැඩිහිටියන් පොලිසියට කළ පැමිණිල්ලකට අනුව තරුණයාත් ඔහුගේ පියා හා සහෝදරියත් කැඳවා විමර්ශනයක් කළ බවත්, අවිවාහකයකු වන තරුණයා මවුපියන්ගෙන් සහ සහෝදරියගෙන් මුදල් ඉල්ලා කරද කර ඇති බවත් මෙහි දී හෙළිදරව් විය. 


තර්ජනය කර ඉල්ලා ගන්නා මුදල්වලින් මිතුරන් සමග මත්පැන් පානය කර සවස නිවෙසට පැමිණ ආහාර සඳහා සකසා ඇති කෑම හොඳ නැති බව පවසා කලහකාරී ලෙස හැසිරෙමින් නිවෙසේ ඇති බඩු බාහිරාදියට හා උපකරණවලට පහර දෙමින් හානි සිදුකරන බව විමර්ශනයේදී අනාවරණය විය.


තරුණයා අධිකරණයට ඉදිරිපත් නොකර දැඩිව අවවාද කරන ලෙස පියා සහ සහෝදරිය ඉල්ලා සිටි අතර, තරුණයා පොලිසියේදී තම පියාගේ සහ සහෝදරියගේ දෙපාමුල වැඳ වැටී නැවත වැරැදි නොකරන බවට පොරොන්දු වී සමාව අයැද සිටියේය. 


පොලිසිය තරුණයාට කරුණු අවබෝධ කර දී දැඩි ලෙස අවවාද සිදු කර තරුණයා එදිනෙදා කරන ක්‍රියා පිළිබඳව නිවැරැදිව තොරතුරු සටහන් කිරීමට පොතක් සකසා තබාගන්නා ලෙස ද උපදෙස් දුන්නේ, එය සතියකට වතාවක් ගෙනැවිත් පෙන්වන ලෙසට ද දන්වමිනි. තරුණයාගේ පියා සහ සහෝදරිය පොලිසියට ප්‍රසංශාව පළ කරමින් තිදෙනාම සතුටින් පිටව ගියහ.



අදහස් (0)

මවුපියන් එක්ක ගෝරි දැම්මාට පොලිසියේදී පොතක් වැටිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

දන්සලේ පොල් ගෙදර බාගෙන
2025 මැයි මස 14 316 0

වෙසක් දන්සල මුවාවෙන් සිය නිවසේ පොල් ප්‍රශ්නය මාසයක් දෙකක් ආවරණය කර ගැනීමට ගොස් කළ සොරකම නිරාවරණය වී අලි අමාරුවක වැටුණු දන්සල් සංවිධායකයකු පිළිබද කතා


වැඩි තණ්හාවට සිල් රෙද්දත් අහිමිවෙලා
2025 මැයි මස 13 189 1

අධික තෘෂ්ණාව නිසා නොමිලයේ දෙන සිල් රෙදි කට්ටලය අහිමි කරගත් කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට ලැබේ.


උපාසකගේ අනග රැගුම මාට්ටු වී කොස්ස කැඩෙනකම් ගුටි දීලා
2025 මැයි මස 10 207 1

වෙසක් උත්සවය නිමිත්තෙන් මරණයට කැපවූ ගවයකුට අභයදානය දීමට මුදල් ආධාර එකතු කිරීමට ගිය උපාසක මහතකු යාබද නිවසකට රිංගා කාන්තාවක සමග අනගරැඟුම් පාමින් සිටිය


ආච්චි කිව්වාම මල පැනලා
2025 මැයි මස 10 97 0

වැඩිහිටි කතකට ‘ආච්චි‘ යැයි පැවසීම නිසා ත්‍රීරෝද රථයකින් ගෙන ගිය අපේක්ෂකයාගේ පක්ෂයට ඡන්දය නොදී වෙනත් පක්ෂයකට ඡන්දය දීම නිසා හොඳ පරිප්පුවක් කෑමේ පුවත


ලණු කා ඡන්දයෙන් පැරදී යක්ෂාරූඪවෙලා
2025 මැයි මස 10 94 0

වටේ පිටේ අය තමන් ගොඩ එ්මට නොහැකි අයුරින් අන්දා ඇති බව දැනගත් මෙවර ප්‍රාදේශීය සභා මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයකුට යක්ෂාවේශ වී කළ අපූරු ක්‍රියාවක් පි


පරණ පෙම්වතාගේ ගෙදරින් මනාපේ ඉල්ලා ජංජාලයක්
2025 මැයි මස 10 102 0

පළාත් පාලන ඡන්ද සමයේ මනාපය ඉල්ලා ගෙන් ගෙට ගිය අපේක්ෂිකාවක් තම පරණ පෙම්වතෙකුගේ නිවසට ගොස් සිදු වූ අකරතැබ්බයක් පිළිබඳව දකුණේ පිටිසරබද ගමකින් පසුගියදා


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1383 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1593 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 413 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site