IMG-LOGO

2025 සැප්තැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා


මවගේ මිනී පෙට්ටියෙනුත් මාටියා ගහලා


කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත



සිය මවගේ මිනී පෙට්ටියෙන් මාටියා ගසා අලි අමාරුවක වැටුණු පුදුම පුතකු පිළිබද පුවතක් දකුණේ ගමකින් අසන්නට ලැබේ.
මේ මවට පුතුන් තිදෙනෙකි. එක් අයෙක් පිටරටය. අනෙක් දෙදෙනා මෙරටය. මව මියගියේ මෙරට සිටි පුතුන් දෙදෙනාගෙන් එක් අයෙක් ළඟය. පිට රට සිටින පුතා මව ජීවත්ව සිටියදී සිය මවට අවශ්‍ය දේ රැගෙන දීමට මුදල් එව්වේය. ඒ මව සිටි පුතාට නොව අනෙක් පුතාටය.
මව මියගිය පසු පිට රට ඉන්න පුතා මුදල් එවන සිය සහෝදරයාට කතා කොට පැවසුවේ මවගේ අවසන් කටයුතු ලස්සනට පිළිවෙළට කරන ලෙසය. යන වියදම තමන් දරන බවය. ඒ අනුව ඔහු සියලු‍ දේ කළේය.
මේ මවගේ අවසන් කටයුතු අවසන් විය. මව ළඟ සිටි පුතුටද මවගේ මරණය නිසා මුදලක් වියදම්විය. අතමාරුවට ඉල්ලා ගත් මුදල් ඔහු ඒ සඳහා වියදම් කළේය. ඔහුට එම මුදල් ආපසු දීමට අවශ්‍ය විය. මේ පුතා ඒ සඳහා කළේ සිය ආයතනයෙන් හදිසි ආපදා ණය මුදලක් ඉල්ලීමය. ඒ සඳහා කාරණය ලෙස පෙන්වා තිබුණේ මවගේ මරණයට ගිය වියදම්ය.
මවගේ මරණයට අනෙක් වියදම් සඳහා බිල්පත් නොලැබුණත් මිනී පෙට්ටිය සඳහා බිල්පතක් ලබා ගත හැකි බව ඔහු සිතුවේය. ඒ අනුව ඔහු අම්මා සඳහා මිනීපෙට්ටිය මිලදීගත් ආයතනය වෙත ගියේය. කාරණය කීවේය. එවිට එම ආයතනයේ අයිතිකරු කීවේ මව සඳහා ලබාගත් මිනී පෙට්ටියට තවමත් මුදල් නොලැබී ඇති බවය. පිටරට ඉන්න සොහොයුරා පෙට්ටිය සඳහා මුදල් ලබාදීමට සිය සොහොයුරාට එක්ලක්ෂ අසූදහසක් එවූ බව ඔහු මල් ශාලා හිමිකරුට කීවිට මල් ශාලා හිමිකරු ඔළු‍වේ අත තබා ගත්තේය.


අයියෝ මහත්තයෝ අපි පෙට්ටිය දුන්නේ රුපියල් අසූ දහසකටනේ මේ හාදයා අම්මගේ පෙට්ටියෙනුත් ලක්ෂයක් ගහලානේ. ඒක ඔය ගොල්ලන්ගේ ප්‍රශ්නයක් මට පෙට්ටියේ සල්ලි ටික ඉක්මනටම දෙන්න කියන්න. එතකොට මම මහත්තයාට ණය ගන්න බිල් පත දෙන්නම් යයි මල් ශාලා හිමිකරු කීවේය.
සිය සොහොයුරා සිය මවගේ මිනී පෙට්ටියෙන් රුපියල් ලක්ෂයක් ගසා ඇති බව පිටරට සිටි සහෝදරයාට ද කනින් කොනෙන් ආරංචිය ගියේය. කලකිරුනු ඔහු දැන් අර සොහොයුරාට මාසිකව එවූ මුදල කපා දමා තිබෙනවාලු‍.

 



අදහස් (0)

මවගේ මිනී පෙට්ටියෙනුත් මාටියා ගහලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 349 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16567 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 626 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site