IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


මවගේ පින් පඩියට විද්ද පුතයි-ලේලියි ගමෙනුත් මාරුවෙලා

(හක්මණ විශේෂ දෙනගම යසන්ත ආරියසේන)
වයෝවෘද්ධ මවට ලැබෙන වැඩිහිටි දීමනාව වංචා කළ පුතෙක් හා ලේලියක පිළිබඳ කතා පුවතක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවිය.


මවට සැලකීමට අවශ්‍ය බව සඳහන් කරමින් දැනට වසර කිහිපයකට පෙර තම නිවසට මව කැඳවාගෙන ආවත් ඇයට සැලකිලි හිමිවූයේ මාස කිහිපයකි. ලේලිය සහ නැන්දනිය අතර නිතර අඬදබර ඇතිවන්නට ද විය. වැඩිහිටි දීමනාව ලබාගැනීමට යාමට ඒමට අපහසු බව පවසා එය පුතාට ලබාගැනීමට හැකිවන ලෙස ක්‍රමයක් තරුණ යුවළ සකස්කර ගත් අතර මුල් මාස කීපයේදී එම ක්‍රමය භාවිතා කරමින් මුදල් රැගෙනවිත් මවට ලබාදීම සිදුකළේය.


අසූවන වියත් ඉක්මවා සිටි මවට රජයෙන් මාසිකව ලැබුණේ රුපියල් එක්දහස් නවසියයක මුදලක් පමණි. ඇය එම මුදලින් කොටසක් කෙසේ හෝ බැංකු ගිණුමක තැන්පත් කර කීයක් හෝ ඉතිරි කර ගැනීමට පුරුදුව සිටියාය. ඇයගේ බැංකු ගිණුම් පොත ලේලියට හසුවී ඇති අතර එහි මුදල් ද ගැනීමට උපක්‍රමයක් ඇය සැලසුම් කළාය. සැලැස්මට අනුව මව සමග බද්ධ ගිණුමක් ආරම්භකර පුතාට මුදල් ලබාගැනීමට හැකිවන ලෙස සැලසුම ක්‍රියාවට නැංවීමට තරුණ යුවළ කටයුතු කළහ.


රජයෙන් ලැබෙන දීමනාව මාස කිහිපයකින් තමන්ට නොලැබුණු නිසා ඒ පිළිබඳව සොයා බැලීමේදී මවට දැනගන්නට ලැබුණේ එම මුදල පුතා ලබාගෙන ඇති බවයි. ඊට අමතරව තම ගිණුමේ ඇති මුදල් ද ලබාගෙන ඇතැයි හෙළිවිය. අසරණ මව නීතියේ පිහිට පැතුවාය. පුතා සහ ලේලිය නීතිය ඉදිරියේ සියල්ල පිළිගත් අතර දින කිහිපයක් තුළ ලබාගත් සියලුම මුදල් නැවත ලබාදෙන බවට පොරොන්දු වී සිද්ධිය සමථයකට පත්කර ගැනීම සිදුවුවද ගම්වැසියන්ට සිද්ධිය සැලවීම නිසා එල්ලවූ දැඩි දෝෂාරෝපණ හේතුවෙන් යුවළ එම ගම්මානයෙන් පිටවී ගොස් වෙනත් නිවසක වාසය කරන බැව් පැවසේ.



අදහස් (2)

මවගේ පින් පඩියට විද්ද පුතයි-ලේලියි ගමෙනුත් මාරුවෙලා

shantha Saturday, 01 June 2019 07:03 AM

මේක අලුත් දෙයක් නොවේ පින් පඩියට පෙන්සන් පඩියට විදින දරුවන් බොහොම ඉන්නවා . ඉදිරියටත් මේ වගේ දේවල් ගොඩක් වෙන්න පුළුවන් මොකද ළමය උපන්දා ඉඳල අර පන්ති මේ පන්ති යවල දරුවන්ගේ මොලේ කොලොප්පන් කලාම උනාම ළමයි අම්මල තාත්තල ගණන් ගන්නෙත් ඔයවගේ තමයි

:       0       0

sampath Monday, 03 June 2019 10:32 AM

මේ වගේ පොඩි මුදලක් වැඩිහිටියන්ට කෙසේවත් ප්‍රමාණවත් නැහැ. කොහොම වුණත් මේ සුළුමුදලක් ගන්න තරම් දරුවන් පෙළඹෙන්නේ නැති බැරිකම නිසයි. මේවගේ දේවල් දිහා උපේක්ෂාවෙන් බලන්න ඕනේ වගේම පුළුවන් අය උදව් කිරීම කළ යුතුයි.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 318 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 100 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 787 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site