(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
දැඩි සංචරණ සීමා මැද මල්ශාලාවක හිමිකරුටත් හොර රහසේ මල්ශාලාව ඇතුළේ කසිප්පු පෙරා විකිණීමේ යෙදුණු සේවකයකු ගෝඩා බැරලයක් සමග අත්අඩංගුවට ගැනීමට ගම්පහ දිසාවේ පොලිසියකට පසුගියදා හැකි විය.
ප්‍රදේශයේ අවමංගල කටයුතු සිදු කෙරෙන මල්ශාලාවක හොර රහසේ කසිප්පු පෙරණ බවට ලත් තොරතුරක් අනුව පොලිස් පිරිසක් කළ වැටලීමකදී මේ බව හෙළි වී ඇත.
පොලිසිය යන අවස්ථාවේදී පෙරීමට සූදානම් කෙරුණු ගෝඩා බැරලයක් හා උපකරණ කිහිපයක් සොයා ගැනීමට හැකි වී ඇත. සංචරණ සීමා පැවැතියදී කලක් තිස්සේ ඉතාමත් රහසිගතව සේවකයා මල්ශාලාවේ පසෙක කසිප්පු පෙරා විකුණා ඇති බව ද මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත.
පොලිස් පරීක්ෂණ කෙරෙද්දී කසිප්පු පෙරූ බව කියන සේවකයා ඉදිරිපත් වී ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරු හා භාණ්ඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
මල් ශාලාව ඇතුළේ කසිප්පු පෙරලා
ganegoda Sunday, 27 June 2021 06:18 PM
ඉස්සරනම් කටුස්සන්, ගැරඬින්, තලගොයින් වගේ සත්තු දාලා තමයි මේ බීම පදමට හදාගත්තේ. ඒත් දැන් එම්බාම් කරනකොට බඩෙන් එළියට ගත්ත ඒවා යවා ඔක්කොමත් එකට දානවලු... එහෙනම් චියර්ස්...!!!