කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
ඉන්ධන අර්බුදය හමුවේ සිය සේවකයාගේ පියාගේ මළගමට සහභාගිවීමට නොහැකිවීම නිසා තමාගේ හා ආයතනයේ සෝකය ඇතුළත් වටිනා මල් වඩමක් තබන්න කළ ඉල්ලීම අකුරටම ඉටු නොකර එහි මුදල් ගල්කර ඇඟ රත්කර ගෙන නාගත් සේවකයන් දෙතුන් දෙනකු ගැන අපූරු පුවතක් දකුණු පළාතෙන් වාර්තාවේ.

ආයතනය අගනුවරේය. මළගම දකුණේ ඈත කෙළවරේය. හද්දා පිටිසරය. අගනුවර සිට එහි යාමටනම් කිලෝමීටර් දෙතුන්සියක් අනිවාර්යයෙන්ම පසු කළ යුතුමය. ඒ සඳහා පිච්චිය යුතු තෙල් ලීටර් ගණන දන්නේ උඩ ඉන්නා දෙවියන්ය. මේ කාලයේ හැටියට ඒසා විශාල තෙල් කන්දරාවක් සපයා ගැනීමට අසීරු නිසා ආයතන ප්‍රධානියා කල්පනා කළේ සිය සේවකයාගේ පියාගේ මළගමට සහභාගී නොවීමටය.
මේ මළගමට සහභාගිවීමට ඒ කිට්ටු ප්‍රදේශවල සේවකයන් දෙතුන් දෙනෙක් නම් කරේ ඔවුනට රාජකාරි නිවාඩුද අනුමත කරමිනි. තමාගේ හා ආයතනයේ සෝකය දැක්වෙන වටිනා මල්වඩමක් තැබීමට ඔවුනට මුදල් ලබාදීමටද ආයතන ප්‍රධානියා කටයුතු කළේය.
මළගමට සහභාගිව රාජකාරියට වාර්තා කළ සේවකයන් දෙතුන් දෙනා ආයතන ප්‍රධානියාගේ කාමරයට එදා ගොඩවූයේ තමන් සිය සේවකයාගේ මළ ගෙදර වෙනුවෙන් කළ කැප කිරීමට ලකුණු දාගන්නය. මේ මළගමට සහභාගිවූ යාබද ගමේ සේවිකාවක්ද ලොක්කාගේ කාමරයට මේ අය සමග රිංගුවේ තමා මළගමට සහභාගිවීමට ගත් ආයාසය ගැන පම්පෝරියක් ගැසීමටය.
හා මම ඔයගොල්ලන්ට ස්තූතිවන්ත වෙනවා මළගමට සහභාගීවීම ගැන. කොහොමද ආයතනය වෙනුවෙන් තිබ්බ මල්වඩම. අපි දුන්නු සල්ලි මදිවුණාද ඒක ගන්න යයි ආයතන ප්‍රධානියා ඔවුන් අපේක්ෂා නොකළ කාරණයක් ගැන අසා සිටියේය.
ඔවුන්ගේ මුහුණ බැලූ සේවිකාවක මොකක්ද මල්වඩම අපේ ආයතනයෙන් මල්වඩමක් තියලා තිබුණේ නැහැනේ යයි ඇය දොඩවාගෙන ගියාය. ඒ සමගම පිරිසට හීන් දහදිය දැම්මේය.
සර් මළගෙදර නිදි මරන්න ඇඟ රත්කර ගැනීමට අපිට සල්ලි තිබුණේ නැහැ. අපි ඒ සල්ලි ටික ඒ සඳහා ගත්තා. සර්ට කියන්න කියලා තමයි හිතන් හිටියේ යයි ඔවුන් කීවේ තැනට ඔබින බින්නයක් ඇද බාමිනි. මනුස්සයෝ ඒ ගැන මට කිව්වනම් මම සල්ලි දෙනවනේ. කරපු වැඩේනම් මට වගේම මේ ආයතනයේ හැමෝටම හොඳ නැහැ යයි කියමින් ඔහු දොස් පැවරුවේය.
2025 නොවැම්බර් මස 04
78
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2020
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1562
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මල් වඩම ගන්න ලොක්කා දුන්න සල්ලිවලින් සේවකයෝ අඩි ගහලා