IMG-LOGO

මල් පොකුරකට ගෑනු ගහගෙන

(හසලක සුනිල් ඒකනායක)
කාන්තාවන් දෙදෙනකු රැගෙනවිත් තිබූ මල් පොකුරු දෙකක් නිසා වෙන්නට ගිය මහ විනාශයක් ගැමියන් කිපදෙනකුගේ මැදිහත්වීමකින් වැළකී ගිය පුවතක් මහනුවර දිස්ත්‍රික්කයේ එක් ගමකින් වාර්තා විය.


ගමේ සුබසාධනය වෙනුවෙන් ගමේ පිරිස එකතුව ස්වේච්ඡා සංවිධානයක් පිහිටුවා ගත්හ. මෙහි සාමාජික සාමාජිකාවන් මාසයකට වරක් ප්‍රජාශාලාවට එක්වී ඉදිරි වැඩසටහන් ගැන සාකච්ඡා කරන්නේ ගමේ ප්‍රගතිය වෙනුවෙනි.


මෙදිනද පෙර පරිදි රැස්වීම සඳහා ඇය පැමිණෙන විට ප්‍රජාශාලාවේ සාමාජික සමාජිකාවන් කීප දෙනකු පමණක් සිටි අතර සාමාජිකාවක් රැගෙන ආ මල් පොකුරක් සභාපතිවරයා මූලාසනය දරන මේසය මත තිබූ මල් පෝච්චියට දමා එය ලස්සනට සකස් කර නැවත විනාඩි කිපයකින් පැමිණෙන බව හිතවතියකට පවසා  ශාලාවෙන්  පිටව ගියාය.


ඇය ගොස් විනාඩි කිපයකින් වෙනත්  සාමාජිකාවක් පැමිණ ඇයද රැගෙන ආ මල්  පොකුර තැබීමට මල්පෝච්චිය සොයා බලනවිට එහි මල් පොකුරක් තිබෙනු දැක එය එයින් ඉවත් කර පසෙකට විසිකරදමා තමන් රැගෙන ආ මල්පොකුර පෝච්චියේ තැබීමට කටයුතු කළාය.


සභාපතිවරයාගේ පැමිණීමත් සමග රැස්වීමේ වැඩකටයුතු ආරම්භ විය. ගතවූයේ තවත් විනාඩි කිපයකි. පළමු මල් පොකුර තැබූ සාමාජිකාව නැවත රැස්වීම් ශාලාවට පැමිණි විට ඇයට දැක ගන්නට ලැබුණේ දැනට විනාඩි කීපයකට කලින් තමන් රැගෙනවිත් මල් පොච්චියේ දැමූ මල් පොකුර ශාලාවේ පසෙකට විසිකර දමා බිමවැටී ඇති බවයි. 


මෙයින් උරණ වූ ඇය එක්වරම ශාලාවට කඩාවැදී මේසය මත තිබූ මල්පොච්චියේ තිබූ මල්පොකුර ඉන් ඉවත්කර පිටතට වීසිකර තමන් රැගෙනවිත් දැමූ මල් පොකුර එළියට විසිකළේ කවුදැයි කියා විමසා තිබේ.


එවිට සාමාජිකයකු පැවසුවේ අසවල් කෙනා ඒ ක්‍රියාව කළ බවයි. ඒ සමගම මල් පොකුර විසිකළා යැයි පැවැසූ සාමාජිකාව වෙත වේගයෙන් දිව ගිය ඇය එම සාමාජිකාවගේ කෙස්වැටියෙන් අල්ලා “මොකද්ද යකෝ මේ කරපු පාහර වැඩේ.” යැයි කියමින් ඇයට පහර දෙන්නට වූවාය.


අසල සිටි සාමාජිකාවන් කිපදෙනකු වහා මැදිහත් වී ගැටුමේ පැටලී සිටි කාන්තාවන් දෙදෙනා පසෙකට කර වෙන්නට ගිය මහා ගැටුමක් නතර කිරීමට පියවර ගත් අතර පසුව සභාපතිවරයා ප්‍රමුඛ නිලධාරි මණ්ඩලය මැදිහත් වී ඔවුන් දෙදෙනාගේම කරුණු විමසා දෙදෙනාටම උපදෙස් දීමෙන් පසු සිද්ධිය සමථයකට පත්විය.



අදහස් (1)

මල් පොකුරකට ගෑනු ගහගෙන

kapila Thursday, 22 April 2021 11:21 AM

මෙවැනි දේට ප්‍රධාන හේතුව මිනිස්සුන්ගේ ඇති නූගත්කම සහ මාන්නයයි.

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 86 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 16 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 672 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site