IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


මැරුණ සැමියා ඇමතුමක් දීලා

(මීරිගම විශේෂ - පුෂ්පකුමාර මල්ලවආරච්චි)
මියගිය සැමියාගෙන් දුරකතන ඇමතුමක් ලැබීමේ හේතුවෙන් වික්ෂිප්ත වූ බිරියක පැමිණිල්ලක් කරන්නට පොලිසි ගිය සිද්ධියක් පිළිබඳව පසුගියදා සියනෑවේ ගම්මානයකින් වාර්තා විය.


වසර ගණනක් ආදරයෙන් බැඳී සිටි යුවළකි. මේ යුවළට දරු මල්ලන් නොවීය. දරු මල්ලන් නැතත් මේ යුවළ ඥාති දරුවන් කෙරේ දැක්වූයේ මහත් ඇල්මකි.


වසරකට පමණ ඉහතදී සැමියා මියගියේ හදිසියේමය. සැමියාගේ මරණය බිරියට මහත් ශෝකය දනවන කරුණක් වූයේය. අසල්වාසී නෑදෑ හිතවතුන්ගේ එකතුවෙන් යුතුව සැමියාගේ අවසන් කටයුතු කෙරිණි. 


හත්දින මෙන්ම තෙමස් දානයේ කටයුතු ද මහ හරසරින් සිදු කරනු ලැබුයේ බිරිය සැමියාගේ ගුණ ගයමිනි.


ඔහුට වැඩි ළෙන්ගතුව සිටි දරුවකුට ඔවුන්ගේ දේපළෙන් වැඩි කොටසක් දෙන බව කලින් කියා තිබූ නිසා ඒ දරුවා සිටියේ මහත් බලාපොරොත්තු ඇතිවය. තෙමස් දානයෙන් පසු තවත් පවුලක දරු මල්ලන් මේ කාන්තාවගේ සියලු ඕනෑ එපාකම් සොයා බලන්නට වූයේ කිසියම් සිතිවිල්ලක් ඇතිවය. මාස දෙක තුනක් යද්දී ඇගේ දේපළ මේ පවුලේ අය අතට පත් කරගන්නට හැකිවූයේ ඒ නිසාය.


කොරෝනා වසංගතය නිසා සැමියාගේ මරණයෙන් වසර පිරීමේ දානයේ කටයුතුවලට බාධාවක් වූයේය. ඒ නිසාම බිරිය දානය පන්සලට ගොස් පූජා කරනු ලැබුවේ සිතේ සතුටින් නොවීය. සැමියාගේ දානය හරසරින් යුතුව කරන්නට නොලැබීම ගැන බිරිය සිටියේ මහත් සිත් වේදනාවෙනි. මේ අතර දිනක ඇගේ ජංගම දුරකතනයට ඇමතුමක් ආවේය. 


‘මැණිකේ මම කතා කරන්නේ’ පිරිමි කටහඬක් ඇසිණි. ‘කවුද’ ඇය ඇසුවාය. ‘අනේ මම මේ’ කියා පිරිමි කටහඬ ළයාන්විතව සැමියාගේ නම සඳහන් කිරීමත් සමග බිරියට සිහි එළවා ගන්නට බැරි වූවාය. ‘ඇයි අනේ පොරොන්දුව කඩලා ඉඩකඩම් වෙන කාටවත් දුන්නේ’ සැමියා විමසීය. ඒ සමගම ඇමතුම විසන්ධි විය. 


‘අනේ මගේ මහත්තයා මට කතා කළා.’ ඇය අසල්වැසි සියල්ලටම කීවාය. 


මැරුණු අය කෝල් කරන්නේ කෙසේද කියා අසල නිවසක පුංචි පුතකු පැවසීමත් සමග ඇගේ සිහි කල්පනාව ආවේය. මෙය කවුරුන් හෝ කළ සරදමක් බව පසුව තේරුම් ගියේය. 


ඇය ඉක්මනින්ම ඇඳ පැලඳ ගත්තාය. කුලී රියක් කතා කරගෙන පොලිසියට ගියාය. තමන්ගේ මියගිය සැමියා කතා කළ අංකය ද ඉදිරිපත් කළාය. 


කිසිවකුගේ සරදමක් බව තේරුම් ගත් පොලිසිය ඇයට කරුණු කාරණා කියාදී ගෙදර එව්වේය. පසුව ආරංචි වූයේ පළමුවෙන් දේපළ දෙන බවට කියා සිටි පුතා මේ සරදම කර ඇති බවය.



අදහස් (0)

මැරුණ සැමියා ඇමතුමක් දීලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 119 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 40 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 740 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site