(තිහගොඩ උපසේන ලියනගම)
ඇතුගල්පුරයට නුදුරෙන් ප්‍රධාන පෙළේ සිල්ලර වෙළඳසලකි. එහි මුරකරුවකුද සේවයේ නිරතව සිටි අතර ඔහු දිවා රාත්‍රී වෙනසක් නැතිව තම රාජකාරියේ නිරත විය.
රාත්‍රියේ සේවයේ නිරතවන විට තමා සතුව තිබූ විදුලි පන්දමේ එළිය මදි නිසා කෑලි පහක දිග විදුලි පන්දමක් ලබාදෙන ලෙස ආයතන හිමියාගෙන් ඔහු කළ ඉල්ලීම සැණෙන් ඉටුවිය.
රාත්‍රියේ මෙන්ම දහවලේත් එම විදුලි පන්දම රැගෙන සේවයට ආ ඔහු පිළිබඳව කිසියම් රහසක් ආයතන හිමියාට සේවකයකුගෙන් දැනගන්නට ලැබිණ.
පසුගියදා දහවල් සේවයට පැමිණ ආපසු යන විට විදුලි පන්දම ඉල්ලාගත් ආයතන හිමියා එහි පසුපස පියන කරකවා ඇතුළත බැලීය. ඔහුට දෙවියන් සිහිවිය.
එහි බැටරි කෑලි වෙනුවට තිබුණේ තදවනසේ ඔබා තිබූ උම්බලකඩ කෑලි රැසකි. උම්බලකඩවලින් විදුලිය නිපදවන හැටි මම දැනගත්තෙ අදයි කී ආයතන හිමියා තවත් කිසිවක් කීමට සූදානම් වූ විට මුරකරු පැත්ත පළාතක වත් හිටියේ නැතිලු.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
මුරකරුගේ විදුලි පන්දමෙන් උම්බලකඩ මතුවෙලා