IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


මායාවකට තරුණයා ඇන්දිලා

අම්පාර නගරයේ සිට තරමක් ඈතින් ඇති උපනගරයක පිහිටි රාජ්‍ය බැංකුවක් අසල බස් මගී ආවරණයක් ඇත. උදෑසන 9-00 ට පමණ එහි වාඩි වී සිටි රූමත් තරුණ කාන්තාවක හඬමින් සිටින අයුරු එතැනින් ගමන් කළ යතුරුපැදියේ සිටි තරුණයකු දැක ඇති අතර ඔහු බැංකුවට ගොස් නැවත ඇය  සිටි තැනට ආවේ ඇය කෙරෙහි සහකම්පනයක් ඇතිවී මෙනි. 
උපකාරයක් කිරීමේ අදහසින් ප්‍රශ්න කිරීමේදී මෙම කාන්තාව යාබද කොලණියක පදිංචිකාරියක බව ඔහුට පැවසුවාය. 
“ඇයි මොකක්ද ප්‍රශ්නේ ?” කියමින් ඔහු ඇය සමඟ තව දුරටත් කතාවට වැටී ඇත. කඳුළු පිරි දෑසින් පසු වූ ඇය කට හඬ අවදිකරමින්  “බලන්නකෝ මගේ මනුස්සයා හැමදාම මට ගහනවා. අද උදේත් ගැහුවා. මම  ගෙදරින් පැනලා ආවේ තවත් නම් ගුටි කන්න බැරි නිසා මම කොළඹ යන්න හිතාගෙන ආවා” යැයි ඇය පැවසුවාය. ඒ සඳහා හැකි නම් තමන්ට රුපියල් තුන් දහසක් දෙන ලෙස ඇය ඉල්ලා සිටි අතර එය ඊසි කෑෂ් ක්‍රමයට ඔහුට ආපසු ලබාදෙන බවද ඇය පැවසුවාය.  ඒ අනුව ඇය ඔහුගේ ජංගම දුරකතන අංකයද ලබාගත්තාය. ඇයගේ ඉල්ලීම ඉටු කිරීමට එකඟ වූ තරුණයා ඇය තම යතුරුපැදියේ නංවාගෙන අම්පාර නගරයට පැමිණ ඇත. ඉන් පසුව ඇයට මුහුණ සෝදා ගැනීමට අවශ්‍ය බව පැවසූ බැවින් එයට සුදුසු ස්ථානයක් බලාගෙන එනතුරු ඇය ප්‍රසිද්ධ ක්‍රීඩාංගණයක් අසල නතර කර ගිය තරුණයා ඇය සිටි තැනට ඔහු නැවත පැමිණ බලන විට මායාවක් මෙන් ඇය මැකී ගොස් සිටියාය.


බොහෝ වෙලාවක් ඇය එනතුරු මග බලා ගෙන සිටි තරුණයා එදින සවස කොළඹ බලා යන නගරාන්තර බස් සියල්ල අම්පාර බස් නැවතුමෙන් පිටව යනතුරු සෝදිසියෙන් බලා සිටියත් ඇය දක්නට ලැබී නැත.  රාත්‍රි කාලයේ මෙම තරුණයා ආපසු ගොස්  ඇත්තේ ඇය පිළිබඳ මැවූ සිහින සියල්ල සුන්වීමෙන් බව පසුවදා මිතුරෙකුට පවසා ඇත. එවිට මිතුරා ඔහුගෙන් ඇයගේ ශරීර ලක්ෂණ සහ හැඩ රුව ගැන විමසා  මෙසේ පවසා ඇත. “ඕක ගණන් ගන්න එපා. ඔය ගෑනි කීප දෙනකුම අන්දලා සල්ලි කඩාගෙන තියෙනවා. අද උදේ මම දැක්කා ළමයි දෙන්නත් දාගෙන මෝටර් සයිකලේකින් ඉස්කෝලෙට ගියා” යැයි මිතුරා පවසා ඇත.  

හිඟු‍රානේ නවරත්න සමරතුංග



අදහස් (0)

මායාවකට තරුණයා ඇන්දිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 106 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2032 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1566 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site