IMG-LOGO

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා


මායියාට ලොකුකම පෙන්වන්න ගිහින් අලි අමාරුවක

බිරිඳට ලොකුකම් පෙන්වන්න ගොස් අලි අමාරුවක වැටුණු අයකු ගැන කතාවක් දකුණු ලකේ නගරයකින් අසන්නට ලැබේ.
හේ පම්පෝරි කාරයෙකි. පම්පෝරිය නිසාම භාර්යාව ඉදිරියේ හෑල්ලු‍ වූ අවස්ථා ගණන ද සුළු පටු නොවේ. එහෙත් ඔහුට ඕනෑ වූයේ භාර්යාවට වඩා තමන් සමාජයට නැතිවම බැරි කෙනකු බව පෙන්වීමටයි.
ඔහුට පොඩි ශල්‍යකර්මයකට දින නියම කෙරුණේ මේ අතරවාරයේදීය. එය විනාඩි කිහිපයක ශල්‍යකර්මයක් වුවත් ඔහු එය ලොකුවටම ගණන් ගත්තේය. එයින් ද ලොකුකමක් පෙන්වීමට සිතා ගත්තේය. මේ සම්බන්ධයෙන් ඔහු සිය භාර්යාවට පැවැසුවේ තමා සමාජයේ ඉන්නා හැටියට මේ ශල්‍යකර්මය ගැන දැන ගත්තොත් පිරිස් වැල නොකැඩී සිය නිවසට එන බවය. ඒ නිසා එන අයට තේ දීමට සීනි, තේ කොළ යහමින් ගෙනවිත් තබා ගන්නා ලෙසට ද භාර්යාවට උපදෙස් ද දුන්නේය.
මා බලන්න අර දේශපාලනඥයා ඒවී. අර ලොකු මුදලාලිත් ඒවි. ලොකු ලොකු හාමුදුරුවන්ලාත් කිහිප නමක්ම වඩිවී යයි ඔහු භාර්යාවට කීවේ ඔවුන් ගෙන එන තෑගි භෝගවලින් ගේ පිරේවී යයි ද කියමිනි.


ශල්‍යකර්මය සිදු කෙරිණ. ඔහු රෝහලෙන් නිවසට පැමිණියේය. ශල්‍යකර්මයට පෙරත් ඊට පසුත් ඔහු තමන් දන්නා ලොකු ලොකු අයට තමන්ට ශල්‍යකර්මය කරන බවත් එය සිදු කොට නිවසට එන දවස පිළිබඳවත් දුරකතනයෙන් දැනුම් දුන්නේය. ඔහුට ශල්‍යකර්මය පිළිබඳව ඇසූවන්ගෙන් බොහෝ දෙනෙක් එය ඉතා කුඩා එකක් බැවින් ඔහු බැලීමට නිවසට නොපැමිණියහ.
පැමිණි සුළු පිරිසද කීවේ ඔහුගේ බලවත් ඉල්ලීම අහක දැමීමට නොහැකි නිසා තමන්ගේ වටිනා කාලය මිඩංගු කර ඔහු බැලීමට ආ බවය. ප්‍රශ්නය නම් එය නොවේ. මේ අය එසේ කීවේ තේ හදන මුවාවෙන් ඔහු හා ඔවුන් අතර සිදුවූ කතා බහා කනට ගැනීමට හොර ගල් අහුලමින් සිටි භාර්යාවගේ කනට ද වැටීමත් සමගමය. මේ සම්බන්ධයෙන් බිරිඳ ඔහුට සවුත්තුව දැම්මාය. එක එක්කෙනාට ලෙඩේ ගැන කිය කියා කට්ටිය ගෙන්වා ගන්න බව කියමින් ඇය ඔහුව හොඳටම පාච්චල් කළාය.
අවසානයේ දී ඔහුම තමා බැලීමට එන්න යයි කියූ අයට තමා බැලීමට නාවට කමක් නැතැයි කියමින් යළිත් දුරකතන ඇමතුම් දුන්නාලු‍.

 කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත



අදහස් (0)

මායියාට ලොකුකම පෙන්වන්න ගිහින් අලි අමාරුවක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1035 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1073 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 414 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site