IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


මීයන්ගෙ වදෙන් මිදෙන්න ගිය බිරිඳ රෝහලේ

බස්නාහිර පළාතේ දකුණු පළාතට මායිම් වූ ගමක පිහිටි නිවසකි. නව යුවළක් නිවසේ වාසය කරන අතර සැමියා ත්‍රිරෝද රථ රියදුරෙකි. අගනුවර ප්‍රදේශයට හයර් එකක් ගිය අවස්ථාවක හඳුනාගත් යුවතිය සමග විවාහවී වැඩි දවසක් ද නැත.


කලක් වසා දමා තිබුණු මේ නිවසේ මීයන්ගේ කරදරය ඉතා අධිකය.  බිරිඳ මීයන්ට දක්වන බිය හේතුවෙන් ගැටලුවක් ඇතිවිය හැකි බව වටහා ගත් සැමියා මීයන් ඇල්ලීමට වෙළෙඳ පොළෙන් කූඩුවක් ගෙනාවේය. බිරිඳ සමග එකතුවී එදින හැන්දැවේ මී කූඩුව ඇටවූහ.


උදෑසන බලද්දී මීයන් දෙදෙනෙකු එයට අසුවී සිටීම දෙදෙනාගේම සතුටට හේතුවිය. ‘‘අපි දැන් මොකද කරන්නේ මේ දෙන්නට,? අනේ මරන්න නම් එපා.’’ බිරිඳ පින්සෙන්ඩුවූවාය. නෑ, නෑ. අපි මේ දෙන්නා ඈත කැළයකට ගිහින් දාමු. කොහොමද ගෙනියන්නේ.?‘‘ ත්‍රිරෝද රථයේ පටවාගෙන අරන් යමු.


ත්‍රිරෝද රථයේ පිටු පස අසුනේ දකුණු පැත්තට වන්නට ඇති පැති දොර අයිනෙ බිරිඳ ගුලිවී ඉඳගත් අතර වම් පස අයිනේ මීයන් සමග කූඩුව තැබුවේ බිරිඳගේ ඉල්ලීමටය. කිලෝමීටර් දෙකක් පමණ ගිය තැන හමුවූ කැලෑ ප්‍රදේශයේ රථය නතර කර සැමියා මීයන් සිටි කූඩුවේ දොර කැලෑව පැත්තට හරවා විවෘත කළේය.


එක් මීයෙක් කැළයට පැන දිව්වත් අනෙක් මීයා බියවී කුඩුව දිගේ දුවවිත් ත්‍රිරෝද රථයේ ඇතුළට පැන්නේය. ඒ සමගම කලබල වූ බිරිඳ ත්‍රිරෝද රථයේ පැති දොරත් ගලවාගෙන හැඳ සිටි ඇඳුමත් ඉරාගෙන කකුලත් තුවාල කරගෙන පාරට පැන ඇද වැටුණාය.


සැමියාට තරු පෙනුණි. මී කූඩුව ද විසි කර දැමූ සැමියා බිරිඳ ත්‍රිරෝද රථයේ පටවා වහා රෝහලට ගියේය.
(සුමති කුඩලිගම) 



අදහස් (0)

මීයන්ගෙ වදෙන් මිදෙන්න ගිය බිරිඳ රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 17882 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10696 30

රනිල් අත්අඩංගුවට ගනියි
2025 අගෝස්තු මස 22 10609 45

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 170 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 51 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 743 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site