අලුත විවාහ වූ ඔහු කුරුණෑගල පැත්තෙ තරුණයෙකි. රැකියාව කරන්නෙ යුද හමුදාවේය. නැගෙනහිර පළාතේ සේවය කරන නිසා නිතරම එන්න ලැබුනේ නැත. බිරිඳ තනිකොට (දෙමව්පියන්ට බාරදී) රට රැකීමට යාමට සිදුවුණි. තම ලේලිය හොඳින් බලාගත් දෙමහල්ලන් ඇයට වෙනස්කම් කළේ නැත. එමෙන්ම නැන්දා ලේලි අරගලයක්ද නොවීය.
පියාගේ රැකියාව හේන් ගොවිතැන වූ අතර මව ගෘහණියක වූවාය. ලේලිය ඇඟලුම්හලක රැකියාවකය. නැන්දණිය ලේලියට ඉමහත් ආදරයක් දැක්වූවා මෙන්ම දෙදෙනා නිදා ගත්තේ බිම පැදුරු එලාගෙන එක ළඟය. මාමණ්ඩිය වෙනම කාමරයක නිදා ගත්තේය.
මේ පවුලේ සමගිය කාටත් රහසක් නොවූ අතර ගමට ආදර්ශයක් විය. සෙබළ පුතා පැමිණෙන්නේ තුන් මසකට වරකි. අඩුපාඩු අගහිඟකම් නොවීමට ඔහු වගබලාගත්තේය. තමා ළඟ නොසිටියත් බිරිඳට අඩුපාඩු කළෙන් නැත.
මෙසේ කල්ගතවනවිට දිනක් රාත්‍රියේ නින්දෙන් අවදිවූ ගෘහ මූලිකයා යාන්තම් එළිය ඇති කුප්පි ලාම්පු එළිය දිගේ පැමිණියේ දෙදෙනා නිදන කාමරයටයි.
මොකද ඩිංගිරි මැණිකො උඹ ඔලුවෙ ඉඳන් පොරවගෙන කවදාවත් නැතුව? නැගිටපන් බං. ‘‘එසේ කියමින් චීත්තයෙන් අදින්නට වූ අතර ‘‘මෙන්න හොරෙක් අම්මේ තාත්තේ’’ යැයි කියමින් බෙරිහන් දුන්නේ ලේලියයි.
එළිපහළියට ගොස් සිටි නැන්දණිය දිවගෙන ආවේ බියෙන් ගැහෙමිණි. මේ අතර වැඩේ වැරදුන බව දැනගත් මාමණ්ඩිය තම කාමරයට පැන ගත්තේ දෙවියන් බුදුන් සිහි කරමිනි.
‘‘අනේ අම්මේ කවුද මිනිහෙක් මොනවද කිය කියා මගේ චීත්තෙන් ඇද්දනේ. මගෙ පපුව තවමත් ගැහෙනව.’’ නැන්දණිය බදාගත් ඇය අඬන්නට වූයේ බියෙන් තැතිගෙනය. කාරණය වටහාගත් නැන්දණිය ‘‘උඹ නිදාගනින් දුවේ බය නැතුව. හීනයක් වෙන්න ඇති. බිය නැති කිරීමට පැවසුවත් ලේලිය පිළිගත්තේ නැත. ‘‘ඩිංගිරි මැණිකො නැගිටපන් කියනවත් ඇහුණ අම්මෙ. හීනයක් නම් වෙන්න බෑ’’
‘‘උඹ කලබල නැතුව පන්සිල් අරගෙන නිදා ගනින්. මමත් ළඟ ඉන්නවනෙ. පසුදා උදේ පිබිදුණ නැන්දණිය සැමියාට දෙස් දෙවොල් තියන්නට වූවාය. ඉන්පසුව කිසිම දිනක ඔහු ඒ කාමරයට රිංගුවේ නැත. සාමය සමගිය තවදුරටත් ගෙන යාමට හැකිවූයේ අනූනවයෙන් බේරුණ නිසයි. සිද්ධිය පුතාට රහසක් ලෙස තබාගැනීමට ඇය සමත් වුනත් ලේලිය ගම පුරාම ගිනි තියන්නට වූවාය.
ඉන්පසුව පියාගේ හැටි කවුරුත් දැනගත් අතර ඔහු දෙස බැලුවේ සමච්චලයටය. කිරිකළයට ගොම ටිකක් දැම්ම වගේ වැඩක් තමයි සිදුවුණේ නැන්දණිය කීවාය.
කරුණාදාස සපුතන්ත්‍රි
නිකදළුපොත
2025 ඔක්තෝබර් මස 08
1982
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1551
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා ඉන්ෂුවරන
මාමණ්ඩිට නැන්දම්මයි ලේලියි පටලැවී ජංජාලයක්