(පේරාදෙණිය කුමාර රම්බොඩගෙදර)
තම අනාගත සහකාරිය බැලීමට ඥාතීන් ද සමග මනමාලියගේ නිවෙසට යනවිට මනාලිය තවත් හිතවතියන් පිරිසක් සමග ගාලු මුවදොර ගෝඨා ගෝ ගමට ගිය පුවතක් පේරාදෙණිය ප්‍රදේශයෙන් වාර්තා වෙයි.
සිද්ධිය මෙසේය.
තරුණයා මාතලේ ප්‍රදේශයේ තරුණයෙකි. තරුණිය පේරාදෙණියේය. මඟුල් කපුවකු මාර්ගයෙන් ආ යෝජනාවකට අනුව මනමාලිය සිය ඥාතීන් සමග මනාලියගේ නිවෙසට පැමිණියේ ගේදොර මනාලිය බැලීමේ අදහසිනි.
ඊට දිනයක් සහ වේලාවක් නියම කර ගැනිණි. ඒ අනුව මනාලයා ඇතුළු පිරිස මාතලේ සිට පේරාදෙණියට පැමිණියහ. මනාලියගේ පාර්ශ්වයෙන් උණුසුම් පිළිගැනීමක්ද ලැබුණි.
ආ ගිය විස්තර හා පවුලේ විස්තර කතා කළත් මනාලිය පෙනෙන්ට සිටියේ නැත. තේ සංග්‍රහයද භුක්ති වින්දේය. පිටත්වීමට වේලාව පැමිණියත් මනාලිය පෙනෙන්නට නොසිටියා ය.
ඒ ගැන විමසීමේ දී මනාලිය උදෙන්ම නගරයේ රූපලාවන්‍යාගාරයට ගියා. ඉක්මණින් එයි යනුවෙන් මනාලියගේ පාර්ශ්වයේ අයෙක් කීය.
හෝරා කිහිපයක් ගිය ද මනාලිය නොපැමිණියාය. ඇගේ දුරකතනයට ඇමතුම් ගත්තත් එය ක්‍රියා විරහිතවී තිබිණි. පසුව ඇය සමග ගිය මිතුරියගේ දුරකතනයට ඇමැතුමක් ගත් අතර ඊට පිළිතුරක් ලැබිණි.
රටටම අනාගතයක් නැති අවස්ථාවේ තමන් පෞද්ගලික අනාගතයක් දැකීම විහිළුවක් බැවින් රටේ අනාගතය වෙනුවෙන් අරගල කරන පිරිස සමග එක්වීමට ගාලු මුවදොරට පැමිණි බවත් රටට අනාගතයක් උදා වූ පසුව අලුත් ජීවිතයක් ගත කිරීමට සූදානම් බවත් ඇය කීවාය.
ඇගේ පිළිතුරින් දෙපාර්ශ්වයේම ඇස්ගෙඩි උඩ ගියත් මනාලයා සිනාසෙමින් කියා සිටියේ තමන්ද අද දිනයේ සවස් භාගයේ හිතවතුන් පිරිසක් සමග ගාලු මුවදොර යාමට සිටින බවය. කෙසේ වුවත් ඔහු යළිත් තම නිවෙසට පිටත්ව ගියේ මනාලියගේ දුරකතන අංකයද සිය දුරකතනයේ සටහන් කර ගනිමිනි.
2025 නොවැම්බර් මස 04
65
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2015
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1562
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මනාලයා ගෙදරට එද්දී මනාලිය අරගලයට ගිහින්
Pradeep Kumara Saturday, 07 May 2022 09:48 AM
අන්න ඒකයි අවබෝධය කියන්නේ..