IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


මනාලයාගේ පළමු හාදුවෙන්ම මනාලියගේ හොරේ එළිවෙලා

පමණට වඩා අවංකවීමට ගොස් මංගල රාත්‍රියේදීම මධු සමයත්, මංගල්‍යයත් දෙකම අහිමි කරගත් මනාල යුවළක් පිළිබඳ තොරතුරු බස්නාහිර පළාතේ එක් නගරයකින් වාර්තා විය.
මනාලයා රජයේ සේවකයෙකි. විසි හය හැවිරිදිය. කඩවසම්ය, තරුණිය ඇඟලුම් කම්හලක සේවය කළාය. විසි හතර හැවිරිදිය. රූමත්ය. දෙදෙනා හමු වූයේ යෝජනාවකට අනුවය.
‘ඔයාට නම් ගොඩක් කෙල්ලෝ ඉන්නැති’’ කුළුපග බවින් පිරීගිය දිනෙක මිතුරු දොඩමළුවක දී මනාලිය කීවාය.
‘‘ස්කෝලේ යන කාලේ පොඩි සම්බන්ධයක් තිබුණා. ඒත් ඒක දුරදිග ගියේ නෑ. ඊට පස්සෙ මට හමුවෙච්ච පළමු කෙල්ල ඔයා තමයි. මනාලයා කීවේය.
‘‘ඇත්තමයි කියන්නේ මට නම් කිසිම සම්බන්ධයක් තිබුණෙම නෑ. කොල්ලොනම් පස්සෙන් ආවා. ඒත් ඒ එකකටවත් මම කැමැති වුණේ නෑ. මගේ ‘ෆස්ට් ලව් එක ඔයා’ මනාලිය කීවාය.
දෙදෙනාගේම ප්‍රකාශ අවිශ්වාස කිරීමට දෙදෙනාටම අවශ්‍ය නොවීය. ඒවා පරම සත්‍ය ලෙස දෙදෙනාම ඇදවූහ.
නගරයේ මනරම් විසල් හෝටලයක ජයටම මංගල උත්සවය පැවැත්වීමෙන් පසු මධු සමය සඳහා නව යුවළ ගියේ සීතල කඳුකරයේ හෝටලයකටය. ජීවිතයේ පැතුම් ප්‍රාර්ථනා එලෙසින්ම ඉටු වීම සම්බන්ධයෙන් දෙදෙනාටම දැනුණේ අප්‍රමාණ ප්‍රීතියකි. 
හෝටල් කාමරයට ගිය සැණින් මනාලිය වැළඳගත් මනාලයා උතුරන සතුටෙන් මෙසේ කීවේය.
‘‘අද ඉඳලා මගේ ජීවිතයේ හිරුත් ඔයා සඳුත් ඔයා තරුත් ඔයා’’
මේ කියන්නේ හිරු, සඳු, තරු ගැන නොව මනාලයා මෙයට පෙර යාළු වී සිටි ගැහැනු ළමයින්ගේ නම් යැයි වරදවා තේරුම් ගත් මනාලිය ‘‘මගේ මහත්තයා මට අවංක වුණා වගේම මමත් අවංක විය යුතු යැයි සිතූ මනාලිය මෙසේ කීවාය.
‘‘ඇයි අනේ ඔයාට විතරක් අද ඉඳලා මගේ ජීවිතයේ සරතුත් ඔයා, පියලුත් ඔයා කමලුත් ඔයා.
ගත වූයේ නිමේෂයකි. මනාලයාගෙන් මනාලියට කම්මුල් පහරකි.
තමුසෙ නටන්න ඕනෑ නාඩගම් නටලා අන්තිමට මාවත් රැවට්ටුවා තමුසෙ වගේ ගෑනියෙක් මට එපා දැන්ම අම්මලට කතා කරලා තමුසෙගෙ ගෙදරට යනවා.
එසේ කී මනාලයා වෙනත් කාමරයක් කුලියට ගෙන එහි නිදා ගැනීමට ගියේය. 

 



අදහස් (3)

මනාලයාගේ පළමු හාදුවෙන්ම මනාලියගේ හොරේ එළිවෙලා

sampath Wednesday, 08 December 2021 10:21 PM

මේවගෙ දේවල්වලින් පෙන්වන්නෙ මේ රටේ තරුණ තරුණියන්ගෙ නුගත් බව මෝඩ කම සාමාන්‍ය දැනීම නැති කම අනාගතයේ මොකකින් මොකක් වේවිද තරු හොටෙල් වල වරුවක් කාල බීල නැටුවට ජිවිතෙ ගැන අබමල් රේනුවක අවබෝධයක් නැතිව විවහයට පිවිසීම කියන්නෙ සමජයටම බරක්

:       0       16

ana Thursday, 09 December 2021 04:04 PM

දෙන්නම මෝඩයින්. දීගේ කැඩුණු එක හොඳයි. නැත්නම් මිනී මැරුමක් වෙනවා. එහෙම නොවුණත් ලැබෙන ළමයිනුත්... ඒ වගේම මෝඩයින් වෙනවා.

:       0       8

priyantha Friday, 10 December 2021 07:05 PM

කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් අසන්න ඕනේ. මේ ලිපිය කියවපු ගමන් තේරෙනවා ගොතපු විහිළු කතාවක් කියලා. ගොඩක් දෙනාට ඒ අවබෝධය නැහැ...

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1982 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1551 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site