IMG-LOGO

2025 ඔක්තෝබර් මස 30 වන බ්‍රහස්පතින්දා


මනාලයාගේ කතාවෙන් කපුවා කපෝතියි

(කුණ්ඩසාලේ - පී. එම්. රාජපක්ෂ)
මනමාල මහතෙකුගේ වංචනික ක්‍රියාවක් නිසා මඟුල් කපු මහතෙකු  අමාරුවේ වැටීමේ සිද්ධියක් පසුගියදා වාර්තාවිය.


 මගුල් කපුකම් කිරීම, තම වෘත්තීය කරගත් මෙම කපු මහතා පසුගිය දා මැදිවියට ආසන්න වියේ පසු වූ පුද්ගලයකු සඳහා මනාලියක යෝජනා කළ අතර එම යෝජනාවට අනුවට මනාල මහතා සහ කපු මහතා මනාලිය බැලීම සඳහා මාස කිහිපයකට පෙර එහි ගියහ. මනාලියගේ පාර්ශවය ද මනාලයා ගේ දොර බලා ගැනීමට පැමිණියහ.


ඒ අනුව දෙපාර්ශවයේ එකඟතාව අනුව නව යුවළ හමුවීමට හා අදහස් හුවාමාරුකර ගැනීමට කාලයක් ලබා දෙන ලදී. එම අදහස් ගැළපීමට අනුව මගුල් උත්සවය පැවැත්වීමට ද දිනයක්ද තීරණය කර ගන්නා ලදී.


 කෙසේ වෙතත් යම්කිසි සිතේ පැවති දෙගිඩියාවකින් පසු වූ මනමාල මහතා පසුගිය දිනයක මනාලියගේ මව්පියන් හමු වි වැදගත් කරුණක් පැවසීමට ඇතැයි පවසා දිනයක් වෙන් කර ගෙන ඇත.


 ඒ අනුව මනාලියගේ මව්පියන් හමුවන්නට යෑමට කපු මහතා ද සහභාගී කරවා ගෙන ඇත. නිවසට පැමිණි මනාලයා තමා මීට පෙර විවාහ ගිවිසගෙන සිටි අයෙකු බවත් එම විවාහය එක් දිනයකට පමණක් සීමා වූ එකක් යයි ද නීතියෙන් වෙන්ව ඇති බවත් පවසා ඇති අතර එය විවාහයට ගැටලුවක් නොවන බවත් පවසා තම සිත නිදහස්කර ගෙන ඇත.


 එය ඇසූ මනාලියටත් ඇයගේ මව්පියන්ටත් දෙළොව රත්වූ අතර මනාලයා හා කපු මහතා එක්ව වංචාවක් කර ඇති බව මනමාලයාට චෝදනා කරමින් ඔහුට ද කපු මහතාට ද තදින් දෝෂාරෝපණය කර ඇත.


 මේ අතරේ සියලු දොස් අසා තුෂ්නිම්භූතව සිටි කපු මහතා, මනාලයා මීට පෙර විවාහ වූ අයකු බව තමන් නොදන්නා  බවත්, තමන් ද ඔහුගේ රැවටීමට අසුව ඇති බවත් පවසා ඇත. මේ මංගල්‍යය සිදු වූවා නම් තමන් කපු ජීවිතය ද කපෝති වන බව පවසා මනාලයාටත් දොස් පවරා මනාලියගෙන් හා ඇගේ මව්පියන්ගෙන්ද සමාව ඉල්ලා මෙම සිද්ධිය කාටවත් සැළවීමට ඉඩ නොදෙන ලෙසත් එය තම වෘත්තීයට කැළලක් බවත් බවසා වැඳ වැටෙන්නට වූ බවත් වාර්තා විය.

 



අදහස් (0)

මනාලයාගේ කතාවෙන් කපුවා කපෝතියි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1652 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1400 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 500 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site