IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


මනමාලි මනාලයාගේ කනින් රිංගලා

හාරිස්පත්තුවේ මොහොමඩ් ආසික්
මනාලියක බැලීම සඳහා ගිය මනාලයාගේ රුපියල් ලක්ෂ තුනක මුදලක් අතුරුදන් වීමේ පුවතක් ලංකාදීපයට වාර්තා වෙයි. 


ඔහු සිය බිරිය මිය යාමෙන් පසුව තනිව ජීවත් වූ අවුරුදු 60 ක් පමණ වන එක් දරු පියෙකි. ඔහුගේ පුතුද වෙනම ජීවත් වන බැවින් තනිවම ජීවත් වූ ඔහු වෙනත් විවාහයක් කර ගන්නට සිතා පුවත්පතක පළව තිබූ මංගල දැන්වීමක් අනුව කුරුණෑගල, බිංගිරිය ප්‍රදේශයේ එක් ගම්මානයකට ගියේය. ඔහු බලන්න ගිය මනාලිය අවුරුදු 41 ක් පමණ වන සැමියා හැර ගිය කාන්තාවක බවත් සිය සොහොයුරකු සමඟ ජීවත් වන බවත් පවසා තිබේ. දෙදෙනාම විවාහයට කැමැත්ත පළ කළේ එක පයිනි.


පළමු දිනයේදීම මනාලිය සිය මව අසනීපයෙන් සිටින බව පවසා මනාලයාගෙන් රුපියල් 15,000 ක මුදලක් ලබා ගෙන ඇති අතර තවත් රුපියල්  පන් දහසක් ඔහු ලබා දී ඇත්තේ නිවෙසට අවශ්‍ය දේ ගැනීමටයි.


ඉන් පසු දිනයකදී ද ඔහු ඇය හමුවීමට ගොස් ඇති අතර එහිදී ඇය ප්‍රකාශ කර ඇත්තේ තමන් විසින් සාදා ඇති නිවෙස කුලියට ලබා දී ඇති බවත් එම කුලීකරුගෙන් අත්පිට ලබා ගත් රුපියල් 45,000 ක් ගෙවා නිවස බාර ගත යුතු බවත්ය. එම මුදල ද දීමට මෙම මනාලයා ඉදිරිපත්ව තිබේ.


තෙවැනි වරට ඔහු ඇය හමුවීමට ගොස් ඇත්තේ පසුගිය ඔක්තෝබර් 28 වැනිදාය. එදින ඇය ප්‍රකාශ කර ඇත්තේ නිවසට අවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමට රුපියල් 30,000 ක් අවශ්‍ය බවත්ය. එම මුදලද ලබා දීමෙන් පසුව ඇය ප්‍රකාශ කර ඇත්තේ තමන් දෙදෙනා එකට ජීවත් වීමේදී විශාල වියදමක් අවශ්‍ය බැවින් තමන්ටද රැකියාව වශයෙන් ඇඳුම් මැසීම සිදු කළ හැකි බවත් ඒ සඳහා අවශ්‍ය මැෂිමක් ලබා ගැනීමට අවශ්‍ය බවයි. ඒ සඳහා කීයක් අවශ්‍යදැයි ඔහු ඇසූ විට ඒ සඳහා රුපියල් ලක්ෂ දෙකක් පමණ අවශ්‍ය බව ඇය පවසා තිබේ. ඇය සමඟම ත්‍රිරෝද රථයකින් බැංකුව වෙත ගිය ඔහු එම ලක්ෂ දෙකද ලබා දී තිබේ. පසුව ඇය ත්‍රිරෝද රථයෙන්ම නගරයේ බාබර් සාප්පුවක් අසලට කැඳවා ගෙන ගොස් මනමාලයාට කොණ්ඩය කපාගෙන එන ලෙස දැන්වූයේ දැන්වත් ලස්සනට ඉන්නැයි කියා හිසද අත ගාමිනි. මනමාලයා කොණ්ඩය කපා ගෙන ඇවිත් බැලූ විට එම ස්ථානයේ ත්‍රිරෝද රථය නොතිබූ අතර මනාලියද නොසිටියාය. ඇයගේ දුරකතනයද විසන්ධි වී තිබිණ. එදා පටන් මේ දක්වා ම එම දුරකතනය විසන්ධි වී ඇති අතර මනාලයා දවසට හත් අට වතාවක්ම ඊට කොයියම්ම වේලාවක හෝ ප්‍රතිචාරයක් ලැබේයැයි බලාපොරොත්තුවෙන් සිටියි.

 



අදහස් (1)

මනමාලි මනාලයාගේ කනින් රිංගලා

දිමුත් Thursday, 17 November 2022 05:03 PM

ඉතින් ගෙදර දන්න එකේ එහෙට යන්න පුලුවන්නේ? මොනාද අප්පා මේ කතා?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 687 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17827 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 757 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site