මනාලියට රැග් එකක් දෙන්නට ගොස් මංගල සාරියට වූ අලාභය රැග් කණ්ඩායමට ගෙවීමට සිදුවීමේ පුවතක් මොරගොල්ලාගම හා පොල්පිතිගම අතර පිහිටි පිටිසර ගම්මානයකින් අසන්නට ලැබුණි.
සිද්ධිය මෙසේය.

ඇය සබරගමුව පළාතේ කාන්තාවකි. ඔහු වයඹ පළාතේය. දෙපාර්ශවය එක්ව සංවිධානය කළ මංගල උත්සවය හෝටලයේ ජයට පැවැත්විණි. පසුදින ඇය මනාලයාගේ නිවසට කැඳවාගෙන ඒමේ උත්සවයකි.
මනාලයාගේ හිත මිතුරෝ නිවසට කැඳවාගෙන එන මනාලිය පිළිගැනීමට සූදානම් වූහ.
ඔවුන් ඒ සඳහා විල්බැරෝවක් සරසා තිබුණි.
නිවසට ළඟාවන නැකත් වේලාවට ටික වේලාවකට පෙර මනාල යුවළ ඇයගේ පාර්ශවයේ අය කැටුව නිවෙස් සීමාවට පැමිණියහ.
හිත මිතුරෝ අතරමගින් මංගල යුවළ මෝටර් රථයෙන් බස්සවා ඔවුන් සැරසූ විල්බැරෝවේ ඇය හිඳුවා මනාලයාට තල්ලු කරගෙන යාමට කටයුතු සැලසුම් කළේය.
මනාලයා ඇය එහි හිඳුවා තල්ලු කරගෙන යන අතරවාරයේ දී ඇය හැඳ සිටි සාරිය විල් බැරෝවේ රෝදයේ පැටලුණි. පිරිස එක්ව දැඩි අසීරුවෙන් පැටලුණු සාරිය ගලවාගෙන ඇතත් සාරියට ඉන් පලුදු වී ඇත.
එය කුලී පදනමට ගෙන එන ලද සාරියකි. එහි වටිනාකම අධිකය. එම පාඩුව දරන්නට මනාලියගේ පාර්ශ්වයට නොහැකි බව ඔවුහු කීහ.
කෙසේ වෙතත් විනෝදයක් තකා රැග් එකක් දෙන්නට ගිය කණ්ඩායම එම මුදල ගෙවිය යුතු බවට මනාලියගේ පාර්ශවයෙන් චෝදනා පිට චෝදනා එල්ල විය.
එම අපවාදවලින් මිදෙන්නට මනාලයාගේ පාර්ශ්වය සාරියේ වටිනාකමෙන් කොටසක් ගෙවීමට එකඟ විය. ඉතිරිය රැග් කණ්ඩායම මත පැටවීමට තීරණය විය. ඇඳගෙන ආ සාරිය මනාලියටම සින්නයට දී ඒ වෙනුවෙන් අලුත්ම සාරියක් මිල දී ගෙන එය මනාලියගේ ඥාතීන් අතේ සාරිය බාරදුන් ආයතනය වෙත යැවීමට රැග් කණ්ඩායම පියවර ගත්තේය.
(මොරගොල්ලාගම සිසිර කැලේගම)
2025 ඔක්තෝබර් මස 08
1714
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1429
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
512
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මනමාලිට රැග් කළාට උස්සන්න බැරි වන්දියක්