IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


මන්තර බලයෙන් වැඩ පෙන්වන කට්ටඩියා ඔට්ටුවෙන් පැරදිලා

පෝද්දල සරත් ආනන්ද ගමගේ
මත්වතුරට ඇබ්බැහිවූවන් මන්ත්‍ර බලයෙන් මුදවන බවට සමත් පුද්ගලයකු මත්ලෝලී මිතුරෙකු හා ඇති කරගත් ඔට්ටුවකින් පැරදී මාසයක් තිස්සේ ඔහුට අරක්කු රැගෙන දුන් පුවතක් දකුණු පළාතේ නගරයකින් වාර්තා වේ.


භූතයන්, යකුන් හා ප්‍රේතයන් පිළිබඳ දැඩිසේ විශ්වාස කළ පුද්ගලයෙකු රජයේ රැකියාවෙන් විශ්‍රාම ලබා භූත ශාස්ත්‍රය පිළිබඳ පොතපත කියවා සුළුවෙන් මන්ත්‍ර ගුරුකම් කිරීමට පටන් ගත්තේය. ඔහු ඒ සඳහා විශාල මුදලක් ගෙවා මන්ත්‍ර ශාස්ත්‍රය අඩංගු පැරණි පුස්තකයක්ද සොයාගෙන ඇති අතර ඒ හේතුවෙන් ඔහුගේ ගුරුකම් සාර්ථක වී අත මිටද සරුවන්නට විය.


වගා බිම්වලට හානි කරන මැස්සන්, කෘමීන් මීයන් හා මොණරුන් වැනි සතුන් පළවා හැරීමටත්, සෙම් රෝග සඳහා නූල් මතුරා පැළඳවීමටත් නිවෙස්වලට අරක්ගත් බහිරවයන් හා ප්‍රේතයින් පළවා හැරීමටත් සමත්කම් දැක්වූ ඔහුගේ මන්ත්‍ර ශාස්ත්‍ර අතර මත්වතුරට ඇබ්බැහිවූවන් ඉන් මුදවා ගැනීම සඳහා වඩාත් ජනප්‍රිය විය. පුද්ගලයින්ගේ නම් ගම් කියමින් ඔවුන් බීම නතර කර ඇත්තේ තමාගේ දස්කම් නිසා බවද පුරසාරම් කියන්නට විය.


දිනක් ඔහු අසල්වාසී මළගෙදරකදී තමන්ගේ හපන්කම් ගැන කතාබහ කරමින් සිටින විට මන්ත්‍ර ගැන කිසිදු විශ්වාසයක් නැති මිතුරෙක් පැමිණියේය. ඔහුගේ කතාව අසාසිටි මත්ලෝලියෙක් වන මිතුරා රුපියල් දහදාහක් ඔට්ටුයි ඔහේට මගේ බීම නතර කරන්න බෑ කියා සභාව ඉදිරියේම අභියෝගයක් කළේය. තමාගේ බීම නතර කළොත් ඒ සඳහා රුපියල් 10,000 ක් දෙන බවත් එයට අපොහොසත් වුවහොත් දිනපතා තමාට අරක්කු කාල බැගින් මාසයක්ම ලබාදිය යුතු බවත් කියා සිටියේය.


තමා දෙන ආහාර වේල ඔහු ඉදිරියේම අනුභව කළ යුතු බවට මන්ත්‍රකරු කොන්දේසියක් පැනවූ අතර එහි සිටි තවත් මිතුරෙකුද සාක්ෂි ලෙස තබාගෙන ඕනෑම කෑමක් කන්නට මත්ලෝලී මිතුරා එකඟ විය.


කතිකා කරගත් පරිදි එක් දිනක මිතුරන් දෙදෙනාම නිවසට කැඳවූ මන්ත්‍රකරු ඔහුගේ ත්‍රිරෝද රථයෙන් ප්‍රදේශයේ විහාරස්ථානයකට ගොස් නායක හිමියන් බැහැදැක දහවල් දානය සඳහා තැබූ බුද්ධ පූජාව රැගෙන පැමිණියේය. එය නිවසේ ඉදිරිපස කාමරයේ මල් පහන් තටුවක තබා ජපකර දුම් අල්ලා ඔට්ටුකාර මිතුරාට ලබා දුන්නේය. මිතුරාද කිසිම පැකිළීමකින් තොරව එය අනුභව කළේය.


සතියකින් පැමිණ ගුණාගුණ කියන ලෙසත් එදාට පොරොන්දු වූ මුදල රැගෙන එන ලෙසත් මිතුරන් දෙදෙනාට සරදමක් කිරීමටත් මන්ත්‍රකරු අමතක නොකළේය.


සතිය ඉක්ම ගිය තැන මිතුරන් දෙදෙනාම මන්ත්‍රකරු නිවසට පැමිණ ඔහු ඉදිරියේම අරක්කු පානය කර අද කාලටයි හෙට කාලටයි සල්ලි දෙන ලෙසද ඉල්ලා සිටියේය. කලින් මේ පූජාව කාපු කිසි කෙනෙක් දැනගෙන නෙවෙයි කෑවේ යැයි කියා පරාජය බාරගත් මන්ත්‍රකරු මාසයකට අරක්කු කාල බැගින් වැයවන මුදල මිතුරාට ලබා දුන්නේ අවමානයෙන් ගැලවීමට ඇති එකම විසඳුම එය නිසාය.


ඔට්ටුව අල්ලන සමයේ තිබුණු අරක්කු මිලද ඔට්ටුව පරදින වැඩිවී තිබුණු අතර සිද්ධිය ප්‍රදේශය පුරා ප්‍රචාරය වීම නිසා මන්ත්‍රකරු මුහුණ සඟවාගෙන සිටින බවද ආරංචියි.

 



අදහස් (0)

මන්තර බලයෙන් වැඩ පෙන්වන කට්ටඩියා ඔට්ටුවෙන් පැරදිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 92 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2026 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1564 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site