IMG-LOGO

2025 ඔක්තෝබර් මස 23 වන බ්‍රහස්පතින්දා


මන්තී‍්‍රතුමාට ඡන්දදායකගේ නෑකම පටලැවිලා

(තිහගොඩ උපසේන ලියනගම)
සබරගමුව පළාතේ ප‍්‍රාදේශීය මට්ටමේ දේශපාලකයෙකි. වඩාත් කි‍්‍රයාකාරී හා සුහදශීලි පුද්ගලයකු වූ නිසාම ප‍්‍රදේශයේ බොහෝදෙනා තම දේශපාලන අවශ්‍යතා ඉටුකරගත්තේ ඔහු ලවාය.


 පසුගියදා ගමේ ආධාරකරුවකු තම පුතා සමග මන්තී‍්‍රවරයා හමුවට ගියේ පුතාගේ අවශ්‍යතාවක් ඉටුකර ගැනීමටයි”. ‘‘ආ ලොකු අයියා මොකෝ මේ?” කීවේ සුහද සිනාවක් පාමිනි. තම පුතාට රැුකියාවකට යාම සඳහා නිර්දේශයක් ලබාගැනීමට පැමිණි බව පියා කීවෙන් පුතා ඔහු සමීපයට ගත් මන්තී‍්‍රවරයා ”ආ මල්ලී ලියුම  ඕන විදියකට ලියා ගන්න. මම අස්සන් කරලා දෙන්නම්’’ කීවේය.


යළි පියා දෙස බැලූ ඔහු ”හරිනේ ලොකු අයියා” කීවේය.
මන්තී‍්‍රවරයාගේ කතාවෙන් අන්දමන්ද වූ පියා ”මේක අපූරු නෑකම. මට අයියා කියල පුතාට මල්ලි කියනවා” මන්තී‍්‍රවරයාට නෑසෙන්නට සෙසු අයට කීවෙන් ඔවුහු සිනාසෙන්නට වූහ.



අදහස් (0)

මන්තී‍්‍රතුමාට ඡන්දදායකගේ නෑකම පටලැවිලා

චමින්ද Friday, 05 September 2014 08:11 PM

සමහර මැදිවියේ උදවිය අන්කල් කියනවට කැමති නැහැ. හැබැයි මෙතන කෙරුන කතාබහ නම්, දේශපාලන ඡන්ද ලබාගැනීමේ උප්පරවැට්ටියක් වගෙයි (නි)

:       0       0

කුමාරි Monday, 08 September 2014 05:56 AM

මහින්ද, දැන් අම්මි , තාත්තිත්, නෙමේ අයියයි නංගියිනේ ඒ දෙන්නා. කොහොමත් මේ සිද්දිය ගණන් ගත යුතු දෙයක් නෙමේ. (නදී)

:       0       0

මාලි Saturday, 06 September 2014 01:56 PM

මහින්ද කේ ගොඩගේ සී ෂෙල්ස් මොලේ පරීක්ෂාකරවාගන්න ඔයා තමන්ගෙ අම්මට කියන්නෙ සහෝදරී කියලද (නදී)

:       0       0

නන්ද Wednesday, 10 September 2014 03:50 AM

අපේ පවුලේ සාමාජිකයින් අතරේ අපි මොනවා කියා ගත්තත් ඒ තුළ පවතින්නේ හදවතින් බැඳීගත් සුන්දරත්වයක්. මෙතන තියෙන්නේ දේශපාලන කපටි වදන් පෙළක්. (නි)

:       0       0

ගිහාන් Saturday, 06 September 2014 10:18 PM

ගාල්ලේ ඉන්න අපේ බාලම නැන්දා ට වයස 50 ක් විතර. පසුගිය මැතිවරණ කාලයේ වයස හැටකටත් කිට්ටු දේශපාලන බවලතියක් ලැසි ගමනින් චන්දෙට ගෙයින් ගෙට යන ගමන් නැන්දාට ඇන්ටි කියලා. (නදී)

:       0       0

මහින්ද කැලිෆෝර්නියා Sunday, 07 September 2014 12:56 AM

සහෝදරයා කියලා කිවුවා නම් දෙන්නාටම ගැළපෙනවා (නි)

:       0       0

සරාම් Wednesday, 10 September 2014 05:03 AM

ගොඩගේ නෙමේ මාලි තමයි පිස්සු බලු බේත් බීල තියෙන්නේ , ගොඩගේ ලියල තියෙන එක හරියට කියවල බලන්න . (ස)

:       0       0

මහින්ද කේ ගොඩගේ සී ෂෙල්ස් Saturday, 06 September 2014 06:37 AM

බිරිඳ ස්වාමියාට තාත්ති කියාද,ස්වාමියා බිරිදට අම්මි කියාද දරුවන් ඉදිරියේ අමතන ශ්‍රී ලංකාවේ මෙයද එතරම් ගනන් ගතයුතු දෙයක් නොවන අතරම තම ඡන්ද දායකයන් පොදුවේ සහෝදරත්වයෙන් අමතා පැමිණි කාරණයද ඉටුකරන විරල දේශපාළුවන් අතරේ මොහුගේ වැදගත් කමක් ඇතිබව පෙන්වනලද අවස්ථාවක් වීනා නොගැලපීමක් නොපෙනේ (නදී)

:       0       0

එමානුවෙල් Sunday, 07 September 2014 06:04 AM

මේ වගේ දේවල් ගැන එච්චර හිතන්න යන්න එපා (නි)

:       0       0

පහන් Saturday, 06 September 2014 09:25 AM

මගේ තාත්ත ඒකාලේ එක්තරා දෙස්ශපාලන පක්ෂයක ආධාර කරුවෙක් ලෙස වැඩකලා .දිනක් එක්තරා සුප්‍රසිද්ධ දේශපාලන චරිතයක් සදහා එම දේශපාලක තුමා සමග චන්ද ව්‍යාපාරයේ ගෙයින්ගෙට යමින් සිටියා. එක්තරා ගෙයක් අසල නැවතුනු මගේ තාත්ත දෙස්ශපලක තුමාට කිව්වලු මටනම් බැහැ ඔය ගෙදරට යන්න ඔයගෙදර ඉන්නේ අපිට විරුද්ධ පක්ෂේ අය කියල. ආ එහෙමනන් වඩා හොදයි ඔයාල ඉන්න මම ගිහින් කතාකරල එන්නම් කියල එතුමා ගිහින් ගෙදර කට්ටිය එක්ක කතා කරගත්තා. ආපහු එන්න එලියට බහිනකොට ගෙදර හිටපු බල්ලා උන්නැහේගේ කකුල කෑවලු. කකුලට බේත් දැම්මෙත් ඒ ගෙදරින්ලු. ගෙදරින් පිටවෙලා යනගමන් අපේ තාත්ත ඇහුවලු කොහොමද ගෙදරකට්ටිය කියල. ඒ පාර එතුමා කිව්වලු ගෙදර කට්ටියනම් මන්ද කොලුවෝ බල්ලනම් විරුද්ධ පක්ෂෙ කියලා. (නදී)

:       0       0

දිල් Tuesday, 09 September 2014 08:24 AM

අපේ පුංචිගෙ දුව පොඩි කාලෙ අපි කියන නිසා එයාගෙ අම්මටයි තාත්තටයි පුංචියි බාප්පියි කියන්න ගත්තා. ඒක නතර කරන්න ඕනෙ නිසා අන්තිමේ පුංචියි බාප්පියි දෙන්නට දෙන්න අම්මයි තාත්තයි කියන්න ගත්තා. දැනටත් එයාල එකිනෙකා අමතන්නෙ ඒ විදියට. ඒක වරදක් නෙමේ. ඒකෙන් දෙන්න අතර ගෞරවය ආරක්ෂා වෙන්නත් ලොකු පිටුබලයක් ලැබෙනවා. (නදී)

:       0       0

රෙජි-සිඩ්නි Monday, 08 September 2014 03:55 AM

ඕක ඉතින් ඇත්ත නෑදෑ කමක් නොවේනේ. එවෙලෙට හදාගත්ත හින්දා ප්‍රශ්නයක් වෙන්නේ නැහැනේ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1270 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1223 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 445 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site