IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


මන්ත්‍රීගේ හිතවත්කම පෙන්වන්න ගිහින් ඇතිවෙන්න ඇදගෙන නාගෙන

(කරන්දෙණිය - එම්. සුසිල් ප්‍රියන්ත)


ඔහු පළාතේ මන්ත්‍රීතුමාගේ හිතවතෙකි. එහෙත් ඔහුගේ හැටි දන්නා හෙයින් මන්ත්‍රීවරයා ඔහු ආශ්‍රය කළේ අතේ දුරිනි. එය ඔහුට මදිකමකි. ගමේ අයට තමන් මන්ත්‍රීතුමාගේ අගසව්වකු බව පෙන්වීමට ඔහුට අවශ්‍ය විය. ගමේ අයගෙන් ලකුණු දා ගත හැක්කේ එමගින් යැයි ඔහු සිතුවේය. එයට වේලාවක් එනතුරු ඔහු මග බලාගෙන සිටියේය.


තමන්ගේ මන්ත්‍රී ප්‍රතිපාදනවලින් ඒ ගමේ සුබ සාධක සමිතියට ටෙන්ට් හා පුටු පරිත්‍යාග කිරීමට මන්ත්‍රීවරයා සැලසුම් කළේය. දිනය නියම විය. ගමේ පිරිස රැස් කරවා උත්සවයක්ද සංවිධානය කෙරිණි. මන්ත්‍රීගේ අගසව්වකු බව පෙන්වා ගම්මුන්ගෙන් ලකුණු දා ගැනීමට මග බලාගෙන සිටි එම පුද්ගලයාට මෙම උත්සවය ආරංචි විය.


‘‘හොඳම වෙලාව’’ ඔහු කල්පනා කළේය.


එම ගමේ සිට නගරයට කිලෝ මීටර පහක පමණ දුරකි. 


නගරයට ගොස් මන්ත්‍රීවරයාගේ නිල රථය නතර කර මග පෙන්වන මුවාවෙන් එම නිල රියේම නැගී ගමට ආ යුතුයැයි ඔහු සිතුවේය.
ඔහුට අලුත්ම ට්‍රේල් වර්ගයේ ‘‘බයික්’’ එකක් විය. මිල අධික ‘‘හෙල්මටයක්’’ ඔහු මිලදීගෙන තිබුණේ ඊට පෙර සතියේදීය. ඔහු එම හෙල්මටය පැළඳ යතුරු පැදියෙන් නගරයට ගියේය.


මන්ත්‍රීවරයා රැගත් රිය නගරයට ආවේය. ඔහු අත දමා නිල රිය නතර කර ගත්තේය.


‘‘ඔබතුමා බයික් එකෙන් ඉස්සරහින් යන්න. මම ඒ පස්සෙන් එන්නම්’’ නිල රියේ රියැදුරා කීවේය. ඒ, යතුරු පැදිය ගැනීමට නැවත ඔහුට නගරයට ඒමට සිදුවන හෙයිනි.


එහෙත් බලෙන්ම මෙන් නිල රියට ගොඩවිය. උත්සවයට විශාල පිරිසක් එක්ව සිටියහ. ඒ පිරිස මැද ඔහු නිල රියෙන් බැස්සේ උජාරුවෙනි. ඔහු මන්ත්‍රීවරයා ළඟින්ම ගමන් කළේ ගම්මුන්ට තමන්ගේ ලොකුකම පෙන්වීමටය.


උත්සවය නිමාවට පත්විය. මන්ත්‍රීවරයා පිරිසට ආයුබෝවන් කියා නිලරියට ගොඩ විය. ඔහුද නිල රියට ගොඩවූයේ නගරයට ගොස් යතුරු පැදිය ගැනීමටය.


නිල රිය නගරයට පැමිණියේය. ඔහු බැස්සවූ පසු නිල රිය වේගයෙන් ඉගිලී ගියේය. යතුරු පැදිය තිබිණි. එහෙත් දහස් ගණනක් වටිනා හෙල්මටය නැත. සොයා ඵලක් නැති බව ඔහු දනී. හෙල්මටයක් ඉල්ලා ගැනීමට තරමට දන්නා හඳුනන අයකු ළඟපාත නැත. එහෙත් ගමට යා යුතුය. ඔහු හෙල්මටය නැතිව යතුරුපැදිය පණ ගන්වා නගරය මැදින් පියාසර කළේය. ඔහුට වැඩි දුරක් යාමට හැකි වූයේ නැත.
ට්‍රැෆික් රාලහාමිලා දෙදෙනෙක් යතුරුපැදිය නතර කළහ. ‘‘හෙල්මටයක්’’ නොමැතිව රිය පැදවීමේ වරදට ඔහුට දඩ කොළයක් ලැබිණි. යතුරු පැදිය තල්ලු කරගෙන යන ලෙසද නියෝග කෙරිණි. ඒ නියෝගයට යටත් වෙනවා හැරෙන්න ඔහුට කළ හැකි වෙනත් දෙයක් ද නැත. දහදිය මුගුරු පෙරාගෙන ඔහු නගරය මැදින් යතුරු පැදිය තල්ලු කරගෙන ගියේය. හැමෝම තමන්ට සිනාසෙනවා යැයි ඔහුට සිතිණ.

 



අදහස් (0)

මන්ත්‍රීගේ හිතවත්කම පෙන්වන්න ගිහින් ඇතිවෙන්න ඇදගෙන නාගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 95 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 34 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 738 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site