IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


මධුසමයට කූඩුවේ ලගින්න වෙලා


රාජාංගණය -නුවන් කුමාර



 විවාහ වූ දිනයේ ම මධු සමය වෙනුවට මනමාලයාට පොලිස් කූඩුවේ ගත කිරීමට සිදුවූ පුවතක් ගිරිබාව පොලිසියෙන් වාර්තාවේ.
ගිරිබාව ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු ඒ ආසන්නයේ ගමක පදිංචි තරුණියක සමග දිගු කලක සිට ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් තිබිණි.
 ඔවුන්ගේ ප්‍රේම සම්බන්ධතාවට දෙපාර්ශවයේම ආශිර්වාදය ලැබී විවාහ උත්සවය ඉතා ඉහළින් ගෙන ඇත.
විවාහ උත්සවය සිදුවු දිනයේ සිය මනාලිය තමන්ගේ නිවසට කැන්දාගෙන ගොස් විවාහ උත්සවය ඡායාරූප ගත කළ අයට මුදල් ගෙවීම සදහා මනමාලයා තම මෝටර් රථයෙන් රාජාංගණය 5 කණුව ප්‍රදේශයට ගොස් ඇත.


අදාළ මුදල් ගෙවා නැවතත් නිවසට පැමිණෙමින් සිටියදී මාර්ගයේ ගමන් කරමින් සිටි පිරිමි දරුවකු මෙම මෝටර් රථයේ ගැටී ඇති අතර තුවාල ලැබූ දරුවා රෝහල් ගත කෙරිණි.
දරුවා රෝහල් ගත කරද්දී අපරික්ෂාකාරි ලෙස රිය ධාවනය කළ ‍මනමාලයා ගිරිබාව පොලීසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කරන තුරු ඔහුට පොලිස් කූඩුවේ සිටීමට සිදුවිය.
තම ස්වාමියා නිවසට එනතුරු මග බලා සිටි මනමාලියට සිදුවූයේ ඔහු බැලීමට පොලිසියට යෑමටය.
වසර ගණනක් පුරාවට පෙරුම් පුරමින් මධුසමය ගතකිරීමට ඇඟිලි ගනිමින් සිටි තරුණයාටත් තරුණියටත් සිදුවූයේ මංගල දිනයේම දෙතැනකට වී කල් ගෙවීමටය.
ආරක්ෂාකාරි ලෙස රිය ධාවනය කළේ නම් අනතුර වළක්වා ගනිමින් තමන්ගේ බලාපොරොත්තු ඉටුකර ගැනීමට තිබූ බව මෙය කන වැටුන බොහෝ පිරිසක් පවසති.

 



අදහස් (0)

මධුසමයට කූඩුවේ ලගින්න වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1585 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1375 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 490 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site