IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


මදාවි කොල්ලන් ලෑල්ලේ ගැසූ දැන්වීමෙන් මුදලාලිට යකා නගී

(මෝදර සී. ඉග්නේෂස් ඇන්තනී)
සේතං නමින් හඳුන්වන ඔහු ගමේ විශාල කඩයක් කරන මුදලාලි කෙනෙකි. ගමේ තව පොඩි කඩ තිබුණත් බොහෝ අය එන්නේ මේ කඬේටමය. කඬේ හැම බඩුවක්ම තිබෙන නිසා මුදලාලි ප්‍රසිද්ධය.


වැඩිහිටි කාක් කවුරුවත් එක්ක හොඳින් ඉන්න මුදලාලි හැමදාම සවස් කාලයේ මිතුරන් සමග සතුටු සාමීවියේ යෙදෙන්නේය. ඒ වෙලාවට කඬේ වෙළෙඳාම් කරන්නේ මුදලාලිගේ හාමිනේ සහ සේවක දෙතුන් දෙනෙකි. හැමදාම රාත්‍රි 7,8 වනවිට කඬේ වැසීම මුදලාලිගේ සිරිතය. වෙළෙඳ දැන්වීම් වෙනත් දැන්වීම්, ඡන්ද පෝස්ටර් සහ ඕනෑම දැන්වීමක් කඬේ ඇලවීමට ඉඩදී තිබෙන්නේ මුදලාලිගේ හිත හොඳ නිසාය.


පසුගිය දිනෙක මුදලාලිගේ හිතවතෙක් අවිත් මුදාලාලි දැන්වීමක් තිබෙනවා කඬේ එල්ලන්න දැයි ඇසීය. ඒ සවස් කාලයේය. බලමු දැන්වීම මොකක්දැයි කියලා මුදලාලි හිතවතාගෙන් ඇසුවේය. හිතවතා දැන්වීම මුදලාලි අත තැබීය. නිවසක් කුලියට දිමට තිබේ. මුදලාලිගෙන් විමසන්නැයි කියා එහි ලොකු අකුරෙන් ලියා තිබිණි. මේක කාටත් පේන තැනක එල්ලන්නැයි කියා මුදලාලි කී විට හිතවතා එය පේන තැනකම එල්ලුවේය. 


එතැන සිටි කවුරුත් එම දැන්වීම දුටුවෝය. තව තවත් දැන්වීම් කඬේ පුරාම ය. කවදත් වහන වෙලාවට එදිනත් කඩය වසා මුදලාලි ගෙදර ගියේය. පසුවදා උදේ බඩු ගන්න ආ කාන්තාවක් ලොකු අකුරෙන් ලියා තිබෙන දැන්වීම දැක මේ දැන්වීමේ තේරුම මොකක්දැයි මුදලාලිගෙන් ඇසුවාය. මුදලාලි එළියටඇවිත්  දැන්වීම් දෙස හොඳින් බැලීය. නිවසක් කුළියට දී තිබේ. මුදලාලිගෙන් විමසන්නයි එහි සඳන් වී තිබිණි.


මුදලාලිට කේන්ති ගියේය. බලපන් ගැහැනියේ මෙකේ ලියලා තිබුණේ නිවසක් කුලියට දීමට තිබෙනවා කිලයයි. මේක නොසන්ඩාල කොල්ලන්ගේ වැඩක්. රෑ තිස්සේ ගස්වල ගෙඩි කඩන කොල්ලෝ මේකේ ලියා තිබුණු දීමට කියන වචනයේ මට යන අකුරු දෙක මකලානේ යැයි මුදලාලි කීය.


මේවගේ වැඩ කරන කොල්ලෝ ටිකක් මේ ගමේ ඉන්නවා බව මම දන්නවා. උන්ට යස පාඩමක් උගන්වනවා කියමින් මුදලාලි පරුෂ වචනයෙන් බැන වැදුනේය. 

 



අදහස් (0)

මදාවි කොල්ලන් ලෑල්ලේ ගැසූ දැන්වීමෙන් මුදලාලිට යකා නගී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 601 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 753 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 317 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site