(අලුත්ගම තුසිත කුමාර ද සිල්වා)
මෙයට වසර 15කට පමණ පෙර පයාගල මලේගොඩ ප්‍රදේශයේ මරණයට නියමව සිටි ගවයකුට එම ප්‍රදේශයේම ව්‍යාපාරිකයෙක් විසින් අභය දානය දෙන ලදී. ඉන් පසු එම ගවයාට නිදැල්ලේ සිටීමට ඉඩ සලසා තිබේ.
මීට දින කිහිපයකට පෙර එම ව්‍යාපාරිකයා මියගිය අතර දින කිහිපයකින් අවසන් කටයුතු සිදු කර තිබේ එම පුද්ගලයාගේ අවමංගල්‍ය කටයුතු අවසන් කළ දිනට පසු දින නිදැල්ලේ ඇවිද යන ගවයා මියගිය පුද්ගලයාගේ නිවස අසලට පැමිණ කිසිවකුට අදහා ගත නොහැකි අයුරින් ඇද වැටී මියගොස් තිබෙන පුවත ගම පුරා පැතිර ගියේය.
ගම්වාසීන්ටත් නිවැසියන්ටත් මෙය අදහාගත නොහැකි පුවතකි. මියගිය ව්‍යාපාරිකයා 73 වියේ සිටි අයකු වන අතර මියගිය ගවයා වසර විස්සක් පමණ වන බවත් ගම්වාසීහු කියති. මලේගොඩ ප්‍රදේශයේ බාල මහලු කොයි කවුරුත් මෙම ගවයාට කිසිදු හිංසනයක් නොකරන අතර මෙම ගවයා මියයන තෙක්ම සිය හාම්පුතාගේ නිවස පිහිටි ඉඩමේ රාත්‍රිය ගත කර දිවා කාලය නිදැල්ලේ වසර පහළොවක්ම ඇවිද උලා කා තිබේ.
මෙම තොරතුරු පයාගල පොලිස් ස්ථානාධිපති ගුණතිලක මහතාගෙන් අනාවරණය කරගැනීමට හැකි විය.
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
මුදලාලිගේ නිවස ඉදිරිපිටදී අභයදානය ලද ගවයා අවසන් ගමනේ