IMG-LOGO

මත් නිවාරණ වැඩසටහනේ උපදේශකට බයිට් එක්ක බෝතලයක්දීලා

(වැල්ලව ශිවා බණ්ඩාර)
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන යටතේ මත්ද්‍රව්‍ය නිවාරණ උපදේශනයට ගිය නිලධාරියාට මත්පැනින් සංග්‍රහ කිරීමට ගිය සිද්ධියක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකින් වාර්තා වේ.


සිද්ධිය මෙසේය.


ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් සෑම වසමකින්ම අතිශයින් මත්ද්‍රව්‍ය භාවිතය සඳහා යොමු වූ පුද්ගලයින් ඉන් මුදවා ගැනීමේ වැඩසටහනක් මේ වන විට ක්‍රියාත්මක වේ. මෙහිදී සිදු වන්නේ ඔවුන් ඉන් මුදා ගැනීමේ අරමුණින් එම පුද්ගලයින්ගේ නිවාසවලට උපදේශන නිලධාරීන් පැමිණ ඔවුන් සමග සුහද වී උපක්‍රමශීලීව ඔවුන් එම තත්ත්වයෙන් මුදවා ගැනීමට කටයුතු කිරීමයි.


ඒ අනුව අදාළ නිලධාරියා එම නිවසට පැමිණ සුහදව ආගිය තොරතුරු කතා කරමින් පසුවී ඇත. මද වේලාවකින් තම මස්සිනා මෑතක දී රට සිට පැමිණි බව පවසා මහත්තයට ඉතින් අපිත් සලකන්න එපැයි පවසා ඇත.


ගෙතුළ සිටින බිරිඳට බිත්තරයක් ඔම්ලට් හදන ලෙස පවසා ඇති අතර මද වේලාවකින් ඔම්ලට් සමග විදේශීය මත්පැන් බෝතලයක් රැගෙන අදාළ පුද්ගලයා පැමිණ ඇත.


මහත්තයට ඉතින් අපිට වගේ දීල බෑනේ යැයි පවසද්දි උපදේශන නිලධාරියාට දෙලොව රත්වී ඇත.



අදහස් (0)

මත් නිවාරණ වැඩසටහනේ උපදේශකට බයිට් එක්ක බෝතලයක්දීලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 22 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1558 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1686 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site