(නිකවැරටිය - ප්‍රියාණි මංගලිකා)
මෝටර් රථයකින් ගමනක් යමින් සිටි ව්‍යාපාරිකයකුගේ මෝටර් රථයේ හැපුන බීමත් පුද්ගලයකුගේ මුවාවෙන් වාසි ලබා ගැනීමට ගිය පිරිසකට සිදුවූ ඇබැද්දියක් පිළිබඳ පුවතක් නිකවැරටියට ආසන්න පෙදෙසකින් වාර්තා වේ.
සිද්ධිය මෙසේය.

ව්‍යාපාරිකයා මිතුරකු ද සමඟ මෝටර් රථයකින් ගමනක් යමින් සිටියදී ප්‍රධාන මාර්ගය අද්දර සිටි බීමත් පුද්ගලයකු මෝටර් රථයේ ගැටී ඇත. කලබලයට පත්වූ ව්‍යාපාරිකයා තමාට වූ අලාභය ගැන ද නොසිතා වැටුණු පුද්ගලයා ළඟට දිව ගියේය.
මෝටර් රථයේ ගැටුණ පුද්ගලයාට අමාරුවක් නොමැති බව දැනගත් ව්‍යාපාරිකයා සැනසුම් සුසුමක් හෙලූ නමුත් තම මෝටර් රථයේ ඉදිරිපස වීදුරුවට හානි විය. ඔහු එය සාදා ගැනීම සඳහා යාමට සැරසුණි.
එහෙත් ඔහුට යන්නට නොලැබුණේ අනතුරට පත් පුද්ගලයා සහ ඔහුගේ බීමත් මිතුරන් පිරිසක් එක්ව ව්‍යාපාරිකයාට යුද්ධ ප්‍රකාශ කර ඔහුගෙන් ගාණක් කපා ගැනීමට උත්සාහ කළ නිසාය. කලබලයට පත් ව්‍යාපාරිකයා පළාතේ පොලිසිය ඇමතීය.
ටික වෙලාවකින් පොලිස් නිලධාරීන් දෙදෙනකු එම ස්ථානයට පැමිණීමත් සමඟ ව්‍යාපාරිකයා සිදුවූ දෙය පොලිස් නිලධාරීන්ට පැවැසීය. පසුව අනතුරට පත් පුද්ගලයා බීමත්ව හොඳටම පදම් වී සිටි නිසා පොලිස් නිලධාරීන් දැක මහත් කලබලයට ද පත්වූයේය. ඔහු බයෙන් ගැහෙන්නට විය.
පසුව අනතුරට පත් පුද්ගලයා පොලිස් නිලධාරීන් සහ ව්‍යාපාරිකයා අමතමින් මෙසේ කියා ඇත.
“මගේ අත වැදුනා කාර් එකේ. සර් මට කිසිම අමාරුවක් නෑ. සර්ලා යන්න.”
පසුව තම සහායට ආ මිතුරන් දෙසට හැරී මෙසේ කීවේලු.
“මට අමාරුවකුත් නෑ. මට සල්ලිත් එපා. මම බීලත් නෑ. උඹලට ඇයි මොකද වෙන්න ඕනේ.”
කෝපයට පත් මිතුරන් ඔහුට යුද්ධ ප්‍රකාශ කරද්දී අසල සිටි කාට කාටත් සිනා පහළ විය.
2025 දෙසැම්බර් මස 04
790
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
586
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මිතුරු මුවාවෙන් ගාන කපන්න ගිහින් වැරැදිලා