IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


මිතුරාගේ යතුරු පැදිය උකස් තබා ලක්ෂපතියකු වෙලා

හදිසියේ රෝගී වූ  තම දරුවා රෝහලකට රැගෙන යෑමට අවශ්‍ය බව පවසා මිතුරකුගෙන් ඉල්ලාගත් යතුරු පැදියක්  උගසට තබා ලබා ගත් මුදලින් ඔට්ටු අල්ලා ජයග්‍රහණය කොට යතුරු පැදිකරුට ද රුපියල් දස දහසක  සන්තෝසමක් දීමට තරම් ක්ෂණික ලක්ෂපතියෙකු වූ පුද්ගලයකු පිළිබඳ කියවෙන පුවතකි.


සිද්ධිය මෙසේය.


 ගම්බද ප්‍රදේශයකි. අලු‍ත් අවුරුද්ද පහව ගියද තැන තැන  පැවැත්වෙන ඔට්ටු පොළවලින් සහ බූරු පොළවලින් නම් තවමත් අඩුවක් නැත.


  අප කතානායකයා ද ඔට්ටු ඇල්ලීමට මෙන්ම බූරුවා ගැසීමටද උපන් හපන්කම් ඇත්තෙකි. අලුත් අවුරුදු සමයේදී  කලින් ලැබුණු මාසික වැටුප මෙන්ම ඉතිරි කරගෙන තිබූ මුදල් ද ඔට්ටු ඇල්ලීමෙන් පරාජයට පත්වූ හෙතෙම එදින ඔහු සේවය කරන ආයතනයේ සේවය සඳහා පිටව ගියේ කනස්සලු‍ සිතිනි.


   ඔට්ටු ඇල්ලීමේ ජය පැරදුම ගැන හොඳින් දන්නා හෙතෙම යළිත් ඔට්ටු පොළකට ගොස් මුදලක් ඔට්ටු ඇල්ලීමේ ක්‍රමයක් කල්පනා කරමින් සිටියේ ඒ සඳහා මුදල් සොයාගැනීමේ උපායක් ගැන ද මෙනෙහි කරමිනි.


ගණදෙවි නුවණ පහළ වූයේ තම මිතුරාගේ යතුරු පැදිය දැකීමෙනි. ‘මචං දරුවාට අසනීපයිලු‍ මට බයික් එක පොඩ්ඩක් දීපන් මං සුටුස් ගාලා එනවා‘‘ යැයි පැවසූ හෙතෙම මිතුරාගේ යතුරුපැදියද ගෙන මිටෙන්හළ කුරුල්ලෙකු සේ ඉගිල ගියේ ගමේ පොලී මුදලාලි වෙතය.
 රුපියල් 25000 ක් ගිනි පොලියට යතුරුපැදිය මුදලාලිට දුන් හෙතෙම මුදලද රැගෙන කෙලින්ම පිටව ගියේ ගමේ ඔට්ටු පොළටය.  රුපියල් 5000 ට 10,000 ට ඔට්ටු තැබූ හෙතෙම පැය භාගයක් යන්නටත් මත්තෙන් ඔට්ටු පොළ මුළුමණින්ම හිස් කළේ රුපියල් ලක්ෂයකටත් අධික මුදලක් ජයග්‍රහණය කරමිනි.


  ජයග්‍රාහී ලීලාවෙන් පොලී මුදලාලි වෙත ගිය හෙතෙම පොලියද ගෙවා   යතුරුපැදිය ද රැගෙන මිතුරා හමුවූයේ ජයග්‍රහණයේ සතුට ඔහු සමග බුක්තිවිඳිනු රිසියෙනි.


    පසුම්බියට අත දැමූ හෙතෙම යතුරුපැදිකරු අත  රුපියල් 10,000ක මුදලක් තැබුවේ ‘මචං බොහොම ස්තූතියි‘‘  පවසමිනි. එහෙත් මුදල ලැබුණු කාරණය දැනගත් මිතුරා මුදල ලබාගැනීම ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ ‘මචං මට ඔය අනුන්ගේ දාඩිය ගෑවුනු සල්ලි එපා. මම තියෙන විදිහට ජීවත් වෙන්නම්. හැබැයි කවදාවත් ආයෙ මගේ බයිසිකලේ නම් ඉල්ලන්න එපා. මොකද හැමදාම උඹට දිනන්න බැහැනේ. අපි දෙන්නගෙ යාළුකම විතරක් තියාගම්මු’ යනුවෙනි.

වියලුව වාර්තාකරු

 



අදහස් (0)

මිතුරාගේ යතුරු පැදිය උකස් තබා ලක්ෂපතියකු වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 65 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2015 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1562 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site