IMG-LOGO

මත්පැන් සාදයේ දඩමස හෙළිවී දවස් 2ක් ගෙදර ඉන්න වෙලා

(හසලක වාර්තාකරු)
උපන්දින සාජ්ජයකදී දඩ මස් ආහාරයට ගත් තරුණයන් සයදෙනකුගෙන් සිව්දෙනකුට සාජ්ජය නිමාවීමෙන් පසු ගමේ වෙද මහතාගේ පිහිට පැතීමට සිදු වූයේ එම දඩ මස් තලගොයි මස් බව දැනීමෙන් පසු ඇති වූ නොනවතින ඔක්කාරය නිසාවෙනි.


හසලකට නුදුරු ගම්මානයක පදිංචි ඔහු පෞද්ගලික ආයතනයක සේවය කරනු ලබන අවිවාහක තරුණයෙකි. තම 26 වැනි උපන්දිනය යෙදෙන දා ආයතනයේ සේවය කරනු ලබන යහළුවන්ට සාදයක් දීමට ඔහු අදහස් කරගෙන එදින සවස තම නිවසට පැමිණෙන ලෙස පස්දෙනකුට ඇරියුම් කර තිබුණි.


නියමිත දින නියමිත වේලාවට යහළුවන් පස්දෙනා පැමිණි අතර තේ පැන් සංග්‍රහයෙන් අනතුරුව ඔවුන්ට ඇරයුම් කළේ සැර යමක් පානය කිරීම සඳහාය. ඒ සඳහා නිවස අසල තිබූ වඩු මඩුවේ කොටසක් සූදානම් කර තිබුණි. සාජ්ජය සඳහා අවශ්‍ය කළමනා සැකැසීම ගමේ හිතවතකුට පවරා තිබූ අතර ඔහු ඒ කාර්යය නිසි අයුරින් ඉටු කර තිබුණු බව දැනුණේ ඒ සඳහා බෝතල් මෙන්ම අනෙකුත් කටගැස්මවලට අමතරව කලෙකින් භුක්ති විඳීමට ලැබෙන දඩ මසක් ද සකස් කර තිබුණු හෙයිනි.


“නියමයි අද හොඳ දඩ මසකුත් තියෙනවා. හොඳට අද බොන්න පුළුවන්” යැයි කියමින් පිරිස මධු සාජ්ජය ආරම්භ කළ අතර යහළුවන් මස් වර්ගය ගැන විමසීමේදී ඔහු පැවැසුවේ මගේ ගෝලයා කොහෙන් හරි මස් ගෙන එන්නට ඇති බවත් මස් මොන මස් ද යන්න තමන් නොදන්නා බවයි. ඒ වනවිට සැපැයුම්කරු වෙන කටයුත්තකට ගොස් තිබුණි.

අයකු මේ මස් ගෝන මස් බවත්, තවත් අයකු මේවා මුව මස් බවත් තර්ක කර ඔවුන් පැය දෙකක් වැනි කෙටි කාලයකදී අල්ලාප සල්ලාපයේ යෙදෙමින් ගීත ගයමින් රැගෙනවිත් තිබූ බෝතල් දෙක ද කට ගැස්මේ පීරිසි ටික ද හිස් කිරීමට සමත් විය.


පසුව රාත්‍රී ආහාරයට ඇරයුම් ලැබුණෙන් එය ද භුක්ති විඳි පිරිස විසිර යෑමට ආසන්නයේ මස් සැපැයූ හිතවතා එම ස්ථානයට පැමිණියේය. මස් කරිය ඉතා හොඳට රසට සකසා තිබීම පිළිබඳව ඔහුට මුව නොසෑහෙන ලෙස ස්තුති කර “මොනවා ද මේ මස්” යැයි කණ්ඩායම ඔහුගෙන් විමසනු ලැබීය. “ආ ඔව්වා තලගොයි මස්නේ. අර එහා ගමේ සිරිසේනට කියලා මම ගෙන්වා ගත්තේ. ඕනෑ නම් ඌට කියලා හෙට මස් ටිකක් ගෙන්වලා දෙන්නම්” කීවා පමණි. අයෙක් “ඕක්” ගෑවේය. ගත වූයේ තත්පර කිහිපයකි. ඒ සමගම තරුණයන් සිව්දෙනකුටම එම ඔක්කාර රෝගය වැළඳුණි.


ඔවුන් හතරදෙනා පැයක පමණ කාලයක් ඔක්කාරය කළ අතර පසුව නිවෙස් හිමියා ඔවුන්ගේ ඔක්කාරය නොනවතින නිසා රාත්‍රී 11ට පමණ එම සිව්දෙනා රැගෙන අසල ගමේ වෙද මහතා ළඟට ගොස් ප්‍රතිකාර කිරීමෙන් පසු ඔක්කාර නිමා වුවත් ඔවුන් සිව්දෙනාට දින දෙකක් පමණ රාජකාරියට වාර්තා කිරීමට ද නොහැකි විය.

 



අදහස් (0)

මත්පැන් සාදයේ දඩමස හෙළිවී දවස් 2ක් ගෙදර ඉන්න වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 22 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1558 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1684 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site