IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


මූණු පොතේ කොරෝනා බේත් බී ගමක් ලෙඩවෙලා

(මීරිගම විශේෂ - පුෂ්පකුමාර මල්ලවආරච්චි)
මුහුණුපොතේ දැන්වීමකට අනුව කොරෝනා බෙහෙතක් සාද‌ා පානය කළ බව කියන   ගම්වැසි පිරිසක කිහිපදෙනකු කැරකිල්ල, ක්ලාන්තය වැනි රෝග තත්ත්වයන්ට මුහුණ පෑමේ පුවතක් ගම්පහ දිසාවේ ගම්මානයකින් වාර්තා වෙයි.


මෙම පිරිස අදාළ ඔසු වර්ග සොයා යද්දී ඒ සම්බන්ධයෙන් දැනුමැති අයකු එක් විශේෂිත ඔසු වර්ගයක් වැඩිපුර ගැනීමෙන් ඇති විය හැකි වෙනත් උපද්‍රව්‍ය පිළිබඳව දන්වා ඇතත් මේ පිරිස ඔහුගේ අදහසට වඩා මුහුණුපොත විශ්වාසයට ගෙන ඇත. එම ඔසු වර්ගය නිසා සිරුරේ සීනි මට්ටම දැඩි ලෙස පාලනය වන බවත් ඖෂධය සකසා පානය කරන්නේ නම් සීනි ආහාරයට ගැනීම වැදගත් බවත් ඔහු එම පිරිසට කියා දී තිබේ.


එම අදහස් පසෙකලා මේ පිරිස සාදාගත් ඖෂධය දින හයක් තිස්සේ පානය කර ඇති මේ අතරතුර ඔවුන්ට පෙර කී රෝගී තත්ත්වයන් ඇති වී තිබේ. පසුව දන්නා හඳුනන වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර ගෙන ඇති අතර ඔවුන්ගේ සිරුරේ සීනි මට්ටම අඩුවීම නිසා ඔවුන් රෝගී වී ඇති බව එහිදී හෙළි වී ඇත.


‘‘ගමේ එකාට වඩා මුහුණුපොත විශ්වාස කළ අපිට මෙහෙම වෙලා මදි’’යැයි ඒ අතර සිටි වැඩිහිටියකු පැවසූ බව ද වාර්තා වේ.

 



අදහස් (1)

මූණු පොතේ කොරෝනා බේත් බී ගමක් ලෙඩවෙලා

Sri Lanka Wednesday, 02 June 2021 08:21 PM

අපේ දේශීය වෙදකමට විහිළු කරන්න එපා... කොරෝනාවලට කඩේ යන්න එපා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 109 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 21 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 676 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site