IMG-LOGO

2025 ඔක්තෝබර් මස 30 වන බ්‍රහස්පතින්දා


මැණික් ගරන්නා අලි කකුල් අස්සේ තද නින්දේ

(නාඋල ඉන්දික අරුණ කුමාර)
වස්ගමුව ජාතික වනෝද්‍යානයට මායිම්ව පිහිටි කුමාර ඇල්ල ප්‍රදේශයේ රාත්‍රී කාලයේ මැණික් ගැරීම කාලයක් තිස්සේ සිදුවන්නකි. එය මහා පරිමාණයෙන් නොවුවද ඇළේ දොළේ පතුළ අත ගා විනෝදයට මෙන් කුඩා හෝ මැණික් ගලක් සොයා ගැනීමට අවට පිරිස් පුරුදු වී ඇත්තේ මැණික් සඳහා පවතින මිල හේතුවෙනි.


දිනක් යාබද ගමක පිරිසක් රාත්‍රියේ වස්ගමුව වනාන්තරයේම නැවතී පසුදින මැණික් ගැරීමට සැරසී තිබේ. හෙට සිට මැණික් ගැරීමට ඇති හෙයින් කලින් නිදා ගැනීමට පිරිසක් සූදානම් වෙද්දි කිහිප දෙනෙකු මදු විත තොලකට ගෑමට සැරසුනේ හෙට සිට මැණික් සෙවීමේ කටයුත්තට සූදානම් වෙමිනි.


කෙසේ වෙතත් රෑ මැදියම වෙද්දී හොඳටම සූර් වූ පුද්ගලයකු නැවතී සිටි තැනින් මද දුරක් ඇවිද ගියේ හඳපානේ වස්ගමුව වන පෙතේ සුන්දරත්වය විඳීමේ අටියෙනි.
මද වේලාවක් ගත වුවත් සිය සගයා ආපසු පැමිණි බවක් හෝ ඔහු පිරිස අතරින් ඉවත්ව ගිය බවක් සෙසු පිරිසට අවබෝධ නොවූයේ සූර් වීමේ පදම වැඩි නිසාමය.
මේ අල්ලපනල්ලේ සූර් වී සිටි පුද්ගලයා ද එළිමහනේ හඳේ අසිරිය විඳිමින් හීංසීරුවේ බිම දිගා වූයේ වනාන්තරය පිස එන මද සුළඟට ඇති ලෝබකමිනි. කෙසේ වෙතත් රාත්‍රියේ හක්කලං කරන වල් අලියෙකු නිදා සිටි පුද්ගලයා ආසන්නයෙන් ගමන් ගත්තේ හැල හොල්මනේය.


අලියා ද නිදා සිටි පුද්ගලයාට කරදරයක් නොකොට හීන්සැරේ මාරු වී ගියද නිදා සිටි පුද්ගලයා හිටි හැටියේ අවදි වූයේ අලියා සිය ඇඟ උඩින් මාරු වී යන අවස්ථාවේදීමය. දෙපැත්තෙන් යෝධ කකුල් දුටු මේ පුද්ගලයා මරහඬ දී කෑ ගසන්නට විය.


 අලියා ද මේ හඬට කලබල වී පැත්ත නොබලා දුවන්නට විය.


 නිදාසිටි පුද්ගලයාද හඳ බැලීම පසෙක තබා ඉදිරියට දිව ගියේය. අලියා දුවන ඉසව්ව මග හැරීමට යාබද ඇළකට කළුවරේම පැනීම හොඳ යැයි සිතූ මොහු කළේ ඇළට පැනීමය. සිදුවූයේ හීනෙකින්වත් නොසිතූ දෙයකි. වලහෙක් ද මේ ඇළේ සැඟ වී සිට ඇත. එකවරම ඇඟට කඩා වැටුණ මහා බරත් සමග කලබල වූ වලසා ද මරලතෝනි දී ඇළ ඉවුරත් බිඳගෙන දුවන්නට විය.


සිද්ධියෙන් පසු වස්ගමුවේ මැණික් ගැරීම පසෙකලා අලුයමින්ම පිරිස ගම්බිම් බලා ආපසු පිටත් වූයේ ආයේ නම් කිසිදාක වස්ගමුවේ පස් පාගන්නවත් නොඑන බව කියමිනි.

 



අදහස් (1)

මැණික් ගරන්නා අලි කකුල් අස්සේ තද නින්දේ

දිමුත් Monday, 25 March 2019 11:31 AM

මේකට නම් හරිම හිනා. ඇත්තටම වුනු දෙයක්ද?

:       64       20

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1703 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1421 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 512 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site