IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


මැඩම්ගේ ප්‍රශ්නයෙන් සෙකියුරිටිලා බඩගින්නේ

(සෙංකඩගල – සිසිර කුමාර බණ්ඩාර)
මෙරට විදෙස් ආයතනයක පෞද්ගලික ආරක්ෂක අංශයේ මුර රාජකාරියේ නියුතු 15 දෙනකුට දහවල් ආහාරයට කුඩා කේක් කැබලි කිහිපයකින් සැහීමට පත්වීමට සිදුවූ සිද්ධියක් අගනුවරින් වාර්තාවේ.


කොළඹ ප්‍රදේහයේ ප්‍රධාන විදෙස් ආයතනයක පෞද්ගලික ආරක්ෂක අංශයේ රාජකාරියේ නියුතු පිරිසකි. ආයතනයේ කාර්යාලයීය උසස් නිලධාරීන් පැමිණි වහාම ක්‍රියාත්මක වන මොවුහු තම රාජකාරිය අකුරටම ඉටු කරති. මෙම ආරක්ෂක නිලධාරින්ට උදේ, දවල්, රාත්‍රී ආහාර වේල් සපයන්නේ පිටස්තර පුද්ගලයෙකි. ඔහුට මාසයේ අන්තිමට කෑම පාර්සල් ගණන අනුව පෞද්ගලික ආරක්ෂක ආයතනයෙන් මුදල් ගෙවන අතර එය ආරක්ෂකයන්ගේ මාසික වැටුපෙන් අඩු කර ගනී.


එක දිනක් මෙම විදෙස් ආයතනයේ නිලධාරිනියක් උදේ වරුවේ ආයතනයට ඇතුළු වන ගමන් උෂ්ණත්වය පරීක්ෂා කර බලන ආරක්ෂක නිලධාරියාගෙන් අද දින කීදෙනකු වැඩ කරනවාදැයි විමසුවාය. ඊට පිළිතුර ලබා දෙමින් ඔහු කියා සිටියේ 15 දෙනකු වැඩ කරන බවය. ඉන් පසු ඇය තම රිය ධාවනය කරගෙන කාර්යාලයට ගියාය.


ඊට විනාඩි කීපයකට පසු උණ බැලූ ආරක්‍ෂක නිලධාරියා තම කණ්ඩායමේ ප්‍රධානියා වෙත පැමිණ මෙසේ කිවේය. ‘‘දැන් මෙතනින් ගිය මැඩම් අපි කී දෙනෙක් රාජකාරියේ ඉන්නවාද කියා ඇසුවා. මම කීවා 15 දෙනෙක් ඉන්නවා කියලා.’’ යැයි ඔහු කීවේය.


ටක්කෙටම අද දවල් කෑම දෙන්න වෙන්න ඇති. ඒ නිසා කෑම ගේන කෙනාට දවල් කෑම ගෙන්න එපා කියන්න. ඔහු වැඩිදුරටත් පැවැසීය.


ඒ අනුව කණ්ඩායම් නායකයාද දහවල් කෑම සපයන්නාට දුරකතන ඇමතුමක් ලබාදී කෑම අවලංගු කළේය.


කාලය වේගයෙන් ගෙවී ගිය අතර දැන් දවල් එකට පමණ ඇත. එහෙත් කෑම ගැන කිසිදු ආරංචියක් නැත. කාලය ටිකෙන් ටික ගෙවී ගියේය. දැන් දෙකට ද ආසන්නය. ආරක්ෂක නිලධාරින්ට දැන් හොඳටම බඩගිනිය. බැරිම තැන එක් නිලධාරියකු මුදල් එකතු කර කෑම පාර්සල් 3 ක් ගෙනැවිත් හත් අට දෙනෙක් එකතුවී කෑහ.


දහවල් දෙක හමාරට පමණ ඇත. බොහෝ දෙනකු සිතුවේ මැඩම් එම ආයතනයේ ඉහළ තනතුරක් දරණ බැවින් ආහාර ගැන අමතකවී ඇති බවකි. කරන්නට දෙයක් නැත. දහවල් ආහාර දෙන බව කී ආරක්ෂක නිලධාරියාද පෙනෙන්ට නැත.


දහවල් බඩගින්නේ ඉන්න සිදු වූයේ ඔහු නිසා බව පවසමින් ඔහුට හැමෝම බනින්න පටන් ගත්තේ ලවක් දෙවක් නැතිවය.


වේලාව සවස තුන පසුවී විනාඩි කිහිපයක් ගත වෙන්නට ඇති. එම ආයතනයේ සේවකයෙක් පැමිණ, මැඩම්ගේ උපන්දිනය අදයි. මෙය ආරක්ෂක අංශයේ මහත්වරුන්ට දෙන්න කියා, පවසමින් කණ්ඩායම් නායකයා අත පාර්සලයක් තැබීය. එය විවෘත කර බැලූ විට දක්නට ලැබුණේ අඟල් කාලකටත් අඩු ප්‍රමාණයේ කේක් කැබැලි 15 කි



අදහස් (1)

මැඩම්ගේ ප්‍රශ්නයෙන් සෙකියුරිටිලා බඩගින්නේ

kumarage Monday, 27 September 2021 12:34 PM

ආරක්ෂක අංශයේ අය වෙලත් එතැන වැඩකරන මිනිස්සු ගැන තේරුම් ගන්න බැරි නම් වැඩක් නැ. අපිට අපේ ආයතනයේ වැඩකරන කෙනෙක්ගේ නම කී පමණින් කියන්න පුළුවන්.. එයා මොන වගේ කෙනෙක්ද කියලා...

:       1       20

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1978 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1549 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site