දිගු කලක් පාපැදියෙන් ගොස් ලියුම් බෙදූ ගම්බද ප්‍රදේශයක සේවය කළ තැපැල් පියුන් මහත්මයකු ඉතා අමාරුවෙන් මිලදී ගත් අලුත්ම අලුත් යතුරුපැදියට මළකඩ කෑ පාපැදි බෙල් එකක් සවිකර ගැනීමට සිදුවූ පුවතක් මොර සමග ගලක් යන අරුත් දෙන නමක් ඇති දකුණේ ප්‍රදේශයකින් වාර්තා වේ.
වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.
ඔහු ඉතා කාරුණික ලියුම් බෙදන්නකු වූ අතර එකම කාර්යාලයක ඉතා දිගු කලක් සේවය කිරීමට තරම් වාසනාවන්ත වූයේය. එකම ප්‍රදේශයේ සේවය කිරීම නිසා ප්‍රදේශයේ ජනතාව සමග සමීප සබඳතාවකින් සේවය කිරීමට හැකි වූ අතර ජනතාවද ඔහුට අයියේ මල්ලී මාමේ ආදී වශයෙන් ආමන්ත්‍රණය කිරීමට පුරුදුව සිටියහ. ප්‍රදේශයේ මගුල් තුලා ආදියට පවා මොහුට ආරාධනා ලැබෙන අතර ඒ සියලුම අවස්ථා වලටද ඔහු සහභාගි වූයේය. එබැවින් මෙම ප්‍රදේශයේ ජනතාව ඔහුට ගහට පොත්ත මෙන් විය.
කෙසේ වුවද මැදිවියට පත්වන විට රෝගාබාධවලට ලක්ව මහන්සි ගතියක් දැනෙන්නට වූ නිසා පාපැදියට ආයුබෝවන් කීමට සිතූ ඔහු බැංකු ණය මුදලක්ද ලබාගෙන යතුරුපැදියක් මිලදී ගත්තේ දහසකුත් එකක් බලාපොරොත්තු ඇතිවය.
බයිසිකලය මිලදී ගෙන ඔහු එදා ලියුම් බෙදීමට නමෝ විත්තියෙන් දෙවියන් සිහිකර පිටත් වූයේ ලියුම් මිටියද හැඬලය මත තබාගෙන මහත් උජාරුවෙනි.
වෙනත් දිනවලදී පාපැදියෙන් ගොස් එක්වර බෙල් කරන විට නිවැසියන් කවුරුන් හෝ දිව එන්නේ ඉද්දගැසුවාක් මෙනි. එදින කොතෙක් නළාව ශබ්ද කළද කිසිවකු නොපැමිණියෙන් මහත්සේ අපහසුවට පත්වූ ඔහු ගේට්ටුවලට හා දොරවල්වලට තඩිබාමින් ලියුම් මිටිය බෙදා අවසන් කර නිවසට එන විට බොහෝ සවස් වී තිබුණි.
වෙනත් දිනවලදී වේලාසන නිවසට එන සැමියා ඉක්මනින් කටයුතු කිරීම සඳහා යතුරුපැදියේ ගොස් මෙසේ ප්‍රමාද වන විට බිරිඳ මහත් සේ බියට පත්ව සිටියාය.
ඒ ගැන විමසූ විට ඔහු බිරිඳට සිද්ධිය පැවසුවේ දැන් කුමක් කරන්නේදැයි මහත් සංවේගයකින් කල්පනා කරන බවයි.
එවිට බිරිඳ කදිම අදහසක් යෝජනා කළාය. ඔයා බයිසිකල් එකේ බෙල් එක ගලවල මෝටර් සයිකලේ සවිකරල ගෙවල් ළඟට ගිහින් ඉන්ජිම නවත්වල බෙල් කරන්න. මිනිස්සු දුවගෙන ඒවි යනුවෙන් පැවසුවාය.
ඔහු අකමැත්තෙන් වුවද කබල් බයිසිකලයේ තිබූ මළ බැඳුණු බෙල් එක ගලවා මෝටර් සයිකලයේ සවිකර බිරිඳ පැවසූ ආකාරයට බෙල් කරන විටම සුපුරුදු සේ කටයුතු සිදුවිය.
සිද්ධිය දැනගත් හිතවතුන් කොහොමද? හැඳිමිටේ නුවණ යනුවෙන් පවසා පාපැදි යතුරුපැදි පියුම් මහත්මයා යනුවෙන් නමකුත් පට බැඳලාලු.
රජ්ගම විශේෂ ධර්මදාස සිරිවර්ධන
තනිකඩ වියේ පසුවන ගුරු මාතාවක මිලදී ගත් මෝටර් රථයක් මානසික සුවය පතා ගත් සැණින් විකුණා දැමු පුවතකි. සිද්ධිය ඇසෙන්නේ මහවැලි ජනපද ගම්මානයට අයත් ප්‍රදේශයක
නිවසට සිඟමනේ පැමිණි කතකට පුතා උදව් උපකාර කළ අයුරු දැක මවුපිය දෙදෙනා නට්ටම් වූ පුවතක් කලාවැව අසල ගම්මානයකින් අසන්නට ලැබෙයි.
මුහුදු මාළු ගැනීමට ගොස් අනුන්ට පේන්නට ප්‍රදර්ශනය කළ තම ‘‘මහන්තත්තකම” බිංදුවට වැටුණු උඩඟු කාන්තාවක පිළිබඳ අපූරු කතාවක් කැබිතිගොල්ලෑව සතිපොළ ප්‍ර
අලුත් අවුරුදු උත්සවයක් සදහා ලිස්සන ගසේ නැගීමේ තරගය සඳහා අනුග්‍රාහක ත්‍යාග මුදලක් ලබා දීමට පොරොන්දු වී එයින් ලිස්සා යෑමේ පුවතක් මහනුවරට නුදුරු ප්‍රද
සැඟවුණු අමුත්තා සැඟවී සිටින තැන් සැඟවුණු භාෂාවෙන් නිවේදකයා යකඩ කටින් කියද්දී අවුරුදු උත්සවය නරඹන්නන්ට සැඟවී සිටීමට සිදුවූ අපූරු ගාලු දිසාවේ ගමකින
අවුරුද්දට මුල් නිවසට පැමිණි දරුවන් දෙදෙනකුට තම නිවෙස්වල යතුරු මාරු කරගෙන යාම නිසා සිදු වූ අලකලංචියක් පිළිබඳව පුවතක් දකුණ හා රජරට පළාත් අතරින් අසන්නට
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
මෝටර් සයිකලේ ලියුම් බෙදන්න බයිසිකල් කබලේ බෙල් එකක් හයිකරගෙන