පේරාදෙණිය කුමාර රම්බොඩගෙදර
දුවගේ විවාහ මංගල්‍ය දින දෑවැද්දට දීමට රැගෙන ආ කුකුළකු නිසා මනමාල මහතා දැඩි අපහසුවකට පත්වූ පුවතක් දෙල්තොට ප්‍රදේශයෙන් වාර්තා විය.

දෙල්තොට ප්‍රදේශයේ ගොවි මහතකුගේ වැඩිමහල් දියණිය පුස්සැල්ලාව ප්‍රදේශයේ තරුණයකුට විවාහ කරදීමේ මංගල උත්සවය පසුගිය 29 වැනිදා නෑ හිතමිතුරන් රැසකගේ සහභාගීත්වයෙන් උත්සව ශාලාවක පැවැත්විණි.
මනමාල මහත්මිය ගේ ඥාති පිරිස ඇයට දෑවැද්දට ලබාදීමට සූදානම් කරන ලද සියලු දෑ උත්සව ශාලාවේ එක පසක තබන ලද්දේ මහත් ආඩම්බරයෙනි.
විවාහ මංගල්‍යයේ පෝරුව චාරිත්‍ර අවසන්ව නෑ හිත මිතුරන් ආගිය තොරතුරු කතාබහ කරමින් සිටින අතරතුර උත්සව ශාලාව පසුපස සිට කුකුළෙකු ඉගිලගෙන විත් උත්සව ශාලාවේ ඉදිරිපස මේසයක් මත වැසුවේය.
මේසය මත වැසූ කුකුළා කුක්කු කූක් යනුවෙන් හඬලෑම නිසා උත්සව ශාලාවේ සිටි සියලු දෙනා ආමන්දානන්දයට පත්ව මනමාලයා කුකුළා කියා හඬනැගීම නිසා මනමාල මහතා දැඩි අපහසුවට පත්විය.
සිදුවූ දේ පිළිබඳ සියලු දෙනාගෙන්ම සමාව ඉල්ලූ මනමාලියගේ පියා තම නිවසේ ඇති දැඩි කළ කුකුලා සහ බිත්තර දාන කිකිළියත් පෙට්ටියක දා දුවට දෑවැද්දට දී තිබූ දෑවැදි බඩු ළඟ තබා තිබියදී කුකුළා පෙට්ටිය සිදුරුකරගෙන එළියට ආ වග සඳහන් කළේය.
කුකුළාත් කිකිළියත් දියණියට දුන්නේ අපේ රටේ දරුවන් මන්දපෝෂණයට ලක්වී ඇති බව ප්‍රවෘත්තිවල නිතර කියන නිසා බවත් දියණිය වගේම දියණියට ඉදිරියේදී ඉපදෙන්නට ඉන්න දරුවන්ද මන්දපෝෂණයෙන්් බේරා ගැනීමට සිතා කුකුළන් දෙදෙනා දියණියට තෑගි දුන් බවත් මනාලියගේ පියා මංගල සභාව අමතා පැවසුවේ සිදුවීම් සම්බන්ධයෙන් යළිත් වතාවක් සමාව ඉල්ලමිනි.
2025 නොවැම්බර් මස 04
83
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2022
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1563
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මඟුල් මේසෙට කුකුලේක් ඇවිත් මනාලයා අමාරුවේ දාලා