(මොරගොල්ලාගම - සිසිර කැලේගම)
මඟුල් ගෙදරකට පැමිණි අයෙකු වෙරි මතින් කිසිවකුත් නොකනා අමුතුම තාලයේ ආහාරයක් බෙදාගෙන කෑමේ පුවතක් පොල්පිතිගම අවට ගමකින් අසන්නට ලැබිණි.
සිද්ධිය මෙසේය.
මනාලයාගේ ගෙදර පැවැත්වෙන මංගල්‍යයකි. උත්සවයට ආරාධනා ලද පිරිස් පැමිණියත් මත්පැන් සංග්‍රහයන් එහි තිබුණේ නැත.
එහෙත් සුළු පිරිසක් ඒවා පිටතින් මිලදී ගෙන තොල ගාන්නට විය. මේ අතර දිවා කෑම සඳහා ද වතුර අල්ලන්නට විය.
කෑම සඳහා දිගු පෝලිමක් තිබිණි.
වෙරි මතින් පැමිණි අයකුද පෝලිමේ විය.
කෑම මේසයේ සුදු බත්, කහ බත්, රතු බත් හා ගෝවා එක මේසයක සමාන බේසම්වලට බෙදා තබා තිබිණි. අනෙක් මේසයේ මාළු පිනි ආදිය තිබිණි.
ඔහු පළමු පිඟාන පිරෙන්නටම ගෝවා බෙදා ගත්තේය.
ඉන් අනතුරුව අනිත් මේසය වෙතට ගොස් බස් ඇතුළු අවැසි දෑ බෙදා ගෙන අසල පුටුවක් මත වාඩිවී කිසිත් නොකියාම කෑම කෑවේය.
ඒ අසලට ගිය පිරිසක් ඔච්චමට මෙන් කෑවාද කියා අසනවිට කෑම රසයි. හොඳට කෑවා. යනුවෙන් අත සෝදන්නත් වතුර බෝන්නටත් කියා හිස් පිඟාන පැත්තකින් තබා ඔහු නැගිට්ටේය.
මඟුල් ගෙදරකට පැමිණි මෙම පුද්ගලයා වෙරි මර ගාතේ බත් යැයි සිතා ගෝවා බෙදාගෙන ආහාරයට ගත් ආකාරය දෙස රැස්ව සිටි පිරිස් විමතියෙන් බලා සිටියහ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
මඟුල් ගෙදරදී පදමට සූර්වී ගෝවා පිඟානක් හිස් කරලා
ruwan jayawardana Monday, 06 May 2019 05:16 AM
මිනිස්සුද අම්මපා පෙරේත කමට තරම නොදැන තැන නොබලා බීගෙන නටනවා තිරිසන් සතුන්ට මිට වඩා මොලයක් තියනවා පෙරේතයෝ
himal Monday, 06 May 2019 05:33 AM
බස් තසිම එක්ක ගෝවා තියන්නේ මොකටද?
ABARAN Monday, 06 May 2019 10:45 AM
අල වගේද ගෝවා?