වියලුව වාර්තාකරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මංගල ගමනට එක්වූවකු පැවසූ අන්දමට සිද්ධිය මෙසේය.
ඔහු රජයේ සේවකයෙකි. ඇය ද එම ආයතනයේ ම සේවිකාවක් වූවාය. ඇයත් ඔහුත් අතර කලක සිට පැවති දැන හැඳුනුම්කම ආදරයකට පෙරළුණේ මීට වසර දෙකකට පමණ පෙරය. ප්‍රේම සබඳතාව නිවෙස් දෙකේම උදවියට රහසක් නොවූවත් කටයුතු කාරණා සිදුවිය යුත්තේ සිරිත් විරිත්වලට අනුව බව දෙපාර්ශ්වයේම වැඩිහිටියන්ගේ අදහස විය.
සිය අනාගත ලේලියගේ පවුල් පසුබිම සොයා බලන්නට කතිකා කරගත් මනාල පාර්ශ්වයේ පිරිසක් පසුගිය දිනක මනාලියගේ නිවෙසට පැමිණියේ චාරිත්‍ර වාරිත්‍රවලට අනුවය.
නෑගම් පැමිණි පිරිසට මනාලියගේ පාර්ශ්වයෙන් ලැබුණේ උණුසුම් පිළිගැනීමකි. ආ ගිය තොරතුරු කතාබහ කරමින් දෙපාර්ශ්වයේම පිරිස් දැන හඳුනා ගත්හ.
බෙහෙවින් සංග්‍රහශීලී අයෙකු වූ මනාලියගේ පියා සිය දියණිය බලන්නට පැමිණි මනමාල පාර්ශ්වයේ පිරිමි උදවිය වෙනුවෙන් සුළු මත්පැන් සංග්‍රහයක් ද සංවිධානය කර තිබිණි.
ඒ වන විටත් නගරයෙන් මද පමණට සප්පායම්ව පැමිණි මනාලයාගේ පියා සිය අනාගත ලේලියගේ නිවෙසින් ලද සංග්‍රහය ද හොඳ හැටි සප්පායම් වූවේ කිසිදිනක මත්පැන් පොදක් ඇස නොගැටුණු අයෙකු පරිද්දෙනි.
පදම වැඩි වූ මනාලයාගේ පියා තමන් සමග පැමිණි ඥාති කාන්තාවන්ගෙන් ආරම්භ කළ ඇතැම් විහිළු තහළු සිය අනාගත ලේලියගේ මව දක්වාම ගියේ සීමාව ද ඉක්මවා යමිනි.
තම අනාගත බෑනාගේ පියාගේ ඇතැම් විහිළු නොරිස්සූ මනාලියගේ මව මේ මොන කෝලමක් දැයි කීප විටක්ම පවසමින් ඔහු මගහැර යන්නට කොතෙක් උත්සාහ කළ ද එය ඇයට පහසු කාර්යයක් නොවුණි.
මුලින් එය බොහෝ දෙනෙකුට සිනහවට කාරණයක් වුවත් මද වේලාවක් ගත වෙද්දී එය ඇස් රතුවෙන විහිළුවක් දක්වා දුර දිග ගියේ තම බිරිඳට බෙහෙවින් ආදරය කළ මනාලියගේ පියාගේ රතු කට්ට පැනීමෙනි.
සුහදතාවයෙන් ඇරැඹුණු සාදය අවසානයේ ගුටි කෙළියකට නොයා යාන්තමින් බේරා ගනු ලැබූයේ මනමාල පාර්ශ්වයේත් මනාලියගේ පාර්ශ්වයේත් ඥාතීන් කිහිපදෙනකුට පින්සිදු වන්නටය.
‘‘මේ වගේ මිනිහෙකුගේ දරුවෙකුට අපේ දුවක් දෙන්න පුළුවන්ද’’ පවසමින් මනාලියගේ පියාත් මවත් අනාගත බෑනා ඇතුළු පිරිසගේ මුහුණටම පවසා සිටියේ වසර දෙකක් තිස්සේ පෙමින් වෙළුණු යුවළගේ ආදරයට ද ප්‍රශ්නාර්ථයක් ඉතිරි කරමිනි.
2025 නොවැම්බර් මස 04
68
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2016
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1562
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
ganegoda Monday, 28 November 2022 09:26 AM
හැම ප්‍රාදේශීය නගරයකම තැබෑරුම් අවන්හල් විවෘර්ත කිරීමට රනිල් පොහොට්ටුවෝ විදිවිධාන යොදා ඇත
podiaarachchi Monday, 28 November 2022 11:03 AM
රටවල් හදන්නෙත් රටවල් විනාශ කරන්නෙත් පාලකයෝ .ඒක හරි
ChinTuesday, 29 November 2022 12:02 PM
වෙනත් රටවල මෙන් ඕනැම සාප්පුවක ඕවා ගන්න තියෙනවා නම් චාන්ස් එකක් ආවම මල පෙරෙතයෝ වගේ බීලා නහින්නෙ නෑ. ලංකාවෙ බීම ගණන්. දුර්ලභ කරල. ඉතින් මැජික් වගේ . පිනට ලැබුනම උගුඩුවො වගේ බොනවා.
pakeer Monday, 28 November 2022 11:13 AM
බිව්වම මිනිස්සුන්ගේ නියම ස්වරූපය තමයි මතු වෙන්නේ .ඒකට මත් වතුර නෙමෙයි වැරදි
sampath Monday, 28 November 2022 11:31 PM
දෙමව්පියන්ගේ වැරැදිවලට දරුවන් පළි නෑ.
මෝ Tuesday, 29 November 2022 01:35 AM
ලංකාවේ අයියෙකුට බෝතලයක් පෙන්නුවාම වක්කරගෙන බොන්නේ ලෝකයේ අන්තිම බෝතලෙන් බොනවා කියල හිතාගෙන...