IMG-LOGO

මඟුලෙන් පස්සේ සැමියා හොර ගෑනිත් එක්ක හෝටලේ

(උණවටුන ඩී.ජී. සුගතපාල)
ඇයගේ මව්පියෝ රජයේ සේවකයන් වුවත් වත් පොහොසත් නොවූහ. දේපළ ණයක් ලබාගෙන මහ ගෙදර ඉඩමේ කෙළවරක නව නිවසක් ඉදිකළත් තවම එහි වැඩ සම්පූර්ණයෙන්ම අවසන් කර නැත. මව්පිය දෙදෙනාගේ එකම බලාපොරොත්තුව වූයේ දුවටත් පුතාටත් උසස් අධ්‍යාපනයක් ලබාදී සමාජයේ ඉහළ තැනක සිටිනු දැකීමය.


 එහෙත් දුවට විශ්වවිද්‍යාලයට යාමට ප්‍රමාණවත් ලකුණු ගැනීමට නොහැකි විය.මේ ගැන ඇයද සිටියේ කනස්සල්ලෙනි. දුව කනසල්ලෙන් සිටිනු දුටු මව නිතරම ඇය සනසාලීමට නොයෙක් දේවල් කීවාය. තමන් ගැන මහත් බලාපොරොත්තු තබාගෙන සිටි දෙමව්පියන්ගේ අනාගතය ගැන කල්පනා කළ ඇය අවසානයේ ගමේ අනෙකුත් තරුණියන් මෙන් ඇඟලුම් කම්හලේ ජුකී මැෂිමක් ඉදිරිපිට වාඩිවූවාය.


දැන් ඇයගේ සිතට තරමක සැහැල්ලුවක් දැනේ. විවාහ වීමට කලවයසත් හරි බව අම්මාත් තාත්තාත් ඇයට නිතරම පවසති. ඇය ටිකෙන් ටික කනකර බඩුද ගෘහ භාණ්ඩද සූදානම්කර ගත් අතර කපුවෙකුද නිතර නිතර ගෙදරට එන්නට වූයේය. අවසානයේ එක් යෝජනාවකට සියලු දෙනාගේම කැමැත්ත ලැබුණි.


දෙපාර්ශ්වයේම එකඟතාව මත මංගල උත්සවය පැවැත්විණ. උත්සවයෙන් පසුව නෑදෑයන්ගේ නිවෙස්වලට යාම සිරිතක් වූ බැවින් ඇය ඒ සඳහා සැමියාට කතා කළාය.


“ගෙලිඔය මාමලගේ ගෙදර යන්න ඕන. පොල්ගම්පොල පුංචිලාගේ ගෙදර යන්න ඕන. හප්පාවත පොඩි සීයලගෙ ගෙදර යන්න ඕන. අපි මේ සෙනසුරාදා ගෙලිඔය මාමලගේ ගෙදර යමු” ඇය යෝජනා කළාය.


“හරි හරි අපි ලබන සෙනසුරාදා යමු. මේ සෙනසුරාදා ඔෆිස් එකේ වැඩක් තියෙනවා“ යෝජනාව ක්‍රියාත්මක කිරීම සැමියා කල් තැබුවේය.


එහෙත් ඒ සෙනසුරාදා ඇයගේ විවාහ ජීවිතයේ තිරණාත්මක දිනයක් විය. ඇයගේ මාමාගෙන් එදින දැන ගැනීමට ලැබුණේ කිසිසේත් බලාපොරොත්තු නොවූ ආරංචියකි. මාමා සේවය කළේ කාමර කුලියට දෙන හෝටලයකය. තමාගේ සැමියා වෙනත් කාන්තාවක සමග හෝටලයේ කාමරයකට රිංගූ බව මාමා කීවේය. මාමා වැඩ කරන්නේ එම හෝටලයේ බව ඔහු දැන සිටියේ නැත.


සතියක විවාහය එතැනින් නිම කරමින් ඇය ආපසු ගෙදර ආවේ සැමියාගේ නිවසේ කාටත් හොර රහසේය. ඇයගේ නිවසේ සියලු_ දෙනාගේම එකඟතාව මත පසුදින පොලිස් පොතේ පැමිණිල්ලක් සටහන් විය.



අදහස් (0)

මඟුලෙන් පස්සේ සැමියා හොර ගෑනිත් එක්ක හෝටලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 6 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 654 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 779 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

Our Group Site