IMG-LOGO

2025 ඔක්තෝබර් මස 29 වන බදාදා


මඟුලට පසුදා මනාලියන් මාරුකරගෙන දෙවැනි ගමන් රථය හිස් අතින් ගෙදර

මඟුල් දාට පසුදා මනාලිය වෙන පුරුෂයකු සමගත් මනාලයා වෙන තරුණියක සමගත් ගිය පුවතක් රත්නපුර දිස්ත්‍රික්කයේ එක්තරා ගමකින් පසුගියදා අසන්නට ලැබුණි. සිදුවීම මෙසේය. 


මවුපියන් නිසි වයස පැමිණි එක්තරා තරුණියකට මඟුලක් යෝජනා කර ඇති අතර තරුණිය එයට අකමැත්ත ප්‍රකාශ කර ඇත්තේ ඇය වෙනත් පුද්ගලයකු හා සම්බන්ධයක් ඇති කරගෙන සිටි බැවිනි. කෙසේ වෙතත් මවුපියන් ගෙනා යෝජනාව තදින්ම ක්‍රියාත්මක කර ඇති අතර ඇයට යෝජනා කළ තරුණයා ද වෙනත් තරුණියක හා ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් තිබේ. කෙසේ හෝ මඟුල තීන්දු වී ජයටම සිදු කෙරී ඇති අතර ඔවුන් මධු සමය සඳහා ඈත ප්‍රදේශයකට ගොස් තිබේ. මධු සමයට ගිය අවස්ථාවේ හෝටලයේදී මනාලිය මනාලයාට නිදි පෙති මිශ්‍ර කිරි වීදුරුවක් ලබා දී ඔහුට නින්ද ගිය පසු ලිපියක් ලියා තබා තමන් යාළු වී සිටින තරුණයා සමග හෝටලයෙන් පිටව ගොස් තිබේ. උදෑසන අවදි වූ තරුණයා ඇයගේ ලිපිය දැක ඔහු යාළුවී සිටින අනෙක් තරුණියට දුරකථනයෙන් කතා කර ඇය සමග පලා ගොස් තිබේ. පසුදා දෙවනි මගුල සඳහා මනාල යුවළ කැඳවාගෙන යාමට පැමිණි මගුල් රථය ආපසු හිස්ව පැමිණෙන අයුරු දුටු මනාල යුවළගේ මවුපියන් සිදු වී ඇති කාරණය අවබෝධ වී පිරිස ඉදිරියේ ලැජ්ජාවට පත්වීමට නොහැකිව හිමිහිට මගුල සංවිධානය කර තිබූ හෝටලයෙන් මාරු වී ගොස් තිබේ.

කලවාන උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම



අදහස් (0)

මඟුලට පසුදා මනාලියන් මාරුකරගෙන දෙවැනි ගමන් රථය හිස් අතින් ගෙදර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1632 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1399 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 496 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site