පන්සියයකට ආරාධනා කර තුන්සියයකට කෑම බීම සූදානම් කිරීම නිසා පිරිසක් අපහසුතාවට පත් වූ සිද්ධියක් වයඹ පළාතෙන් වාර්තා විය.
ජයටම මංගල උත්සවය සූදානම් කිරීම ඔවුන්ගේ අරමුණ විය.
ඒ අනුව නගරයේ උත්සව ශාලාවක් ද වෙන් කරවාගෙන විවාහ මංගලෝත්සවයට සූදානම් විය. උත්සවයට 500කට ආරාධනා කළ අතර එතරම් පිරිසකට ආරාධනා කළත් ඉන් කොටසක් පමණක් එතියි නිවැසියෝ සිතූහ. ඒ අනුව තුන්සියයක් සඳහා පමණක් හෝටලයේ ඉඩ කඩ වෙන්කළේය. කෑම ඇනවුම් කළේ ද තුන්සියයකට පමණි. මංගලෝත්සවය දා නිවැසියන් නොසිතූ පරිදි ආරාධනා කළ සියල්ලෝම ආහ. මුලින්ම ආ පිරිසට ඉඳගැනීමට ආසන තිබුණත් පසුව ආ පිරිසට ආසන නොතිබිණි. ඔවුහු නගරයේ කඩයකින් දිවා ආහාරය ගෙන නැවත නිවෙස් බලා ආහ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
මඟුල්ගෙදර ජරමරයක්
අවන්ති Friday, 06 February 2015 11:24 AM
පුදුම මගුල් කෑමක් නේ ඒක. (නදී)
නෙලුම් Thursday, 05 February 2015 03:26 PM
ආරාධනා කළ සංඛ්‍යාවෙන් පහෙන් දෙකක්ම එන්නේ නැහැ කියලා මුල ඉඳන්ම බලාපොරොත්තු වුනා නම් මගුල් කියලා තියෙන්නෙත් අහලින් පහලින් පාරේ යන අයටත් එක්කද කොහෙද !(හේ)
දුමින්ද Thursday, 05 February 2015 05:11 AM
නියම මඟුල් කෑම (නි)
ඥානාංග Sunday, 08 February 2015 10:54 AM
හරි ෂෝක් මගුල් කෑම (නදී)
පිටබැද්දර ජයා Thursday, 05 February 2015 07:54 AM
සමන්ති, මේක එහෙම එකක් නෙවෙයි නේ.? (ර)
ලීල් ගුණවර්ධන Sunday, 08 February 2015 01:17 PM
සමන්ති මොනවද අනේ ඔයා කියන්නේ. එහෙම දෙයක් නෙමෙයි මේ වෙලා තියෙන්නේ. (නදී)
රුවන් Thursday, 05 February 2015 08:36 AM
උපරිම ලාබ ලබාගන්න කරපු දෙයක්ද කොහෙද (දිල්)
සමන්ති Thursday, 05 February 2015 12:39 AM
සමහර හෝටල්වල කෑම අඩුවෙන් හදන්නේ. අයකරන්නේ පිගන් ගානට. පිගන් අඩුව තබා වැඩියෙන් ආපු අය විදියට මුදල් අය කරනවා. (නදී)
දුම්මලසූරිය Saturday, 07 February 2015 11:13 AM
ඔහොම මගුල් කනවට වඩා හොදයි බැරි මගුල් නොකා උබල දෙන්නා හොරෙන් පලයල්ලා කියල අර ජෝඩුවට කිව්වනම්. (නදී)
ලලී Saturday, 07 February 2015 11:55 AM
ඔහොම මගුල් වලට යනවට වඩා හොදයි ගෙදර ඉන්න එක (නදී)