IMG-LOGO

2025 මැයි මස 04 වන ඉරිදා


මගියාගේ ගැටේට ති‍්‍රරෝද රියැදුරු හිරවෙලා

දිවුලපිටිය පරණ හන්දිය ප‍්‍රදේශයේ සිට කොළඹ පංචිකාවත්තට කුලී ගමනක් ගිය ති‍්‍රරෝද රථ රියැදුරකුට සිදුවූ අකරතැබ්බයකි.
පසුගිය දිනෙක දිවුලපිටිය පරණ හන්දිය ප‍්‍රදේශයේ මෝටර් රථ අලූත්වැඩියා කරන ගරාජයක් අසල සිට තරුණයෙක් පාරේ යන එන ති‍්‍රරෝදවලට කුලී ගමනක් යාමට විමසමින් සිටියේය.
ඔහු හුරුබුහුටි තරුණයකු වුවත් ඔහු සමග පංචිකාවත්තට යාමට කිසිවකු එකඟ වූයේ නැත.
මේ අතර සම වයස් තරුණයකු ති‍්‍රරෝද රථයකින් පැමිණි අතර ඔහු පංචිකාවතු ගමනට එකඟ විය. රුපියල් දෙදහසක ගමන රුපියල් එක්දහස් අටසීයකට යාමට ති‍්‍රරෝද රථකරු කැමති විය.
ති‍්‍රරෝද රථය පරණ හන්දියේ ගරාජය අසල සිට පංචිකාවත්ත බලා පිටත්විය.
අතරමගදී දෙදෙනා ඉතාම කුළුපග වූ අතර ඔවුන් කතා නොකළ දෙයක් නැත.
මේ අතර පංචිකාවත්තට යන තරුණයා ති‍්‍රරෝද රථ රියැදුරුට යළි කතා කළේය.
”මචං මට ෆෝන් එක ගේන්න බැරිවෙලා. පෝන් එක නැද්ද උඹ ළඟ...”
”මෙන්න ෆෝන් එක කෝල් එකක් ගන්න...”
ති‍්‍රරෝද රථ රියැදුරුගේ ජංගම දුරකථනයෙන් තරුණයා කථා කරන්නට විය.
”මාමෙ කා එක ගැරේජ් එකකට දැම්මා. මම වීල් එකක් අරගෙන එන්නෙ. මට ආපු ගමන් යන්න පන්දහක් ලෑස්ති කරල තියන්න.”
ති‍්‍රරෝද රථ රියැදුරුට දුරකථනය ආපසු දුන් තරුණයා යළි රියැදුරු ඇමතීය.
”මචං රුපියල් පන්සීයක් නැද්ද? මම කොළඹ දී දාහක්ම දෙන්නම්”
ති‍්‍රරෝද රථ රියැදුරු ඔහුට රුපියල් පන්සීයක් දුන්නේය.
”මචං පංචිකාවත්තෙ දි උඹට රුපියල් දෙදාස් අටසීයක්ම දෙනව. මාම සල්ලි ලෑස්ති කරල ඇති.”
”ගන්ඩ බැරියැ” ති‍්‍රරෝද රථ රියැදුරා ද මිතුදමින් වෙලී කතා කළේය.
දෙදෙනාම අල්ලාප සල්ලාපයෙන් කොළඹ පංචිකාවත්තට ති‍්‍රරෝද රථයෙන් ළඟා වූහ.
”ඉස්සරහ කඬේ ළඟ නවත්තන්න” ති‍්‍රරෝද රිය නතර විය.
තරුණයා ති‍්‍රරෝද රියෙන් බැස එහි සිටියකුගෙන් ”අපේ මාම ආවා ද?” කියා ඇසීය.
ඔහුට ලැබුණු පිළිතුර ති‍්‍රරෝද රථ රියැදුරුට නොඇසුණි.
”අර ඉස්සරහ කඬේ ළඟට යමු” ති‍්‍රරෝද රථය එතැන නැවතුණේය.
”ෆෝන් එක ටිකක් දෙනවද? ඔයා ඔහොම තත්ත්පරයක් ඉන්න මම අර වංගුවෙ කඬේට ගිහින් එනකං”
තරුණයා ජංගම දුරකතනය ද රැගෙන වංගුවෙ කඬේ ළඟින් නොපෙනී ගියේය.
ති‍්‍රරෝද රථ රියැදුරා ඔහු එනතුරු බලා සිටියේය. ජංගම දුරකථනයත් අතේ තිබුණ රුපියල් පන්සීයත් කුලී ගමනේ ගාස්තුවත් රැුගෙන මිතුරා ආපසු එනතුරු ඔහු බලා සිටියේය.
අන්තිමේදී වංගුවේ කඩය ළඟට ගොස් විපරම් කළ ද අලූත් මිතුරා ආගියඅතක් නැත.
ඔහු ති‍්‍රරෝද රථය ආපසු හරවා ගෙන දිවුලපිටියට ආවේ හිස් අතිනි.



අදහස් (0)

මගියාගේ ගැටේට ති‍්‍රරෝද රියැදුරු හිරවෙලා

හසිත Wednesday, 15 May 2013 10:57 AM

ඔයා නිසා දුවලා.. රෝද තුනත් ගෙවිලා.. (නි)

:       0       0

සමීර - සල්මියා Wednesday, 15 May 2013 03:35 PM

පාඩමක් ඉගෙන ගන්න ගිය දුර ගැන සිතා දැන්වත් දුර දිග සිතා බලා කල්පනාකාරීව තීරණ ගන්න (නි)

:       0       0

සරත් Wednesday, 15 May 2013 08:07 PM

ඔය වැඩේ කරපු එකා කියනවා ඇති, 'මම නියම වැඩක් කළා, ත්‍රීවීල් කාරයකුට' කියලා පන්පොරි ගහනවා ඇති? ඒත් එයා දන්නෙ නැතුව ඇති එයාගේ තිරිසන්කම මුළු ලෝකෙටම එලි වුණා කියලා.රියදුරු මහත්තයෝ, ඕක ගැන හිතන්න එපා ඔයාට වැඩිවැඩියෙන් ලැබෙනවා සත්තයි (නි)

:       0       0

වජිර Sunday, 19 May 2013 12:02 PM

කාලෙට ඔබින ගැටයක්

:       0       0

සරත් Wednesday, 15 May 2013 08:11 PM

ගොඩක් දෙනෙක් හිතන්නේ මෝඩ කමට කියලා. ඒත් ගොඩක් දෙනෙක් දන්නැහැ එහෙම වෙන්නේ හිත හොද මිනුස්සුන්ට කියලා?(නදී)

:       0       0

අමිල කටුනායක Wednesday, 15 May 2013 11:27 AM

කවදාහරි කෙහෙල් ගහට කොටලා අහුවෙයිනේ (නි)

:       0       0

කුරුවිට Wednesday, 15 May 2013 08:49 PM

ත්‍රීරෝද රිය සොහොයුරනේ මේ පොලොස් කොට්ටෝරුවා තව අයටත් කොටයි.(නදී)

:       0       0

අනුර Thursday, 16 May 2013 09:44 AM

දුරකතන අංක හරහා ඔය හොරා අල්ලන්න පුළුවන්. මිනිහ ෆෝන් එකෙන් කාටද කතාකලේ කියල හොයාගන්න.(ස)

:       0       0

කෝලිත Wednesday, 15 May 2013 08:53 PM

ත්‍රීවීලර් රියදුරෝ ගොඩ දෙනෙක් හොද හිත ඇති අහිංසකයෝ. එයාලගේ මනුස්ස කමින් මේවගේ වැඩ කරගන්න නරුමයින්ට හෙන ගහනවා මට කියන්න තියෙන්නේ එපමණයි.(නදී)

:       0       0

ආනන්ද ආර් Wednesday, 15 May 2013 11:41 AM

ත්‍රීවීල් රියදුරු ආධුනිකයෙක්, මගියා පළපුරුදු හොරෙක්. (නි)

:       0       0

අමල් Monday, 20 May 2013 12:26 PM

ඔයා නිසා දුවලා.. රෝද තුනත් ගෙවිලා.(ස)

:       0       0

හේමන්ත Monday, 20 May 2013 12:27 PM

පාඩමක් ඉගෙන ගන්න ගිය දුර ගැන සිතා දැන්වත් දුර දිග සිතා බලා කල්පනාකාරීව තීරණ ගන්න.(ස)

:       0       0

දයා අලහාකෝන් Wednesday, 15 May 2013 12:08 PM

ත්‍රීරෝද රථ රියදුරාගේ පවුල ඉස්සුවේ නැති එක විතරයි වුනේ.(නදී)

:       0       0

රන්දිල් Wednesday, 15 May 2013 12:17 PM

ටිකක් හිතලා බලන්න! ඔය වගේ ගිණිගෙඩි තව කීදෙනෙකුට කළින් දීල තියෙනවද කියලා. ඒවගේ විපාක තමයි ඔය තමුන් ගෙවුවලා තියනේ.(නදී)

:       0       0

සරත් Wednesday, 15 May 2013 01:10 PM

"ජීවිතයට අත්දැකීමක්" වැඩක් නිවැරදිව කරන්නේ අත්දැකීම් වැඩිම කෙනා. අත්දැකීම් වැඩිම කෙනා කියන්නේ වැඩියෙන්ම වැරදුනු කෙනා. මල්ලි කවදාහෝ වැඩේ නිවැරදිවම කරාවී. (ස)

:       0       0

සුනිල් පෙරේරා Monday, 20 May 2013 08:32 AM

ඔබේ සිත දුක් වන්නේ ටික කලයි . ඒ හිස් පුරුෂයා කල්පයක් නිරයේ ගිනි දැල් අනුබව කරනු ඇති. (නි)

:       0       0

ශිරෂ් Wednesday, 15 May 2013 01:25 PM

හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්, ඕනෑම කෙනෙක් මතක තියාගන්න. අපි කරන හැමදෙයක්ම අපිට විදවන්න වෙනවා. නරක දේ තාවකාලික සතුටක්. ඒ වුණාට ජීවිතේ තියෙන තාක්කල් විදවන්න වෙනවා. (නි)

:       0       0

චන්දි Wednesday, 15 May 2013 01:27 PM

අනේ එහෙම සල්ලිත් දෙන ත්‍රීවිල් රියදුරන් ඉන්නවද? (නි)

:       0       0

වරුණ Wednesday, 15 May 2013 09:51 AM

ඕකෙන් පෙනෙන්නේ මොකක්ද?රටේ මිනිස්සුන්ගේ පිරිහීම නොවෙයිද? (නි)

:       0       0

සමන් Wednesday, 15 May 2013 02:13 PM

අපි ආදර්ශයට ගන්න ඕනේ

:       0       0

අසේල Thursday, 16 May 2013 03:36 AM

මට නම් මේකෙන් පෙන්නේ ලංකාව කොච්චර පිරිහිලාද කියන එක විතරයි. හැමතැනම හොරකම්, වංචා, මිනී මැරුම් කොල්ලකෑම්. තව ඉස්සරහට මේවා තව වැඩිවෙයි. මොකද රට පාලනය කරන්නෙත් මේ වගේ අයනේ දැන්. රට ඉතින් එයාලා වගේ වෙනවා.(නදී)

:       0       0

සාකි Monday, 20 May 2013 10:27 AM

මෙයාව අල්ලන්න පුළුවන් රියදුරාගේ ජංගම දුරකතන අංකයට අනුව දුරකතනයේ එමි අංකයට දැම්ම වෙනත් සිම් මොනවද බලලා. පොලිසියට ගිහින් පැමිණිල්ලක් දාන්න (නි)

:       0       0

සංජීව Wednesday, 15 May 2013 10:10 AM

ඩයල් එක මතක තියාගනින් මල්ලියේ. ගහට ගහක් මොරටුවේදී මුන ගැහෙනවලුනේ. (නි)

:       0       0

සුජිත් Wednesday, 15 May 2013 02:36 PM

මම මීගමුවේ ඉදිද්දී මගේ වීල් එකට ඇවිත් ජෝඩුවක් ඇහුවා කාමරයක් හොයාගන්න. මම දන්නා ගාන අඩු තැනකට එක්ක ගියා මට කිව්වා හෙට උදේ හතට එක්ක යන්න එන්න කියලා. මම උදේ ගියා. දෙන්නා උදේ යන්න ගිහින්. මටත් කනුව තමයි. (නි)

:       0       0

උදිත් Wednesday, 15 May 2013 06:44 PM

මනුස්සකකම බල්ලට ගිහින් දැන් රටේ (නි)

:       0       0

ගාමිණී-සිරි Wednesday, 15 May 2013 10:24 AM

රටේ අද සිදුවෙන හොරකම් ,මංකොල්ලකෑම් ,මිනී මැරුම්,මත් ද්‍රව්‍ය ප්‍රවාහනය, ස්ත්‍රීන් හා තරුණියන් රවටා අමාරුවේ දැමීම මේවා බොහෝ දුරට සිදුවන්නේ තරුණ ත්‍රීරෝද රියදුරන් මුල්කරගෙන. ගනනක් පොරොන්දු නොවී ගියොත් අවසානයේ රණ්ඩු. මගියා කරපු දෙය හාස්‍ය ජනකයි (නි)

:       0       0

සරත් Wednesday, 15 May 2013 10:24 AM

මෙතන මොකක් හරි වැරදීමක් වෙලා තියෙනවා. මොකද අද කාලේ ත්‍රීවීලර් රියදුරනුත් ඔයවගේ සිද්ධීන්ගෙන් හොදට තෙම්පරාදූ වුන අය. ඔය වගේ සිද්ධි ත්‍රීවීල් පාර්ක් එකේ ඉන්නකොට මෙයාො පත්තරවලින් බලනවා. අනිත් මිතුරන්ගේ අත්දැකීම් බෙදාගන්නවා. ඒ අනුව මේ අලුත් මිතුරා ගැන ටික වෙලාවක් යනකොට තේරෙන්න ඕනෑ. මිතුරාගේ හොර වැඩේ නෙමෙයි, මේ කොල්ලා මේකට අහු වුණ එකයි පුදුම. මොන ක්‍රමයකින් ආවත් හොරා හොරාමයි. හොද වෙලාවට කොල්ලගේ ත්‍රීවීලර් එක බේරුනේ. (නි)

:       0       0

සමන් Wednesday, 15 May 2013 06:54 PM

මේක වෙන්න පුළුවන් දෙයක්. මේ ත්‍රී රෝද රියැදුරා අනිවාර්යෙන්ම ආධුනිකයෙක්. ඒ වගේම දිවුලපිටිය කියන්නෙ තාම ගැමිකම තියෙන පළාතක්. ඉතින් ත්‍රී රෝද රියැදුරු අනෙකාට උදව් කරපු එක පුදුමයට කරුණක් නෙමෙයි. ගෙන්දගම් පොළොවෙ පයගහපු මිනිහෙක් නම් රු. 500 ඉල්ලද්දිම වැඩේ තේරෙනවා. (නි)

:       0       0

දිසානායක Wednesday, 15 May 2013 10:33 AM

මුණ ගැහුනා වෙලාවට මල්ලියේ ගලාවපිය ඕකගේ හම. පොලිස් ප්‍රශ්න පස්සේ බලා ගමු.(නදී)

:       0       0

රාජා Wednesday, 15 May 2013 03:11 PM

හොදට හිතල බලන්න. මෙවැනි සිද්දීන් දෙක තුනක් උනාම ත්‍රීවීල් රියදුරා මුලු සමාජය දිහාම බලන්නෙ පපුවෙ තෙතමනයක් නැතිව. ඊටපස්සෙ අපි එයාලට බනිනවා අනුකම්පාවක් නැති මිනිස්සු කියලා. සාධාරනද?(නදී)

:       0       0

යොහාන් Wednesday, 15 May 2013 10:42 AM

ඔයිට වැඩිය වැඩ ත්‍රී වීල් අයියලා කරනවා (නි)

:       0       0

චන්දි Sunday, 19 May 2013 11:32 AM

අනේ අනුර , එහෙම කරන්නේ කොහොමද ? හොරා ෆෝන් එකත් අරන් ගිහිල්ලනේ (නි)

:       0       0

ලලිත් Wednesday, 15 May 2013 10:50 AM

උදව්වට දෙන අත සපා කන සුනඛයෝ ඉන්න රටක් තව කොහෙද තියෙන්නේ? (නි)

:       0       0

තිලක් Monday, 20 May 2013 10:54 PM

වෙන්න බැහැ. පංචිකාවත්ත කියන්නේ මොකද්ද කියලා මම පොඩි කාලෙත් අහලා තියෙනවා. වීල් කාරයෝ අහුවෙනේනෙ නැහැ ලේසියෙන් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

උදවු කරන්න ගිහින්න නට්ටම් වෙලා
2025 මැයි මස 02 587 1

නිවසට සිඟමනේ පැමිණි කතකට පුතා උදව් උපකාර කළ අයුරු දැක මවුපිය දෙදෙනා නට්ටම් වූ පුවතක් කලාවැව අසල ගම්මානයකින් අසන්නට ලැබෙයි.


‘‘පොෂ්’’ වෙන්න ගිහින් පටිරෝල් වෙලා
2025 මැයි මස 01 734 0

මුහුදු මාළු ගැනීමට ගොස් අනුන්ට පේන්නට ප්‍රදර්ශනය කළ තම ‘‘මහන්තත්තකම”‍ බිංදුවට වැටුණු උඩඟු‍ කාන්තාවක පිළිබඳ අපූරු කතාවක් කැබිතිගොල්ලෑව සතිපොළ ප්‍ර


ලිස්සන ගහට සල්ලි නොදී ලිස්සා ගිහින්
2025 අප්‍රේල් මස 30 642 0

අලු‍ත් අවුරුදු උත්සවයක් සදහා ලිස්සන ගසේ නැගීමේ තරගය සඳහා අනුග්‍රාහක ත්‍යාග මුදලක් ලබා දීමට පොරොන්දු වී එයින් ලිස්සා යෑමේ පුවතක් මහනුවරට නුදුරු ප්‍රද


ඉඟිය වැරදී අවුරුදු උළෙලේ ජරමරයක්
2025 අප්‍රේල් මස 29 1236 0

සැඟවුණු අමුත්තා සැඟවී සිටින තැන් සැඟවුණු භාෂාවෙන් නිවේදකයා යකඩ කටින් කියද්දී අවුරුදු උත්සවය නරඹන්නන්ට සැඟවී සිටීමට සිදුවූ අපූරු ගාලු‍ දිසාවේ ගමකින


යතුරු මාරු වී ජංජාලයක්
2025 අප්‍රේල් මස 28 715 0

අවුරුද්දට මුල් නිවසට පැමිණි දරුවන් දෙදෙනකුට තම නිවෙස්වල යතුරු මාරු කරගෙන යාම නිසා සිදු වූ අලකලංචියක් පිළිබඳව පුවතක් දකුණ හා රජරට පළාත් අතරින් අසන්නට


අවුරුදු උළේලෙ සැගවුණූ අමුත්තාට දරුවකු සමග තරුනියක් තෑගි
2025 අප්‍රේල් මස 26 771 0

අවුරුදු උත්සවයේ සැඟවුණ අමුත්තා ලෙසින් සිදු වූ වැරදීමකින් සැඟවුණ අමුත්තාට ලැබුණු අපුරු ත්‍යාගයක් පිළිබඳව බස්නාහිර පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 616 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 156 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1182 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site