IMG-LOGO

මගීන්ට තරු පේන්න බුලත්විටක් කාලා

ත‍්‍රිකුණාමලේ සිට මුතූර් බලා ධාවනය වෙන පෞද්ගලික බස් රථයකට අතරමගදී පැහැපත් පෙනුමක් ඇති තරුණ කෙනෙක් ගොඩ විය.

බසය ධාවනය වෙයි. මගියා තම ඔඩොක්කුව මත තබාගෙන සිටි කළුපාට බෑගයෙන් සිගරට් පැකට්ටුව සහ ගිනි පෙට්ටියක් අතට ගත්තේය. අසල සිටින මගීහු මේ දෙස බලා සිටිති. බස් රිය තුළ දුම්බීම තහනම් දැන්වීමද මගියාගේ හිසට ඉහළින් දැකගත හැකිවිය.

සිදුවන්නේ කුමක්දැයි මගීහු කටු කුටු ගෑහ. ඔවුහු එකිනෙකාගේ මුහුණු බලාගත්හ.

මගියා ඒ කිසිත් ගණන් ගත්තේ නැත. තැන්පත් ඉරියව්වෙන්ම සෙමෙන් සෙමෙන් සිගරට් පැකට්ටුව විවෘත කළේය. එහි තිබූ බුලත්විටක් අතට ගත්තේය. බුලත් පුවක් සහ හුණු අවශ්‍ය පරිදි සකසා ගත්තේය. විට මුවෙහි රුවා ගත්තේය. පසුව ගිනිපෙට්ටියද ඇරියේය. එයින් ගත් දුම්කොළ කැබැල්ලක් කටේ දාගත්තේය. පසුව සිගරට් පැකට්ටුවත් ගිනි පෙට්ටියත් බෑගයේ දමා ගත්තේය. මගීනට කටඋත්තර නැතිවිය. අර මගියා කට කොනකින් සිනාසුනේය.

 



අදහස් (0)

මගීන්ට තරු පේන්න බුලත්විටක් කාලා

සමන්ති Monday, 14 July 2014 01:44 PM

කොළඹදී නම් බුලත් කෙළ පාරට දැම්මොත් දඩ (නි)

:       0       0

සැම්සන් Monday, 14 July 2014 03:21 PM

ගොන් තඩියෙක් ! (නදී)

:       0       0

හෂාන් Monday, 14 July 2014 05:05 AM

එතකොට බුලත් කෙල ගහන්නේ කොතනටද? (ස)

:       0       0

පහන් Monday, 14 July 2014 03:34 PM

දවසක් සීය කෙනෙක් බුලත් කාල බස් එකේ ඉදල කෙල ගැහැව්වා. එයා හිතුවේ වීදුරුව ඇරලා කියල. කීපදෙනෙක්ම නෑවිලා ගියා (අවුරුදු 10 ට විතර ඉස්සර සිද්දවුණු දෙයක්. (නදී)

:       0       0

ශ්‍රී Monday, 14 July 2014 05:21 AM

අළුත් විධියට හිතන තරුණයෙක්. (ස)

:       0       0

කුමාරි Wednesday, 16 July 2014 01:12 PM

වැඩේ විනෝදයි වුණාට පාරේ යන මඟීන්ට බුදු සරණයි! (නි)

:       0       0

ලලිත් - එස්.එල් Thursday, 17 July 2014 04:26 AM

පහන් ඔය සිදුවීම උනේ කොටහේන පැත්තේ නම් මමත් ඔය බස් එකේම ගියා. මමත් ඔය සිද්දිය දැක්කා. (නදී)

:       0       0

පහන්දී Monday, 14 July 2014 06:46 PM

විනෝදයට බර කෙනෙක් වගේ. ශ්‍රී කියනවා වගේ අලුත් විදියට හිතන කෙනෙක්. නියමයි, ලස්සන වැඩක් (නි)

:       0       0

රුවන් Tuesday, 15 July 2014 07:16 AM

නියම විිහිලුකාරයෙක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 29 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 617 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 340 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site