IMG-LOGO

2025 නොවැම්බර් මස 27 වන බ්‍රහස්පතින්දා


මංගල තෑග්ගට විද්ද උපාසකගේ රෙදි ගැලවෙයි

සදාචාරවත් රටක් ගොඩනැගීම සඳහා හොරකම වංචාව නැතිව යහපත් සිතිවිලි ඇතිව කටයුතු කිරීම පුරවැසියන්ගේ යුතුකම යැයි නිතර දේශනා කරන උපාසකයකු රට කපටි වැඩක් කර මාට්ටු වූ පුවතක් දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා වේ. 
සියලු සාරධර්ම රකින පුරවැසියෙකු ලෙස අසල ගම්වල පවා ප්‍රසිද්ධියක් උසුලන මෙම පුද්ගලයා ප්‍රදේශයේ සමිති සමාගම්වල ද තනතුරු හොබවන්නෙකි. 
පසුගිය දිනක මොහුගේ ඥාති සොයුරියකගේ දියණියකගේ විවාහ මංගල්‍යයකට මොහුට ආරාධනා ලැබී ඇත. මේ ප්‍රදේශයේම පදිංචි තවත් වැඩිහිටි කතකට ද මේ උත්සවයට ආරාධනා කර ඇත. 
මංගල උත්සවයට පෙරදින රාත්‍රියේ එම වැඩිහිටි කාන්තාව මෙම තැනැත්තා මුණ ගැසීමට පැමිණ තමාට හෙට දින මංගල උත්සවයට සහභාගිවීමට නොහැකි වන බැවින් තමාගේ ලියුම් කවරය ද රැගෙන ගොස් භාරදෙන ලෙස ඉල්ලා ඇත. 
මෙම පුද්ගලයා ඉතා සතුටින් එම උදව්ව කිරීමට භාරගෙන ඇති අතර, වැඩිහිටි කාන්තාව ද ඔහුට ස්තූති කර සතුටින් නිවසට ගොස් ඇත. 


එම කාන්තාව ගිය පසු මොහු මෙම ලියුම් කවරය විවෘත කර එහි කොපමණ මුදලක් තිබේදැයි බලා ඇති අතර, එය රුපියල් 5,000ක මුදලක් තිබී ඇත. මුදලට දුටු ගමන්ම මොහුට ගණදෙවි නුවණ පහළවී ඇති අතර, කන්නෙත් නැතිව පන්දාහක් වැඩියි තුන්දාහක් හොඳටම අැතැයි” තමාට කියාගෙන ඉන් දෙදාහක් අරගෙන තම පසුම්බියේ ඔබාගෙන ඇත. වෙනත් කවරයක අර තැනැත්තියගේ නම ලියා වෙනසක් නොවූ ලෙස පසුදා භාර දී ඇත. 
සාදය නිමා වී සතියකට විතර පසු අර වැඩිහිටි කාන්තාව හා මංගල සාදය පැවැති නිවසේ කාන්තාව නගරයේ දී මුණ ගැසී ඇත. “අනේ දුවේ එදා මට එන්න බැරි වුණා. ඒත් අපි යුතුකම් ඉෂ්ට කළා” යැයි වැඩිහිටි කාන්තාව පවසා ඇත. “අනේ ඔව් අර අපේ අහවල් අයියා ඇන්ටි දුන්න කියලා රුපියල් තුන්දාහක් එක්ක කවරයක් දුන්නනේ” යැයි පවසා ඇත. ”මොනවා එතැන තුන්දාහ ද තිබුණෙ. මං පන්දාහක්නේ දුන්නෙ” යැයි කනගාටුවෙන් පවසා ඇත.
මේ කාන්තාවන් දෙදෙනා විසින්ම සිද්ධිය ගම පුරා පතුරා ඇති අතර, සුචරිත මහතාගේ ඇත්ත සදාචාරය ගමට හෙළිවී දැන් නිවසින් එළියටවත් බැහැගන්න බැරිව නිවසටම වී සිටින බවයි ආරංචියි.

 පෝද්දල සරත් ආනන්ද ගමගේ



අදහස් (0)

මංගල තෑග්ගට විද්ද උපාසකගේ රෙදි ගැලවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 141 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 222 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1080 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site