විවාහ මංගල්‍යය උළෙල දිනයේ රැකියා ආයතනයේ සේවය කරන මිතුරකු මනාලයාට පූස් පැටව් තිදෙනකු පෙට්ටියකට දමා ගෙනත් දී ඇතැයි කියන අපූරු පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි.
වාර්තා වෙන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය.
කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයක 27 හැවිරිදි තරුණයෙක් කොළඹ ප්‍රදේශයේ ආයතනයක වසරක තුනක පමණ කාලයක සිට රැකියාවක් කරයි. මෙම තරුණයාගේ විවාහ මංගල්‍යය ඉකුත් දා කෑගල්ල ප්‍රදේශයේ හෝටලයක සිදු කර දින දෙකකට පසුව මනාලයා සිය මනාලිය නිවසට කැන්දාගෙන පැමිණ තිබුණි.
තරුණයා රැකියා ආයතනයේ සේවය කරන මිතුරන්ට දෙවැනි දවසේ රාත්‍රි තම නිවසේ පැවැත්වෙන සාදයට සහභාගි වන ලෙස ආරාධනා කර තිබුණි.
තරුණයා ආරාධනා කර තිබුණු ආකාරයට 27 දෙනකුගෙන් යුත් තරුණ හිතවතුන් පිරිසක් බස් රථයකින් තරුණයාගේ නිවසට රාත්‍රි 7 ට පමණ පැමිණ තිබුණි. තරුණයා සිය මනාලිය සමග ගොස් පුටුවල ඉදගෙන සිටි හිතවතුන් එකින් එක හඳුන්වා දී පිළි ගත්තේය.
පසුව මනාලයා මිතුරන්ට විශේෂයෙන් සකස් කර තිබුණු මත්පැන් ඇතුළු දෑ පිළි ගැන්වීය. පසුව තරුණ පිරිස මත්පැන් පානය කර ගීත ගයා කෑම කා එකිනෙකා ගෙනත් තිබුණු මුදල් හා තෑගි මනාල මිතුරාට ප්‍රදානය කෙරිණි. එක් තරුණයකු මනාලයා අගයා කෙටි වචන කිහිපයකින් ද සංග්‍රහ කෙරිණි.
පසුව මනාලයාගේ මිතුරෝ පිරිස ආපසු පැමිණි බස් රථයෙන් කොළඹ බලා පිටත්ව ගියහ.
හිතවතුන් ගෙනා ත්‍යාග පෙට්ටි කිහිපය මනාලයාගේ මව විසින් ඔහුගේ කාමරයට රැගෙන යමින් සිටිය දී පෙට්ටියකින් පූස් පැටියකුගේ කෑ ගසන ශබ්දය ඇසී තිබේ. පසුව මව සිය මනාල පුතාට කතා කොට පෙට්ටියක පූස් පැටවකු කෑ ගසන ශබ්දය ඇසෙන බව සිනාසෙමින් පවසා ඇත.
පසුව මනාලයා පැමිණ පූස් පැටවකු කෑ ගෑසු පෙට්ටිය සොයා විවර කර බැලීය. පෙට්ටිය ඇතුළත ගැහැනු පූස් පැටව් තිදෙනකු සිටින අයුරු මනාලයාගේ මව දුටුවාය. ඒ වෙන කොට මනාලයාගේ නිවසේ පූසිය ද පැටවු දමා තිදෙනකු සිටින බව වාර්තා වෙයි.
මනාලයාගේ මව පූස් පැටවු ගෙනා තරුණයාගේ මවුපියන් සිහිපත් කර හොඳ පරුෂ වචනවලින් මනාලියගේ නෑදෑයන් ඉදිරියේ දී කෑ ගසන්නට පටන් ගත්තාය. ‘‘මම වැඩට යනකොට ආපසු පැටවු තිදෙනා අරගෙන යන්නම් අම්මා කෑ ගහන්න එපා” යැයි මනාලයා පැවසීය. පසුව මනාලයාගේ මව ද නිශ්ශබ්දව සිට ඇති බව වාර්තා වෙයි.
කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න
2025 දෙසැම්බර් මස 04
433
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
455
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
412
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මංගල තෑග්ගට පූස් පැටව් දීලා