IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


භූතයා බොරු වළේ

 (කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
   රූමත් දියණියන් තිදෙනාගේ නිදන කාමරයේ ජනේලය ළඟ කාලයක් තිස්සේ හොල්මන් කළ භූතයා බොරු වළක වට්ටා බැඳ පන්නා දැමූ පියකු පිළිබඳව පුවතක් දකුණේ ගම්මානයකින් වාර්තාවේ.


 දියණියෝ තිදෙනාම රූමතියෝය. රූපසුන්දරියන් නොවුණත් ඔවුන් තිදෙනාටම තිබුණේ එකිනෙකාට නොදෙවැනි රූපකායකි. මේ නිසාම ගමේ කොල්ලො කුරුට්ටන්ගේ නෙත් මේ කෙල්ලන් තිදෙනාට ගියේ නිරායාසයෙන්මය. ඉබේටමය. ඔවුන් තිදෙනා සමග හාදකම් පැවැත්වීමට ගමේ තරුණයන් උත්සාහ දැරුවත් එය ගඟට කැපූ ඉනිමෙන් වූයේ ඔවුන් තිදෙනාම ඉගෙනීමට එකසේ දස්කම් දැක්වූ නිසාය. ඉගෙනීම හැර වෙනත් ලෝකයක් ඔවුනට නොතිබූ නිසාය.


    ගමේ කොල්ලකු මේ කෙල්ලන් තිදෙනාගෙන් මද්දුමීට පෙම් බැන්දේ සිතෙන්ය. ඔහුට ඇය දැක්කත් සනීපය. මේ නිසාම ඔහු ඇය දැකීමට දැක්වූයේ පුදුම ආශාවකි. දැඩි කැමැත්තකි. ඇයගේ කටහඩ ඇසුනත් ඔහුට සනීපය. ඒ සියලු‍දේ සිදුවූයේ හැමට හොරෙනි. සිතෙනි.


    කාලය ගෙවීයද්දීම මේ තරුණියන් තිදෙනාගේ නිදන කාමරය ආසන්නයේ රාත්‍රියට කවුරු හෝ සැරිසරන බවට සලකුණු මතු වෙන්නට පටන් ගත්තේය. ඒ පිළිබඳව සොයා බැලු‍වත් හොල්මන් කරන තැනැත්තා කොටුකර ගැනීමට නොහැකි වූයේය. දවස් ගණන් රාත්‍රියට එළි මහනේ සිට රැක්කේය. ගස් කොළන් උඩ සිට මෙය අල්ලා ගැනීමට රැක්කේය. එදාට ජනේලය අසල හොල්මන් කිරීම සිදු නොවේ. ඒ අනුව මේ නිවසේ උදවිය මෙය භූතයකුගේ වැඩක් යයි සිතුවෝය. 


     මේ සම්බන්ධයෙන් බැලූ සාස්තරයෙන්ද එය කියූ නිසාම නිවැසියෝ එය භූතයකුගේ වැඩක් යයි තවදුරටත් සිතූහ. ඒ සඳහා ගුරුහරුකම් කළද පලක් නොවීය. මෙය ඒ නිවැසියන්ට මහත් හිසරදයක්ව පැවතිණ. මේ භූතයා කොටුකර ගැනීමට දියණියන්ගේ ගේ පියා උපායවල් රැසක් ක්‍රියාත්මක කළේය. ඒ එකක්වත් හරි නොගිය තැන ඊට අපූරු උපායක් යෙදෙව්වේය.


  එදා රෑ සිය දියණියන්ගේ නිදන කාමරයේ ජනේලය ආසන්නයෙන් පුද්ගලයකුගේ මර ලතෝනියක් ඇසුණේය. ඒ සමගම ක්‍රියාත්මක වූ නිවැසියන්ට දැක ගැනීමට හැකි වූයේ සිය ජනේලය අසල වළක වැටී එයින් ගොඩ ඒමට දගලන ගමේ තරුණයෙකි.


 දියණියන්ගේ පියා උපායක් ලෙස ජනේලය ආසන්නයේ කැපූ බොරු වළක ඔහු වැටී සිටියේය. අහල පහළ අයගේද ආධාර උපකාරයෙන් වළේ වැටී සිටි තරුණයා ගස් බැඳ පොලීසියට භාර දුන්නේ ඉන් අනතුරුවය. 


පොලීසියට ඔහු පවසා ඇත්තේ එම නිවසේ මද්දුමීට ඇති ආදරය නිසා ඇයගේ කට හඬ අසනු රිසියෙන් තමා රෑට රෑට හොඳ සෝදිසියෙන් සිට මේ නිවසට පැමිණ ජනේලය අසල සිටින  බවය. දියණියන්ට කරදරයක් හෝ හිරිහැරයක් කිරීමේ අටියෙන් තමා මෙසේ රැඳී නොසිටින බවද ඔහු පොලීසියට පවසා තිබේ. එදායින් පසුව මේ භූතයා තියා වෙනත් කිසිම භූතයකුගෙන්වත් මේ දියණියන්ට කිසිම හිරිහැරයක් සිදු නොවීය.



අදහස් (0)

භූතයා බොරු වළේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 219 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 67 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 760 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site