(වැල්ලම්පිටිය ශාන්ත සෙනෙවිරත්න)
නිවසේ අයට කරදර කරන භූතයකු ඉවත් කිරීමට කට්ටඬියකු දුන් උපදෙස් අනුව තොවිලයකින් පසු හංදියක තැබූ පිදේනි තට්ටුවක තිබූ කාලේ අරක්කු බෝතලය සුළු වේලාවකින් අතුරුදන්වූ පුවතක් තදාසන්න ප්‍රදේශයකින් අසන්නට ලැබිණි.
මෙකී නිවසේ අයට නිතර ලෙඩ හා කරදර පැමිණි තිබේ.
මෙයට හේතුව කුමක්දැයි විමසීමට නිවැසියන් කට්ටඬි මහතකු හමුවූ පසු කියා ඇත්තේ පෙරේත බැල්මක් නිවසට වැටී තිබෙන නිසා එය ඉවත් කිරීමට නම් තොවිලයක් කර පෙරේතයා සැනසීමට ආහාර පාන ඇතුළත් පිදේනි තටුවක් දිය යුතු බවය.
ඔහු දුන් උපදෙස් අනුව සියල්ල කළ නිවැසියන් පෙරේතයා සැනසීමට පිදේනි තටුවක් සකසා තිබෙන අතර එහි කුඩා ප්‍රමාණයේ අරක්කු බෝතලයක් ද කට්ටඬියාගේ උපදෙස් මත තබා ඇත.
තොවිලය අවසානයේ නගරයේ ප්‍රධාන මන්සන්ධියක් අසල මෙම පිදේනි තටුව ප්‍රදර්ශනයට තබා සුළු වේලාවකින් පසු එහි තිබූ කුඩා අරක්කු බෝතලය අතුරුදන් වී ඇත. එහෙත් අනෙකුත් ආහාර පාන තිබූ ආකාරයටම තිබී ඇත.
මෙය දුටු නිවැසියන් කියා ඇත්තේ ‘දැන් ඉතිං කරදරය ඉවර වෙයි. පෙරේතයා අරක්කුවලට තමයි වැඩි කැමති වෙලා ඉන්න ඇත්තේ’ කියා සිත සනසාගෙන ඇත.
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
භූතයන්ට දුන් පිදේනි තටුවේ අරක්කු කාල අතුරුදන්
sampath Wednesday, 20 February 2019 11:13 AM
මෙහෙමත් තක්කඩියෙක්...