IMG-LOGO

2025 මැයි මස 05 වන සඳුදා


බහින්බස් වී රජයේ නිලධාරිනියක් නිලධාරිනියකට සෙරෙප්පුවෙන් ගහලා

වාදයකට නම් දිනා ඇති බස්නාහිර නගරයක ප‍්‍රධාන රාජ්‍ය ආයතනයක නිලධාරිනියන් දෙදෙනකු අතර ඇති වූ ගැටුමකදී මහජනතාව බලා සිටියදීම නිලධාරිනියක් අනෙක් නිලධාරිනියට සෙරප්පු පහරක් ගැසූ බව වාර්තා වේ.

සෙසු සේවකයන් මැදි වී දෙදෙනා වෙන් නොකළේ නම් එක් නිලධාරිනියක් තුවාල ලබා රෝහල්ගත කරන තත්ත්වයට ගැටුම බරපතළ වීමට ඉඩ තිබූ බව සිද්ධිය දුටුවෝ පවසති.

මෙම සිද්ධිය වන අවස්ථාවේදී 50කට ආසන්න එම නගරයේ ජනතාවක් පරිශ‍්‍රයේ රැුඳී සිටි බව වාර්තා වේ. ඒ පැත්තේ ප‍්‍රධාන පුරවැසියාද ඒ සිද්ධිය දැක්කලූ.
දෙන්නා අතර ගැටුම ගාලූ පාර දක්වා ඇසුණු බවද ගැහැණුන් අතර ගැටුම්වලට හේතුව වන සාම්ප‍්‍රදායික වස්තුවක් මෙම ගැටුමටද හේතු වී ඇති බව එම ආයතනයේ සේවකයෝ පවසති.

මින් එක් නිලධාරිනියක් අත යට ගනුදෙනුවලට ප‍්‍රසිද්ධියක් උසුලන බවත් සේවා ගැනීමට පැමිණෙන ප‍්‍රදේශයේ ජනතාව දැඩි අපහසුතාවට පත්කරන බවත් තතු දන්නෝ පවසති.



අදහස් (0)

බහින්බස් වී රජයේ නිලධාරිනියක් නිලධාරිනියකට සෙරෙප්පුවෙන් ගහලා

ඉසුරන්දි Tuesday, 01 July 2014 09:55 AM

කොහොමත් ඔහොම තැන්වල රාජකාරියට වඩා ඕපාදුප වලට තමයි මුල් තැන. පොඩ්ඩ එහා මෙහා වෙද්දී මරාගන්නවා (නදී)

:       0       0

පුරවැසියා Friday, 27 June 2014 04:59 PM

පානදුරා වාදය. (දී)

:       0       0

ශාන්ති Saturday, 28 June 2014 01:10 PM

මොකක්ද අනේ මේ හැමෝම කියන පානදුරා වාදය අපටත් ටිකක් පැහැදිලි කරන්නකෝ (දී)

:       0       0

නෙලුම් Sunday, 29 June 2014 08:07 AM

ශාන්තියට දොස් කියලා වැඩක් නැහැ . කලකට පෙර සමාජ අධ්‍යනය විෂය මාලාවේ තිබුන ඉතිහාස කොටස අයින් කළා . සමහරවිට ශාන්ති පාසලේ ඉන්න ඇත්තේ ඒ කාලයේ වෙන්න ඇති. (දී)

:       0       0

හේමචන්ද්‍ර Friday, 27 June 2014 09:52 AM

මේවා ලෝකේ හිනස්සවන වැඩ (දී)

:       0       0

ජයන්ත Friday, 27 June 2014 09:57 AM

දැන් දිගටම සිදු වෙන්නේ රජය සහ රාජ්‍ය සේවය අපකීර්තියට පත් වෙන දේවල් තමා. එහෙන් ඇමතිවරු මහා ඇමතිවරු පාසල් උත්සව වල බැන ගන්නවා. අනෙක් පසින් රාජ්‍ය සේවයේ බවලතුන් කෙහෙවලු පටලවාගෙන . (දී)

:       0       0

ජනක Friday, 27 June 2014 10:00 AM

ඉවසීමක් නැති කම (දී)

:       0       0

නිහාල් Friday, 27 June 2014 10:02 AM

සම්ප්‍රදායික වස්තුව කියනකොට සිහියට නැගෙන්නේ අපේ නැන්දම්මයි!. (දී)

:       0       0

රවිඳු Saturday, 28 June 2014 02:22 PM

ශාන්ති ඔබ මොන්ටිසෝරියෙන් එහාට ඉගෙන ගෙන නැද්ද? පොතක් පත්තරයක් ජීවිතේට කියවල නැහැ වගෙයි පෙන්නේ. (දී)

:       0       0

රංජන් Friday, 27 June 2014 06:34 PM

පානදුරය පානදුරා වාදය නිසා ප්‍රසිද්ධ වුනේ. (නදී)

:       0       0

කුමුදු Friday, 27 June 2014 10:41 AM

නියමෙට තියෙන්න ඇති (දී)

:       0       0

සමන්ති Friday, 27 June 2014 07:10 PM

ඇයි.පානදුරා වාදය (දී)

:       0       0

දමයන්ත Friday, 27 June 2014 11:15 AM

ගහන්න ඇත්තේ එහෙනං සුවර් එකට අතයට ගනු දෙනු කරන කෙනා. (නදී)

:       0       0

අතුල Friday, 27 June 2014 07:54 PM

වාදයට නම තියෙන්නේ පානදුරේනේ. (නදී)

:       0       0

සෑම් Friday, 27 June 2014 11:44 AM

වාදයට නම් ඇති බස්නාහිර නගරයක් ගැන නම් මම මේ ඇහුවාමයි. (ස)

:       0       0

අනූ Friday, 27 June 2014 11:45 AM

අපේ රටේ මිනිස්සු එකිනෙකාට ගෞරව කරන්නෙම නෑ. (ස)

:       0       0

පහන්දි Monday, 30 June 2014 06:15 AM

බුදු රත්තරන් සමදරා අක්කේ හිටියා ඇති දැන් එන්න (දී)

:       0       0

බිනලි Wednesday, 02 July 2014 11:47 AM

කෙහෙවලු පටලවා ගැනීම රාජ්‍ය අංශයේ කොහොමත් තිබෙන දෙයක්. (දී)

:       0       0

රවින්ද්‍ර Sunday, 29 June 2014 12:12 PM

මාරු වැඩේ බලන් ඉන්න කට්ටියටයි සතුටු (දී)

:       0       0

චන්දි Tuesday, 01 July 2014 11:34 PM

මොකද දිසා, රූපාගේ නමින් ලියන්නේ? ඔයාගේ නමින් ලියන්න. (නි)

:       0       0

ලලිත් - Friday, 27 June 2014 12:22 PM

අනේ ද කියන්නේ ?? ඔහොම හොදද ?? (දී)

:       0       0

චන්දි Tuesday, 01 July 2014 11:42 PM

මැද පෙරදිග සිට දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ලොකු සටනක් කරන අපි මෙම පුවත්පත කියවා අදහස් ලියා ලොකු වින්දනයක් ලබනවා. නමුත් සර්පයින් වැනි අය මෙහි ඇති සතුට නැති කිරීමට අදහස් පළකරනවා (නි)

:       0       0

ජෙහාන් Friday, 27 June 2014 12:31 PM

බෙදා ගන්න බැරි වුන සම්ප්‍රදායික වස්තුව කිව්වේ, ....තලත්තානි ආයතන ප්‍රධානියෙක් වත්ද ? (නදී)

:       0       0

චමින්ද Saturday, 28 June 2014 05:09 PM

ශාන්ති, මේකට හේතුව වුනේ "ඉතිහාසය" නමැති විෂය ඉස්කෝලවලින් අතුගා දැමීමයි. දැන් ඉතින් ගිය නුවන ඇතුන් ලවාවත් අද්දවන්න බැරි වේවි.අදම ගිහින් පුස්තකාලයකින් මිගට්ටුවත්තේ ගුණානන්ද හාමුදුරුවන්ගේ " පානදුරා වාදය " පොත කියවන්න. (දී)

:       0       0

රාමා Saturday, 28 June 2014 02:12 AM

ඔය කියන්නේ පානදුර වාදය ගැන වෙන්න ඇති(දී)

:       0       0

ශ්‍රී ගැමුණු Saturday, 28 June 2014 05:29 PM

ශාන්ති නානවා නේද ? ගම නුවරද. (දී)

:       0       0

නිල් රණසිංහ Wednesday, 02 July 2014 01:02 PM

බලන්න දැන් මෙතන කමෙන්ට්ස් වලට යන වාදේ. ඕකනේ අපිට වෙලා තියෙන්නේ. (දී)

:       0       0

ශාන්ති Saturday, 28 June 2014 06:02 PM

අඩුම ගානේ මට මොන්ටි සොරියටවත් යන්ඩ බැරි උනා රවිදු (දී)

:       0       0

තේජාන්විත Monday, 30 June 2014 09:16 AM

අපරාදේ බේරුවේ දෙන්නටම මස ගානක් ඉස්පිරිතාලේ ඉන්න ගහගන්න අරින්න තිබ්බේ . (දී)

:       0       0

අජිත් අල්විස් Saturday, 28 June 2014 06:20 PM

වාදේ දුරදිග ගිහිල්ල (දී)

:       0       0

කාරි Saturday, 28 June 2014 08:07 AM

පානදුරේ නේද ? (නදී)

:       0       0

අජිත් කරුණාරත්න ලියනගේ Saturday, 28 June 2014 08:13 AM

මොට්ට රාල ඕකත් දන්නේ නැද්ද? මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්ගේ " පානදුරා වාදය" (නදී)

:       0       0

තිස්ස Tuesday, 01 July 2014 03:27 PM

කාන්තාවන්ගේ ප්‍රශ්න වලට පිරිමි අපි සම්භන්ද වෙන්නේ නැහැ (දී)

:       0       0

රූපවතී Tuesday, 01 July 2014 03:27 PM

රත්තරන් සමදරා අක්කට බනින්න එපා චන්දි, ඔයානෙ දැන් නම වෙනස් කරගෙන තියෙන්නේ පහන්දි කියලා, මුහුණ දෙන්න බැහැ නේද නංගි? (දී)

:       0       0

චමින්ද Saturday, 28 June 2014 08:15 AM

මම නම් වාදයට ප්‍රසිද්ධ ගමක් ගැන දන්නේ පානදුරේ ගැන විතරයි.ඒ පානදුරා වාදය නිසා. (ස)

:       0       0

ටෙනිසන් Saturday, 28 June 2014 08:18 AM

සෑම් ලාංකිකයෙක්ද ? රටේ සමහර ප්‍රශ්න වලට හේතුවත් ඉතිහාසය නොදත් කම . (ස)

:       0       0

ඉංග්‍රීසි පන්තිය Monday, 30 June 2014 10:04 AM

මේක ඇවිල්ල අපේ රටේ මුළු සමාජ ක්‍රමයේම පිරිහීමක් ආගමික නායකයින් දේශපාලකයින් පාසැල කැම්පස් මේවට වග කිවයුතුයි (දී)

:       0       0

ජෙහාන් Friday, 27 June 2014 02:17 PM

බෙදා ගන්න බැරි සම්ප්‍රදායික වස්තුවක් කිව්වේ , තලත්තානි ආයතන ප්‍රධානියෙක් වත්ද ? (නදී)

:       0       0

නිහාල් Saturday, 28 June 2014 09:14 AM

ඇයි පානදුරාවාදය (නදී)

:       0       0

හෂාන්-මෙල්බෝර්න් Saturday, 28 June 2014 09:35 AM

පානදුරා වාදයද? (නදී)

:       0       0

අමල් Tuesday, 01 July 2014 05:17 PM

මොනවද මේ සිද්ධ වෙන්නේ? මට නම් තේරෙන්නේ නැහැ. කොහොම වුණත් බවලතුන්ගේ ප්‍රශ්න තිබෙන තැන් වලින් කකුල් දෙකට වැඳලා දුවන එකම හොඳයි. (නි)

:       0       0

සිරා Saturday, 28 June 2014 09:21 PM

රවිදු පරිස්සමින් සෙරප්පු වලින් කන්න වෙයි. (දී)

:       0       0

තුෂාරි Monday, 30 June 2014 11:07 AM

කාන්තාවන්ටත් එක්ක ලැජ්ජාවක් (දී)

:       0       0

රවිඳු Tuesday, 01 July 2014 05:38 PM

මොනවා වුණත් ශාන්ති අක්කා නොදන්නා එක පිළිගත් එකත් ලොකු දෙයක්. (නි)

:       0       0

ජෙහාන් Friday, 27 June 2014 03:14 PM

සම්ප්‍රදායික වස්තුවක් යනු තලත්තානි ප්‍රධානියෙක් වත්ද ? (නදී)

:       0       0

චාන්දනී Friday, 27 June 2014 03:18 PM

වාදයකට ප්‍රසිද්ධ ඉතින් පානදුරාවාදය පැවති පානදුර ඇරෙන්න වෙන ප්‍රදේශයක් නම් සිහි වෙන්නේ නැහැ. (නදී)

:       0       0

සෝමතිලක Monday, 30 June 2014 05:43 PM

ඇති ඔයින් ගියා ගැහැණු ගැහැණු රණ්ඩු වෙනකොට බලන් ඉන්න ටිකක් විතර ලැජ්ජයි (දී)

:       0       0

පද්මේන් Friday, 27 June 2014 03:34 PM

අයියෝ සෑම් පානදුරාවාදය දන්නේ නැද්ද. (දී)

:       0       0

ජගත් Friday, 27 June 2014 03:34 PM

පානදුරාවාදයක් ගැන මෑත ශ්‍රී ලංකා ඉතිහාසයේ තියෙනවා සෑම්.(දී)

:       0       0

පහන්දී Monday, 30 June 2014 11:48 AM

පහන්දී කියල බොරුවට මගේ නමින් අදහස් ලිව්වට, කමක් නැහැ මොකද මං දන්නවා මෙතන වෙච්ච හැමදෙයක්ම. දැන් සභාවට මුහුණ දෙන්න බැරි නිසානේ ඔහොම කරන්නේ. (නදී)

:       0       0

අමිල Friday, 27 June 2014 03:42 PM

සෑම් පානදුර වාදය ගැන අහලම නැද්ද (දී)

:       0       0

ගාමිණී - සිරි Friday, 27 June 2014 04:16 PM

සෑම් මල්ලී ..වාදයකට නම් ඇති නගරයක වාදය නම් පානදුරා වාදයයි.i ..පානදුර..පානදුර ! (නදී)

:       0       0

චාන්දී Sunday, 29 June 2014 07:41 AM

ඉවසීම 0 ඒ නිසා තමයි ඔහොම වෙන්නේ (දී)

:       0       0

සුසිලා Friday, 27 June 2014 04:47 PM

මිනිස්සු ඉස්සරත් ඔහොම තමයි ගණන් ගන්න එපා (දී)

:       0       0

දිලි Saturday, 28 June 2014 12:57 PM

රජයේ ආයතන වල කාන්තාවන්ගේ පුදුම ගනකමක් තියෙන්නේ . වැඩක් කරගන්න ගියාම මිනිස්සුන්ට කතා කරන්න දන්නේ නැහැ . (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

හිතේ සහනයට අපූරු විසඳුමක්
2025 මැයි මස 05 169 0

තනිකඩ වියේ පසුවන ගුරු මාතාවක මිලදී ගත් මෝටර් රථයක් මානසික සුවය පතා ගත් සැණින් විකුණා දැමු පුවතකි. සිද්ධිය ඇසෙන්නේ මහවැලි ජනපද ගම්මානයට අයත් ප්‍රදේශයක


උදවු කරන්න ගිහින්න නට්ටම් වෙලා
2025 මැයි මස 02 693 1

නිවසට සිඟමනේ පැමිණි කතකට පුතා උදව් උපකාර කළ අයුරු දැක මවුපිය දෙදෙනා නට්ටම් වූ පුවතක් කලාවැව අසල ගම්මානයකින් අසන්නට ලැබෙයි.


‘‘පොෂ්’’ වෙන්න ගිහින් පටිරෝල් වෙලා
2025 මැයි මස 01 801 0

මුහුදු මාළු ගැනීමට ගොස් අනුන්ට පේන්නට ප්‍රදර්ශනය කළ තම ‘‘මහන්තත්තකම”‍ බිංදුවට වැටුණු උඩඟු‍ කාන්තාවක පිළිබඳ අපූරු කතාවක් කැබිතිගොල්ලෑව සතිපොළ ප්‍ර


ලිස්සන ගහට සල්ලි නොදී ලිස්සා ගිහින්
2025 අප්‍රේල් මස 30 670 0

අලු‍ත් අවුරුදු උත්සවයක් සදහා ලිස්සන ගසේ නැගීමේ තරගය සඳහා අනුග්‍රාහක ත්‍යාග මුදලක් ලබා දීමට පොරොන්දු වී එයින් ලිස්සා යෑමේ පුවතක් මහනුවරට නුදුරු ප්‍රද


ඉඟිය වැරදී අවුරුදු උළෙලේ ජරමරයක්
2025 අප්‍රේල් මස 29 1245 0

සැඟවුණු අමුත්තා සැඟවී සිටින තැන් සැඟවුණු භාෂාවෙන් නිවේදකයා යකඩ කටින් කියද්දී අවුරුදු උත්සවය නරඹන්නන්ට සැඟවී සිටීමට සිදුවූ අපූරු ගාලු‍ දිසාවේ ගමකින


යතුරු මාරු වී ජංජාලයක්
2025 අප්‍රේල් මස 28 723 0

අවුරුද්දට මුල් නිවසට පැමිණි දරුවන් දෙදෙනකුට තම නිවෙස්වල යතුරු මාරු කරගෙන යාම නිසා සිදු වූ අලකලංචියක් පිළිබඳව පුවතක් දකුණ හා රජරට පළාත් අතරින් අසන්නට


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 681 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 175 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1206 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site