IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


බස් රියේදී මිතුරියට තට්ටුවක් දැම්මාම කනේ පහරක්

කරන්දෙණිය-එම්. සුසිල් පියන්ත
බසයේදී කාලයකින්  හමුවූ පාසල් මිතුරියට පොඩි විහිළුවක් කර ලොකු අමාරුවක වැටුණු අයකු ගැන දකුණේ ගමකින් අසන්නට ලැබේ.


පාසලේ පංති කාමරයේදී ඔවුනොවුන් හැසුරුණේ මිතුරු, මිතුරියන්ටත් වඩා එහා ගිය බැම්මකිනි. එය සහෝදර බැඳීමක් මෙනි. පාසලේදී මෙන්ම ඉන් බැහැරවත් මේ බැඳීම නම් වෙනස් වූයේ නැත.


පාසල් සමයෙන් පසුවත් වසර කිහිපයක් යන තෙක්ම මේ බැඳීම පැවැතියේය. පවුල් පන්සල් වීමත් සමගම මිතු දම ගිලිහී යමින් පැවතියේ ඔවුනටත් නොදැනීමය.


මේ අල්ලපනල්ලේ කාලයකට පසු මේ මිතුරු සංසදයේ සිටි ඔහුට බස් රථයේදී පාසල් මිතුරියක හමුවිය. ඇය දැකීමෙන් ඔහුගේ සතුට නිම්හිම් නැතිවිය. පාසල් කාලයේදී දුටුවාටත් වඩා ලස්සනක් ඔහු ඇයගෙන් දුටුවේය. වසර ගණනාවකට පසුව වුවද ඔහුට ඇය හඳුනාගත හැකිවූයේ ඇයගේ කන ආසන්නයේ තිබූ උපන් ලපය නිසාය. මුඛ ආවරණයක් පැළඳ සිටි නිසා ඇයට ඔහු හඳුනා නොහැකි විය.


මේ නිසා ඔහු ඇයට පොඩි විහිළුවකට මෙන් සෙනග පිරි බසයේ සිටි ඇයගේ උරයට පොඩි තට්ටුවක් දමා අහක බලා ගත්තේය. ඒ සමගම ඔහුගේ කන පුරවා ඇය පහරක් ගැසුවේ බසයකවත් යන්න දන්නේ නැති අවලමෙක් කියමිනි. ඇයට අලගු තබමින් බසයේ සිටි පිරිසකුත් ඔහුට නෙළන්නට එකතු වූහ.


වළලු‍ දැමූ අතින් වැදුණු කනේ පහරින් උතුර දකුණ මාරුවී ගිය ඔහු වහාම මුඛ ආවරණය ගලවා තමාගේ නම කියමින් ඇයගේ නම අමතා කතා කර කීවේ තමා පරණ මිතුරකු බවය. ඔහු හඳුනාගත් ඇයට ද කරගන්න දෙයක් නොමැති විය. මේ මගේ හොඳ යහළුවෙක් වැරදිලයි මට මෙහෙම වුණේ යයි ඇය කීවේ ඔහුගෙන් සමාව ඉල්ලමිනි.



අදහස් (1)

බස් රියේදී මිතුරියට තට්ටුවක් දැම්මාම කනේ පහරක්

රිතික් Saturday, 26 November 2022 09:17 PM

මම නම් කවදාවත් බස් රියේදී අතින් තට්ටු දාන්නේ නෑ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 69 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2016 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1562 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site