IMG-LOGO

2025 ඔක්තෝබර් මස 26 වන ඉරිදා


බස් මගියාගේ “ගේම” අතේ පත්තුවෙලා

කොළඹ සිට තංගල්ල බලා ධාවනය වූ සීඝ්‍රගාමී බස් රථයක් වෙරළබඩ ආපන ශාලාවක නවතා යළි ගමන් අරඹත්ම එහි වූ මගියකු කෑ ගැසුවේ තම ආසනය අසල වූ මගියකු පැමිණ නැති බවය. ඔහු තංගල්ල දක්වාම ටිකට් ගත් අයකු බවද කියැවිණි.


රියැදුරා නැවත වහා බසය පාර අයිනේ නවතා කොන්දොස්තර ආපන ශාලාව වෙත යැවුවේ මගියා ගැන තොරතුරක් සෙවීමටය.


ඔහු එහි යනවිට එම මගියාත් ආපනශාලා හිමිකරුත් අතර ගැටුමක් නිර්මාණය වී ඇති බව පෙනිණ.


“අන්තිම මොහොතේ දාහෙ කොළේ දීල කලබලේට මාරු කරගන්න හැදුවම මම මේක හිතුවා.” මහ හඬින් කී ආපනශාලා හිමිකරු “මෙයා හොර දාහෙ කොළයක් මාරු කරන්න ආවා. මම පොලිසියට කෝල් කළා. මහත්තයල යන්න.” කොන්දොස්තරට කීවේ ස්ථීර හඬිනි.


මේ සඳහා මගියාගේ කැමැත්ත ගෙන ඔහු ආපසු දිව විත් මේ ගැන රියැදුරුට සහ මගීන්ට කී විට එක් මගියකු කීවේ ඔහු බස්රථයට දී ඇති මුදල ද පරීක්ෂා කරන ලෙසට ය. වහා තම මුදල් පරීක්ෂා කළ කොස්දොස්තරට තරු පෙනුණේ හොර රුපියල් දහසේ කොළයක් එහි ද ඇති බව හැඟුණ හෙයිනි. 

(තිහගොඩ උපසේන ලියනගම)



අදහස් (0)

බස් මගියාගේ “ගේම” අතේ පත්තුවෙලා

රාධා Friday, 26 August 2016 11:16 PM

රුපියල් 5000 කොළ මිටියක්ම පසුගිය කාලේ ප්‍රසිද්ධ කාන්තාවක් බැංකුවට දාල අහුවුණාලු නේද? මොකද වුණේ? (නි)

:       0       0

උදය Saturday, 27 August 2016 12:31 AM

අභය, පුත්තලම තියෙන්නේ ලංකාවේ බව ඇත්ත. එ්ත් පුත්තලම ප්‍රසිද්ධ මොනවාටද කියලා අමතක වුණාද ඔයාට? (නි)

:       0       0

ජයරත්න Thursday, 25 August 2016 06:29 AM

පිටබැද්දර ජයා, ඒවාට ඉතින් නිසි දඬුවම් දීමට ක්‍රියානොකළ එක පසුගිය රජයේම වැරදි තමයි. (නි)

:       0       0

මහේෂ් Thursday, 25 August 2016 06:52 AM

ජයරත්නගේ ගම් පළාත කොහෙද? පුත්තලම පැත්තේද? අැයි දැන් මේ යහපාලනය අාවේ ඕවා අල්ලන්න නේද? කලින් ආණ්ඩුව හොඳ නැති හින්දනේ මේගොල්ලෝ අාවේ. එහෙම නැතුව කලින් කරපුවා කියලා ඇඟ බේරගන්න නෙමෙයිනේ. ජයරත්නල වගේ අය ඉන්නකම් ඉතින් ලංකාවේ දේශපාලකයන්ට රජ මඟුල් (නි)

:       0       0

විජේරත්න Sunday, 28 August 2016 01:45 PM

ආ! ඔය අර සිල්ලර කාසි ටෙලිනාට්‍ය බලපු කෙනෙක් වෙන්න ඇති (නි)

:       0       0

අබය Thursday, 25 August 2016 11:24 PM

මහේෂ්, පුත්තලම තියෙන්නෙත් ලංකාවේ. ඔයා ඉන්නෙත් ලංකාවේ.ඔයා පුත්තලම වගේ ගම් වලට කැමති නැත්නම් මේ රටින් පිට ගිහින් ජීවත්වෙන්න. ඒ පුත්තලම මේ රටින් පිටකරන්න බැරි නිසා.මේ පුංචි රටේ කොතනත් සමාන විදියට හිතන්න පුරුදු වෙන්න. (නි)

:       0       0

රාමා Thursday, 25 August 2016 02:46 PM

මේ කොලේ ගහල තියෙන්නේ පහුගිය අාණ්ඩුවෙන්ද ඔක්කොම පහුගිය රජයට දාන්නේ ඇයි දාහේ කොලේ ගහල තියෙන්නේ මේ ආණ්ඩුව කාලේ (බ)

:       0       0

සෑම් Friday, 26 August 2016 09:24 AM

අභයට පුත්තලම ගැන මතක් කරනකොට තද වෙන්නෙ මොකද හැබැටම. මහේෂ් කිව්වේ ඔයාල අකමැති වුනාට අද පාලකයෝ රටකරවන විදිය තමයි. (බ)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 25 August 2016 03:11 AM

පුදුම හොරුනේ දැන් කාලේ ඉන්නේ (නි)

:       0       0

බණ්ඩාර- කැකිරාව Thursday, 25 August 2016 09:49 AM

පිටබැද්දර ජයා,මේ ගැන මොකුත් නොකියා හෙමිහිට ලිස්සලා ගිහින්. මම නම් කියන්නේ කොන්දොස්තර මහත්වරුන්ටත් අර හොර සල්ලි හඳුනාගන්නා උපකරණයක් දියයුතුයි. (නි)

:       0       0

කුමාර් Thursday, 25 August 2016 09:57 AM

බොරුවට ආයුෂ කෙටියි (නි)

:       0       0

රෝහණ Thursday, 25 August 2016 10:09 AM

මහේෂ්, මෝඩකම තිබුනට ඒවා ඔප්පු කරන්න හදන්න එපා. (නි)

:       0       0

ජගත් Thursday, 25 August 2016 11:03 AM

ජයරත්න හරි.(හේ)

:       0       0

ගුණවර්ධන Saturday, 27 August 2016 10:11 AM

උදය පුත්තලම ප්‍රසිද්ධ බුරුවන්ට නමුත් අපේම කකුල් දෙකේ බුරුවන් මේ සත්තු මරන් කාල දැන් බොහොම අල්පයක් තමයි ඉතුරු වෙලා ඉන්නේ (බ)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Thursday, 25 August 2016 06:56 PM

කවුරුහරි හොරෙක්, වංචාකාරයෙක් රුපියල් දාහේ හොර නෝට්ටු බෙදාහැරියත්, ඒකට බනින්නෙත් යහපාලන රජයට. මෙහෙමත් රටක්. මෙහෙම මිනිස්සු අල්ලලා යවන්න ඕනෑ නාසා ආයතනය සොයාගත් ආලෝක වර්ෂ 4.2ක් දුරින් තියෙන අලුත් ග්‍රහලෝකයටම තමා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1425 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1299 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 468 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site